20

66 4 3
                                    

"සනූ.... මැණික..."

රෝහල් කාමරයට ඇතුල් වෙද්දිම දේශාන්ට කියවුනේ කා⁣ලයක් තිස්සෙ දැකගන්න පෙරුම් පුරපු රුව දැකලා.

"දේශ්"

ඒත් මෙවීනාගෙන් පිට උනේ මලානික ප්‍රතිචාරයක්...

"හැමදේම හරි හැමදේම හරි මැණික... මං වැරදි.... මට තිබ්බා ඔයත් එක්ක ඉන්න.. මට සමාවෙන්න මැණික."

දේශාන් කිව්වෙ මෙවීනාව තරයේ තුරුල් කරගන්න ගමන්.. හරියට මෙලොවෙන් මතුවටත් තමන්ගෙ තුරුලෙන් මෙවීනාට ඈත් වෙන්න දෙන්නෑ කියන්න වගේ තදට මෙවීනාව දේශාන් තුරුලු කරගත්තා.

"මට ආරංචි උනා...හැමදෙයක්ම... අමීෂාවත් ඇරස්ට් කරානෙ!"

"ඒ ඔක්කොම ඉවරයි මැණික.. අපි දෙන්නට අද ඉදන් අලුතෙන් පටන් ගන්න පුලුවන්... කව්රුත් නෑ අපිට රිද්දන්න... ඒ හැමෝම ගියා...."

"අපේ දරුවා.... ඔයා එයාව දකින්න ඕනෙ දේශ්... "

'අපි' විශ්වාස කරන්න.... 'අපි' හැදෙන්නෙත් 'මම' කියලා දෙන්නෙක් එකතු වෙලා.. ඒක හින්දා 'මම' ඉන්නෙ කොතැන එතන අප්‍රාණවාචී පදයක් විදියට හරි 'අපි' ඉන්නවා.

වීදුරු පෙට්ටියක් ඇතුලෙ හිටිය ඒ පොඩි කිරි කැටියව දකිද්දි දේශාන්ගෙ හිත පීතෘ සෙනෙහෙන් පිරිලා ඉතිරිලා ගියා.. තමන්ට නොලැබුන සෙනෙහස මේ දරුවට දෙන්නෝනෙ කියලා දේශ් තරයෙ හිතා ගත්තා...

මෙවීනාගෙ මාතෘත්වයේ නාමයෙන් එරෙන කිරි යන්ත්‍රයක් ආදාරයෙන් ඉවත් කරද්දි දේශාන්ගෙ පීතෘත්වයේ සෙනෙහෙස කදුලු විදියට එලියට ආවා...

"මං බලං හිටියා කවදා හරි ඔයාගෙ ඡායාවක්වත් මට දකින්න ලැබෙන්න කියලා.."

"මං දැන් ඔයා ළඟ සනූ..කාටවත් ඒක වෙනස් කරන්න බෑ"

"මට තරහයි ඔයත් එක්ක... ඔයා හින්දා මං විදෙව්ව තරම දන්නෙ මං විතරයි..ඒත් ස⁣හේෂ් මරණින් පස්සෙ මං තේරුම් ගත්තා මං වැරදියි කියලා.. මට තිබ්බෙ අන්තිම කාලෙ හරි සහේෂ්ට සමාව දෙන්න... එයා මං වෙනුවෙන් එයාව නැති කරගත්තා.. ඔයා මං වෙනුවෙන් මේ හැමදේම නැති කරගත්තා... ඒ ඔයාට මාව විශ්වාස හින්දා... ඒත් මම... ඔය දෙන්නටම වෛර කරා... මං සහේෂ්ව සාධාරණීකරණය කරන්නෙ නෑ.. ඒත් එයා අවසාන කාලෙ හරි මගෙ ජීවිතේ බේරුවා.. ඒකට මට ස්තූතියි කියන්නවත් හම්බුනෙ නෑ.. මං ඒකට පසුතැවෙනවා."

ආත්ම|ATHMA||✔|Where stories live. Discover now