17

31 4 1
                                    

මාස තුනකට පසුව..

හැමදේම හොදින්!

අපි දැනට එහෙම හිතමු.. උදේට ඉර පෑව්වා හවසට ඉර බැස ගියා.. අලුතෙන් කියලා දෙයක් සිද්ධ උනේම නැති තරම්..

"පරිස්සමින් ඉන්න... මං ඉක්මනට එනවා ok"

"Ok ok desh..."

මෙවීනා කිව්වෙ දැනට දහපාරකට වඩා එකම දේ කියෙව්ව නිසා.. දේශාන්ගෙ හිත කලබල වෙලා තිබුනෙ තමන්ගෙ ඩැඩීගෙ ගෝලයො මෙවීනාව follow කරනවා තියලා දැකපු දවසෙ ඉදලා.

දේශාන් ගියාට පස්සෙ මෙවීනා දොරත් වහලා එද්දියි දැක්කෙ ෆෝන් එක ⁣දාලා ගිහින් කියලා..

මෙවීනා ෆෝන් එකෙන් ඇස් අහකට අරගෙන යන්න හදද්දිම ගෙදර තිබුන නිශ්ශබ්ද බව බිදිමින් රින්ග් උනා ෆෝන් එක..

අයිඩී එක දැක්ක මෙවීනා ආන්ස්ව නොතර ඉන්න හදලත් පස්සෙ ආන්ස්ව කරන්න හිතුනෙ ඇයිද මන්දා.

"ආදිත්‍ය"

හෙලෝ කියන්නත් කලින් එහා පැත්තෙන් ඇහුනෙ අමීෂාගෙ කටහඩ.

"I have to tell you something.. That's important for us..
Babe....
I'm pregnant..."

මෙවීනාගෙ අතින් දුරකථනය අත ඇරුනෙ ඉබේමයි.. කදුලු පටලයකින් දෑස් දෙක තෙමා ගද්දි මෙවීනා තමන්ගෙ කාමරේට ගිහින් දොර වහගත්තා.

"Why you did this to me desh? Why??"

මෙවීනා කෑ ගහලා ඇඩුවා.... බිත්ති හතර නිහඩවම අහන් හිටියා. හදවත පහුගිය කාලෙම නෙහෙිතපු විදියට අනතුරු අගවලා තිබුනත් මේ විදියට දේශාන් තමන්ට ⁣බොරු කරාවි කියලා මෙවීනා හීනෙකින්වත් හිතුවෙ නෑ.
ඒත් අන්තිමේ හැමදේම බොරුවක් රගපෑමක් බවට පත් වෙලා තිබුනා..

තමන් මොන තරම් මෝඩද? මෙවීනාට හිතුනා... දේශාන් අමීෂා ගැන කිව්ව හැමදෙයක්ම ඉස්පිල්ලක් නෑර මෙවීනා විශ්වාස කරා.. තමන්ගෙ ජීවිතේ කිසිම දෙයක් හංගන්නෙ නැතුව කියන්න මෙවීනා නිර්භය උනත් දේශාන් ගොඩක් දේවල් හංගගෙන ඉදලා තිබුනා.

අඩුම පැයක්වත් අඩන්න ඇති.. බුමුතුරුණු මතම මෙවීනාට නින්ද ගියේ අඩපු මහන්සියට. ආයෙ ඇහැරුනෙ දේශාන්ගෙ වාහනේ සද්දෙට..

කදුලු පිහාගෙන හිනාවක් මුව මත රදවගෙන දේශාන්ට දොර අරින්න තරම් මෙවීනා නිර්භීත උනා.

ආත්ම|ATHMA||✔|Where stories live. Discover now