06

57 6 0
                                    

"මේක බීලා ඉන්න"

මෙවීනා සුප් එකකුත් හදාගෙන දේශ් ගාවට ආවා..

"Don't waste your time on me Sanu"

"That's alright... desh.. ඉක්මනට හොද වෙන්න"

'මට ඉන්නෙ ඔයා විතරයි' කියලා කියන්න හිතුනත් මෙවීනා කිව්වෙ නෑ.. මෙවීනාගෙ හදවත මේ තරම් වේගෙන් දේශ් ළඟ ගැහෙන්නෙ ඇයි කියලා හිතාගන්න බැරි උනා.

මෙවීනාගෙ ඇනෙක්සිය ඇතුලට අදුර වැටිලා තිබුනෙ එලියෙ ධාරානිපාත වර්ෂාවක් තිබුන ⁣නිසා.. දේශ් සුප් එක බොන ගමන් ජනේලෙන් පේන වැස්ස දිහා බැලුවා.

"අද හෙට නවතින්නෙ නැති පාටයි."

"පලාතක් දෙකක් යට වෙනකල් ඕක නවතින්නෙ නෑ."

මෙවීනා වැඩිපුරම ආස කරන දේ වැස්ස වෙද්දි දේශ් අකමැතිම දේ වැස්ස වෙලා තිබුනා.මොන දේ කොහොම උනත් , ⁣ධෛවය හරි අපූරු විදියට මෙවීනාගෙ කතාව ලියලා තිබුනා කියලා හිතෙනවා. පුංචිම දේ පවා ගැලපීම් වෙලා තියෙනවා වගේ මට තේරුනා. සමහර දේවල් මෙවීනාගෙ ආත්මෙ විනාශ කරත් වර්තමානෙ මෙවීනා සතුටින් කියලා මෙවීනාට වගේම මටත් හිතුනා.

සති කිහිපයක් හර් වේගෙන් ගත වෙලා ගියා..  එක්සෑම් එක්ක දේශාන් වගේම මෙවීනාත් බිසී උනා.. එක්සෑම් එක ගැන ලොකු තැකීමක් නොකරපු මෙවීනා මේ වතාවෙ පාඩම් කරේ දේශාන්ගෙ බල කිරිල්ලට..

"Hey what's up?"

දවසක් රෑ ආව සුපුරුදු ඇමතුමක් ඒ.

"Nothing desh... මට කම්මැලියි.!"

මෙවීනා කිව්වෙ ජනේලෙ අස්සෙ සරසර ගගා වහින වැස්ස දිහා බලාගෙන.

"මම එන්නද?"

"මේ වැස්සෙ?"

මෙවීනා පොඩි හිනාවකුත් එක්ක ඇහුවා.

"ඔව් ඇයි? මට බැරිද?"

"No... මං කිව්වෙ ⁣මට ඕනෙ මේ වැස්සෙ කාත් එක්ක හරි තෙමෙන්න... you know දේශ්... මට කාලෙකින් ජීවිතේ විදින්න බැරි උනා."

"ඉතින් ඒක තමයි ළමයො මං එන්නද කියලා ඇහුවෙ."

"ඔයාට පුලුවන්ද?"

"ඇයි බැරිද? රෙඩි වෙලා ඉන්න. මං විනාඩි පහලවෙන් ඔතන."

දේශ් ඒ ටික කියද්දි මෙවීනාගෙ මූණෙ හරි ලස්සන අව්‍යාජ හිනාවක් මැවුනා..

ආත්ම|ATHMA||✔|Where stories live. Discover now