07

58 8 0
                                    

නූඩ්ල්ස් එක තැම්බෙන්න තියලා මෙවීනා එලවලු කපන්න ගත්තා.. එතකොටම වගේ හැඩදැඩි අත් දෙකක් කෙල්ලගෙ ඉණ වටේ බැදිලා උනුහුම් සුසුම් වාර කිහිපයක්ම කෙල්ලගෙ බෙල්ලෙ දැවටුනා. මීට විනාඩි කිහිපයකට කලින් ආලෝක කිව්ව දේවලුත් එක්ක මෙවීනාගෙ ඇස්වල හිර උන කදුලු එලියට එන්න මහලොකු වෙලාවක් ගත උනේ නෑ.

"What happened"

කිරි කෝපි පාට ⁣මැන්ඩරින් සුවද හමන බෙල්ලෙ එක ස්ථානයකට හාදුවක් දෙන ගමන් දේශාන් ඇහුවා.

"Ah... nothing desh.. ඔයාට බඩගිනිද? ටිකක් ඉන්න හරිද!"

මෙවීනා අර කදුලු ධාරාවල් අමාරුවෙන් වලක්වගන්න ගමන් කිව්වා..

සමහර දේවල් තියෙනවා නොදැන ඉන්න තරමටම ජීවත වෙන්න ලේසි.. මෙවීනා හිතුවා ආලෝක කිව්ව ඒවා දේශාන් දැනගන්න ඕනෙ නෑ කියලා. එහෙම දැනගෙන ඉතුරු කාලෙම අල්ලගත්තු අත් කොයිවෙලේ අතහැරෙයිදෝ කියන බයෙන් ජීවත් වෙන එක ගැන හිතන්න මෙවීනාට ⁣ඕන කමක් තිබුනෙ නෑ. ඊටත් වඩා තමන්ගෙ හැම ප්‍රශ්නයක්ම දේශාන්ට පටවන්න මෙවීනා කැමති උනේ නෑ.

කළු වලාකුළු අතරින් බොද වෙච්ච හද හරි අපූරුවට පායලා තිබුනා. මලානික එලිය පරිසරය පුරා විහිදිලා තිබුනා... පේරාදෙනිය කියන්නෙ කොයි කාලෙටත් ලස්සන තැනක්. ඒත් මෙවීනා ගොඩක්ම ආස කරේ මේ වසන්ත කාලෙට.. ඒ කාලෙට පිපි⁣න පාට පාට එක එක සුවද වල මල් වලට මෙවීනා ආස කරා.. දැන් මෙවීනා ඊටත් වඩා ආස කරපු සුවදක් මේ වසන්තය මෙවීනට ගෙනත් දීලා තිබුනා.

දේශාන් මියුසික් ප්ලෙයර් එක ලගට ගිහින් සින්දුවක් ප්ලෙ වෙන්න දැම්මා....

නිම් හිම් සෙව්වා මා සසරේ...
යුගයෙන් යුගයට බැදි සෙනෙහේ...

අමරදේවගෙ කටහඩින් මුලු ලිවින් රූම් එකම පිරිලා යද්දි දේශාන් මෙවීනාගෙ අතින් ඇද්දෙ නටන්න එන්න කියලා කරපු ආරාධනාවක් වගේ.

'මොන තරම් ආදරණීය චරිතයක්ද?' දේශාන් දිහා බලන ඕනෙම කෙනෙක්ට හිතෙන්නෙ ඒක.

"මගෙ ආසම සින්දුවක්..."

දේශාන් මෙවීනාගෙ බද වටේ අත යවලා තමන්ගෙ ලගට ගන්න ගමන් කිව්වා.

ආත්ම|ATHMA||✔|Where stories live. Discover now