ට්රේනින් වලට තව කල් තියෙන හින්දා මෙවීනාට අකමැත්තෙන් උනත් ගෙදර යන්න උනේ නිකන් පේරාදෙනියෙ ඉන්න කාලෙටත් වෙනම ගානක් ගෙවන්න උන හින්දා.. ගමනෙ භාගයක් දුර දේශාන් එක්ක ආව මෙවීනා ඉතිරි දුර බස් එකේ යන්න තීරණය කරා..
හෑන්ඩ්ෆ්රී දෙක කනේ ගහගත්තු මෙවීනා සීට් එකට බර උනේ ලස්සනම සින්දුවක් ඇස් දෙකත් පියාගෙන විදින ගමන්.. මෙවීනා කල්පනා කරේ තමන් ආපු දුර ගැන... කොයිතරම් දේවල් වෙනස් වෙලාද?
මෙවීනාගෙ තාත්තා කෙල්ල ඇස් දෙකටවත් දැකලා නෑ. ඉපදිලා මාස ගානෙන් මැරුණ අම්මගෙ සුවදවත් මෙවීනාට මතක නෑ. අන්තිමෙ නතර උන නැන්දා ගාව තිබුන අමුතු ගති ගුණ විතරක් මෙවීනාට මතක තිබුනා. තමන්ගෙම සහෝදරයක්ට වගේ සලකපු ආලෝක..... ටික දවසකට කලින් වෙනස් උන හැටිත් මෙවීනාට මතක් උනා.
'හැමෝම ඉක්මනට වෙනස් වෙනවා' ඒක ගැන මෙවීනාට ඕනවටත් වඩා අත්දැකීම් තිබුනා. මධ්යහනෙ ලං වෙලා හින්දා එලියෙ ඉන්න බැරි තරම් කටෝර අව්ව උනත් ඉන්ටසිටි බස් එකක් නිසා මෙවීනාට ඒ අව්ව දැනුනෙ නෑ... හරියට ඇුුලෙන පිච්චෙන මෙවීනාව පිට කාටවත් දැනෙන්නෙ නෑ වගේ.
බස් එකෙන් බැහැලත් තවත් දුරක් පයින් යන්න මෙවීනාට සිද්ධ උනා... උදේ ඉදන් ආව ගමනෙ ප්රතිඵලයක් විදියට මෙවීනා නැවතුනෙ සුදු පාට ගෑව දෙමහල් නිවසක් ඉස්සරහ. ප්රධාන දොර ගාව නැවතුන මෙවීනා කල්පනා කරේ දොරට තට්ටු කරනවද නැද්ද කියලා. කෙල්ලට දැනුනෙ හැමදෙනාම ආගන්තුකයො වෙලා කියලා.
හිත හදාගෙන එක පාරක් දොරට තට්ටු කරා.. කැටයම් දාපු ප්රධාන දොර ඇරගෙන ආවෙ ආලෝක..
"ඔයා කලින්ම ආවාද? කිව්වනම් මං එක්ක යන්න එනවා මගට..."
"කරදරයක් වෙන්න ඕනෙ කලේ නෑ...මං ඒ හැටි දවසක් ඉන්නෙ නෑ අයියේ... ඉක්මටම ට්රේනින් වලට දානවා."
මෙවීනා පොඩි හිනාවක් ආලෝක වෙත මුදාහැරලා නිහඩවම තමන්ගෙ කාමරේට ගියෙ ලොකු සූට්කේස් එකත් උස්සගෙන.
ආලෝක මෙවීනාගෙ වෙනස් වීම තේරුම් ගත්තත් මුනිවත රැක්කෙ හිමීට හැමදේම බේරුම් කරලා කතා කරනවා කියලා හිතාගෙන.
YOU ARE READING
ආත්ම|ATHMA||✔|
Romanceහොඳ කරන්නම බැරිනම් ඉරිච්ච හදවතක් ජපානෙත් නෑ පිපිනේනෙ රෝස පැහැ සකුරත් ආදරේ කියන්නෙම සතුට විතරක්නම් රෝමියෝ ජුලියටුත් නෑ වෙන්නෙ ඛේදාන්තයක්.. මැරුණු ආත්මෙකට පවා පණ දෙන්න හැකිනම් එතනයි තියෙන්නෙ ප්රේමය දෝරෙ ගලමින්..