16

41 4 0
                                    

සුදු පාට පිලිවෙලට තිබුන කර්ටන් එකෙන් පෙරිලා ආව හිරු රැස් දේශාන්ගෙ මූණට පතිත වෙද්දි දේශාන් ඇහැරිලා හිටියා.. අන්තිමේ සතුට තමාව හෝ තමන් සතුට හොයාගෙන ඇවිත් හෝ ගිහින් කියන සිතිවිල්ල දේශාන්ගෙ හිත පුරා හරි අපූරුවට සක්මන් කරා. තමන්ට තුරුලු වෙලා නිදාගෙන හිටිය මෙවීනා දිහා දේශාන් බැලුවෙ දෝරෙ ගලන ආදරේකින්.

"Good morning"

ඈලි මෑලි කඩන ගමන් මෙවීනා කිව්වෙ අමාරුවෙන් ඇස් අරින ගමන්.

"Good morning සනූ"

"උදෙන්ම ලෑස්ති වෙලා යං එතකොට හවස් වෙනකම් ඉන්න පුලුවන්නෙ."

ආයෙම දේශාන් කටහඩ අවධි කරා.

"Thanks desh"

"For what?"

"For everything... මම අද ජීවත් වෙන්නෙ ඔයා හින්දා... නැත්තම් මම මැරෙන්න හිටිය මැරුන කෙනෙක්"

"No sanu.. ඔයා ජීවත් වෙන්න උන්නු ජීවත් වෙන කෙනෙක්..මං කරේ පුලුවන් හැටියට ඔයාට support එකක් උන ⁣එක විතරයි."

"That's enough desh.. That's lot of me.."

මෙවීනාගෙ නලලින් සියුම් හාදුවක් තියලා දේශාන් ඇදෙන් නැගිට්ටා..

"Wash එකක් දාගෙන ලෑස්ති වෙන්න... වෙන කොහෙන් හරිද මෙහෙන්ද කන්නෙ ඕඩර් එක දාන්න."

"මෙහෙන් ගමු..."

උදෑසන කෑම වේලෙන් පස්සෙ මෙවීනා, දේශාන් ගියෙ පූජා නගරෙට.. ⁣⁣මෙවීනා ඇදන් හිටියෙ සුදු පාට අත් දිග ක්‍රොප් ටොප් එකකට ලා නිල් පාට බෝල්ඩ් කරපු ඩෙනිමක්.. මෙවීනාගෙ උරහිසට ටිකක් පහලට වෙන්න තිබුන කැරලි ගැසුන කොන්ඩෙ එකක් වෙන්න ගොතලා තිබුනා... ඒක ලස්සනයි... හරිම චාම් ලස්සනක්..

හිත නිවෙන තැනක් උන ශ්‍රී මහා බෝධිය ලගට ගිය දේශාන්ගෙ හිත හීලෑ කරගන්න බැරි උනේ මෙවීනාගෙ නිවුන රූපෙට... සංසාර ගාමන කෙටි කරගන්න පින් කරන්න එන අය අතරෙ දේශාන් තමන්ගෙ කියලා අල්ලගත්තෙ එක දෙයයි ඒ මෙවීනාව.. දේශාන්ට ඉල්ලන්න කියලා තිබුනෙ මෙවීනාගෙ ආදරේ හැමදාමත් තමන් ළඟින් තියන්න කියලා විතරයි.

"රුවන්වැලියට කලින් අපි අතනට යන්ද?"

මෙවීනා පෙන්නුවෙ ඈත කොල පාට පසුබිමක පෙනුන ගඩොලින් හදපු අභයගිරිය.

ආත්ම|ATHMA||✔|Where stories live. Discover now