සති ගානක් දේශාන්ව මෙවීනා මග අරින්න උත්සහ කරත් අන්තිමේ මෙවීනා තීරණය කරා.. අවසන් හමුවෙන් සති දෙකකට පස්සෙ මෙවීනා දේශාන්ට කෝල් එකක් ගත්තා.
"It's me meveena"
"So you changed your mind..?"
"I think so.."
"can i help you now..?"
"Why you trying to help me.. For what?"
"It's nothing... i am also in your situation."
මෙවීනා මොනවත් නොකියා උන්නෙ කියන්න තරම් දෙයක් නොවුන හින්දා.
"මෙවීනා.."
"හ්ම්..."
"ඇයි එහෙම?"
"ඒවා ෆෝන් එකෙන් කියන්න බැහැ දේශ්..."
"ඉතින් අපි යාළුවොද?"
දේශාන් ඇහුවෙ මෙවීනගෙන් ටිකක් අමාරු ප්රශ්නයක්.
"හ්ම්... මං එහෙම හිතනවා."
"හිතනවා කියන්නෙ?"
"මට බයයි...."
මෙවීනාගෙන් ආවෙ ඉකි බිදුමක හඩක්.
"I am always be with your side.."
"නෑ... මං කියන්නෙ.. ආයෙ සම්බන්ධයක් පටන් ගන්න...මාස අටක් මං විදෙව්වා දේශ්... තවත් විදවන්න තරන් හයියක් මට නෑ."
මෙවීනා කිව්වෙ ඈතින් පේන හන්තාන කදු දිහා ඔහේ බලාගෙන...
"It's ok meveena... මං පොරොන්දු වෙනවා.. මං නිසා ඔයාට දුක් වෙන්න ඉඩ තියන්නෙ නෑ කියලා..."
මෙවීනගෙ මුහුණෙ යන්තන් හිනාවක් ඇදුනා. මොකක්දෝ හේතුවකට දේශ්ගෙ කටහඩ මෙවීනට ගෙනත් දුන්නෙ ලොකු සහනයක්.
"අපි දවසක මීට් වෙමුද?"
"අපි ඉතින් හැමදාම මීට් වෙනවනේ?"
"නෑ මං කියන්න අපි දෙන්නා තනියම"
"ඔයාගෙ කැමැත්තක්..."
"හ්ම්... මං තියනවා..."
2021.05.06
සෙමෙස්ටර් අවසානෙ සති කීපෙක නිවාඩුවට මෙවීනා කොලඹ ආවෙ අයියලා ගාව ඒ නිවාඩු ගෙවන එක නැන්දලා ගාව ඉන්නවට වඩා හොදයි කියලා දැනුන නිසා.
"ඔයාට තනියෙන් යන්න පුලුවන්ද? කොලඹ තාම හුරුත් නෑනෙ?"
බැංකුවට යන්න ලෑස්ති උන මෙවීනාගෙන් මෙවීනාගෙ අයියා ආලෝක එහෙම ඇහුවා.
YOU ARE READING
ආත්ම|ATHMA||✔|
Romanceහොඳ කරන්නම බැරිනම් ඉරිච්ච හදවතක් ජපානෙත් නෑ පිපිනේනෙ රෝස පැහැ සකුරත් ආදරේ කියන්නෙම සතුට විතරක්නම් රෝමියෝ ජුලියටුත් නෑ වෙන්නෙ ඛේදාන්තයක්.. මැරුණු ආත්මෙකට පවා පණ දෙන්න හැකිනම් එතනයි තියෙන්නෙ ප්රේමය දෝරෙ ගලමින්..