10

48 7 1
                                    

"මෙවී... just..."

"සහේෂ් ප්ලීස් මේ සෙල්ලම නවත්තන්න... දේශාන් කවදාවත් ඔයාට දෙන්නෙ නෑ මාව ආරක්ෂා කරන්න.. මට තවත් ඔයාව විශ්වාස කරන්න බෑ"

ඒ අන්තිම අවස්ථාව කියලා සහේෂ් දැනගෙන හිටිය නිසා පුලුවන් උපරිම උත්සහ කරා මෙවීනාගෙ අදහස වෙනස් කරන්න ඒත් ඒකට පරක්කුයි... දේශාන් වැරදියි... මෙවීනාගෙ හිතේ සහේෂ් වෙනුවෙන් තිබුන දශමාංශ ආදරයත් කොහේ හරි අතුරුදහන් වෙලා.

එදා හරි මූසල රාත්‍රියක් කියලා මෙවීනාට හැම අතින්ම හිතුනා. ටවුමක ඉන්නවයි කියලා හිතන්න බැරි උනත් උලමෙකුත් කෑ ගහන හඩ ඇහුණා. මෙවීනා ගෙදරින් එලියට බැස්සෙ එලියෙ කොහේට හරි ගිහින් හිත සන්සුන් කරගන්න..

අත් බෑගයට අලුතෙන් ගත්ත නවල් එක දාගෙන මෙවීනා එලියට ආවෙ ටවුමෙ මෙවීනා ආසම කරපු පාක් එකට යන්න.

"කොහෙද මෙවීනා මේ රෑ යන්නෙ?"

"පාක් එකට.."

"හ්ම් ඉක්මනට එන්න."

පාක් එක හත හමාර වෙද්දි වහනවා කියලා මෙවීනාට මතක් උනේ එතකොටයි.. කලක් හරි ආදරේ කරපු පස්සෙ වෛර කරපු ඒත් හිත අස්සෙන් තවමත් ආදරේ කරන වෙරලට යන්න තීරණය මෙවීනා ගත්තා.

ගොඩක් රෑ වෙලා හින්දා ජනශුන්‍ය වෙලා වෙරලතීරය.... කෘතිම බල්බයි හද එලියයි එකිනෙකාව පරයන්න උත්සහ කරත් හදෙන් එන සිසිලස හමුවෙ බල්බ පරාජය උනා..

බල්බ එලිය හොදට වැටෙන මුහුද පැහැදිලිව පේන තැනකින් මෙවීනා ඉද ගත්තා. ඊට පස්සෙ රළ බිදෙන හැටි බලාගෙන දිග හුස්මක් ගත්තා.

පිටිපස්සෙන් ආවෙ කව්ද කියන්න මෙවීනා දැක්කෙ නෑ. දැක්කත් මෙවීනා එතකොටත් පරක්කු වැඩියි.
ක්රොෆෝමින් ගද නහය අස්සෙන් ගිහින් පෙනහලු වලටම වදිද්දි මෙවීනාට බැරි උනා තවත් ඇස් ඇරන් ඉන්න... හීනෙන් වගේ අත පය ලණුවකට කැපෙන වේදනාව දැනුනත් මෙවීනාට බැරි උනා ඒවගෙන් බේරෙන්න.

"දේශාන් මට සමාවෙයන්.. බන් මට සමාවෙයන්... මට මෙවීව ⁣බේරගන්න බැරි උනා.. උන් දැන්...."

අව්රුදු කීපෙකට පස්සෙ මෙවීනා වෙනුවෙන් සහේෂ්ගෙ ඇස් වලින් කදුලක් වැටුනා.. දේශාන්ගෙ හිතත් කෑ මොර දෙමින් හඩා වැටුනත් තමන් මේ මොහොතෙ ශක්තිමත්ව  ඉන්න ඕනෙව තිබුනා.

ආත්ම|ATHMA||✔|Where stories live. Discover now