වෙලාව හතයි දහයයි. මෙවීනා උන්නෙ තරමක් හුරුපුරුදු තැනකමයි. අර හුරුපුරුදු මනුස්සයව හම්බෙන්න..
ඕපන් ඒරියා එකේ තිබුන ටේබල් එකක අර හුරුපුරුදු පුද්ගලයා මෙවීනා බලාපොරොත්තුවෙන් උන්නා වගේ නැගිටලා මෙවීනා ලගට ආවා.
"Come with me"
"කතා කරන දෙයක් මෙහෙම කතා කරමු."
ඒ හුරුපුරුදු මනුස්සයා අල්ලගත්තු මෙවීනාගෙ අත ගසලා දාලා තමන්ගෙ ලගට ගන්න ගමන් මෙවීනා කිව්වා.
"මෙවීනා මෙතන public place එකක්.. මෙතන මට සතෙක් විදියට හැසිරෙන්න ඕනෙ නෑ... just do what i said."
ඒ හුරුපුරුදු පුද්ගලයා කිව්වෙ තරමක් නුහුරු ස්වරයකින්. නුහුරු නපුරු තියුණු බැල්මක් මෙවීනා දිහාවට යොමු කරලා.
'හැසිරෙන්න ඕනෙ නෑ.. කොහොමත් සතෙක් තමයි' කියලා කියන්න ඕනෙ උනත් මෙවීනා ඒ හුරුපුරුදු පුද්ගලයා පස්සෙන් වැටුනා. අන්තිමේ දෙන්නා නැවතුනෙ 333 කියලා නම් කරලා තිබුන හෝටල් කාමරයක් ඉදිරිපිට."ඇතුලට යනවා!"
මෙවීනා මුකුත් නොකියම ඇතුලට ගියා. ඒත් එක්කම ඇහුනෙ හෝටල් කාමරයේ දොර ලොක් වෙන හඩ. කළුවරේම මෙවීනාගෙ කම්මුලකට තද අතුල් පහරක් වැදුනා.
"Why..... why මට දැන්වත් පාඩුවෙ ඉන්න දෙනවා සහේෂ්!!!"
"Shut up meveena... තමුසෙ ඔච්චර රගන්නෙ අර තමුසෙගෙ අලුත් බෝයිෆ්‍රෙන්ඩ් හින්දද? Just remember!! තමුසෙ ඉන්නෙ මගෙ අල්ල උඩ!! "
කාමරයේ බල්බ් ටික දැල්වුනා... පුපුරු ගහන කම්මුලකට අත තියාගෙන මෙවීනා කදුලු පිරුන ඇස් වලින් සහේෂ් දිහා බලාගෙන හිටියා.
"මට පාඩුවෙ ඉන්න දෙන්න සහේෂ්... ප්ලීස්! තවත් මොනවද මගෙන් ගන්න තියෙන්නෙ?"
මෙවීනා සහේෂ් ඉස්සරහ වැද වැටුනා..
"මෙවීනා.... baby..."
බිම වැටිලා උන්නු මෙවීනාගෙ නිකටින් අල්ලලා උඩට කරන ගමන් සහේෂ් මිමිණුවා. ඒ ආදරබර ස්වරය ඇතුලෙ තියෙන බයානක කම මෙවීනාට තේරුනා.
"මට මේ තරම් rude වෙන්න දෙයක් නෑනෙ.. ඔයා මං කියන විදියට වැඩ කරානම්.. කෝල්ස් වලට මැසේජ් වලට රිප්ලයි නෑ.. හැමවෙලේම මාව මග අරිනවා.. ආ.."
YOU ARE READING
ආත්ම|ATHMA||✔|
Romanceහොඳ කරන්නම බැරිනම් ඉරිච්ච හදවතක් ජපානෙත් නෑ පිපිනේනෙ රෝස පැහැ සකුරත් ආදරේ කියන්නෙම සතුට විතරක්නම් රෝමියෝ ජුලියටුත් නෑ වෙන්නෙ ඛේදාන්තයක්.. මැරුණු ආත්මෙකට පවා පණ දෙන්න හැකිනම් එතනයි තියෙන්නෙ ප්රේමය දෝරෙ ගලමින්..