15

41 3 0
                                    

අලුත් තුවාල වලට දුඹුරු පාට පරණ තුවාල වලට නිල් පාට..
තුවාල බෙහෙත් එහෙම නම් කරලා තියෙනවා මං දවසක් අහම්බෙන් වගේ දැක්කා.
එතකොට සපත්තු පාරවල් අනම් මනම් වලින් බැට කාලා හොදටම අසාධ්‍ය වෙලා ICU එකේ ඉදලා ප්ලාස්ටර ගහං ආව හදවත් කලට මොන පාටද?

රතු? රෝස?

නෑ නෑ... ඒවට ඕනෙ ආදරේ පාට බෙහෙත්.. හොද වෙනවා ක්ෂණික.. හරියට මෙවීනාට දේශාන්ට හම්බුනා වගේ..

ආදරේ වැඩි වෙලා දුක ලීක් වෙන හදවත් වලට ඕනෙම මොහොතකට හරි නිවන ආදරේ පාට බෙහෙත්..

"අපි කොහෙ හරි යමුද?"

බැල්කනියට වෙලා වායුදූෂනයෙන් ⁣තොර කළු පාට අහසේ තිබුන රන්වන් පාට තරු දිහා ඇස් යොමු කරමින් ලී ඔන්චිල්ලාවක එක්නෙකාට වෙලිලා ඉන්න අතරෙ මෙවීනා ඇහුවා.

"යමු. කොහෙද ඔයා කැමති?"

"මට ආසයි අනුරාධපුරේ යන්න... පොඩි කාලෙ ගියාට පස්සෙ ගිහින්ම නෑ.."

"යමු එහෙනම්... ඊලග වීකෙන්ඩ් එකේදි යන්ද එහෙනම්..."

"හා."

නිශ්ශබ්දතාවක්.... සමහර හැගීම් විදගන්න වචන අවශ්‍යම නෑ.. හරියට තමන්ගෙ ආදරණීයෙකුට ⁣තුරුලු වෙලා ගෙවන cozy රැයක දැනෙන හැගීමක් වගේ.

"මට අයියට කියන්න ඕනෙ ඔයා ගැන..."

"සනූ... ඒකට ටිකක් ඉවසන්න බැරිද?"

දේශාන් ඇහුවෙ ඒ අදහසට එකගවෙන්න අදිමදි කරන ගමන්.

"ඇයි ඒ..?"

"මට පොඩි ප්‍රශ්න වගයක් තව සෙට්ල් කරගන්න තියෙනවා. ඒවා ඉවර වෙනකම් අපි මේ විදියටම ඉමුද? ඔයා වෙනුවෙන් මට එහෙ ආරක්ෂිත තැනක් කරන්න ඕනෙ?"

දේශාන් කිව්වෙ සහේෂ්ගෙ දැඩි අකමැත්ත තමන්ටග බලවත් පෙරැත්ත කිරිල්ලෙන් නවත්තලා මිස්ට. බංඩාරට එරෙහිව මේ වෙනකොටත් නඩු මගට බැසීම සහ අමීෂාගෙයි තමන්ගෙයි දික්කසාදය වෙනුවෙන් අරගෙන තිබුන පියවර ගැන සිතමින්.

"මට කොහොම උනත් එකයි දේශ්... ඒත් මං ආස නෑ මාව ආරක්ෂා කරන්න ගිහින් ඔයා දුක් විදිනවට"

මෙවීනා කිව්වෙ දේශාන්ගෙ තද කළු පාට ඇස් දෙක අතරෙ ගිලෙමින්.. ඒ ඇස් වල තිබුන අවිනිශ්චිත බව දේශාන් මෙවීනාගෙ ඇස් මගහරින බව ඒ වෙලාවෙ මෙවීනාට තේරුනෙ නෑ...

ආත්ම|ATHMA||✔|Where stories live. Discover now