"අද අහස ලස්සනයි නේද වෙනදට වඩා."
දේශ් කිව්වෙ පයින්ම මෙවීනාගෙ ඇනෙක්සියට යන ගමන්... පයින් යමුයි කිව්ව අදහස ඇත්තටම මෙවීනගෙ අදහසක්. මොකද මෙවීනාට ඕනෙ උනා කාලෙකින් තමන්ගෙ හිත නිදහස් කරන්න.
දේශ් කිව්වෙ ඇත්ත තමයි. එදා අහස හරි ලස්සනයි. හද නොතිබ්බ නිසාමද මංදා තරු පොකුරු ඕනෑවටත් වඩා පේන්න තිබුනා. වායුදූෂනය අවම පරිසරයක් නිසා එක දිගට පේන්න තිබුන ක්ෂිරපතය උනත් දකින්න හැකියාව තිබුනා.. ඈත ඉදලා කෑ ගහන බස්සෙක්ගෙ හඩ ඇරෙන්න මුලු පරිසරයම නිහඩ බවේ අන්තයටම ගිලිලා තිබුනා.
"මට සමාවෙන්න දේශ්.. මං මුලදි ඔයාට කතා කරපු විදිය හරි නෑ.."
"ඒකට කමක් නෑ මෙවී.... දැන් හැම දේම හරිනෙ"
"මෙවී......."
මෙවීනා තමන්ගෙම නම ප්‍රතිරාවය කරලා දිග හුස්මක් හෙලුවා.
"මං එහෙම කතා කරන්න එපාද?"
"නෑ..... සහේෂ් මට කතා කරෙත් එහෙම...ඒකයි"
මෙවීනා අහස දිහා බලාගෙන කිව්වා.
"එහෙනම්... මං කොහොමද ඔයාට කතා කරන්නෙ?"
"සනු කියන්න... that's my second name.. sanudhi"
"ඒක ලස්සනයි..."
දේශාන් හිනා උනා...
පුදුමෙකට කියලා තිබුනෙ දේශාන් හිටියෙ මෙවීනාගෙ දකුනු අත අල්ලගෙන මෙවීනා උන්නෙ දේශාන්ගෙ වම් අත අල්ලගෙන... මෙවීනාගෙ හිතේ පොඩි තිගැස්මක් තිබුනත් ඒක වාෂ්ප උනේ දේශාන්ගෙ අතින් අල්ලගෙන ඉද්දි දැනුන මානසික නිදහස හිංදා.. ඇත්තටම මෙවීනාට ඕනම කරලා තිබුනෙත් ඒ දේමයි.
"ඔයා තාම මට ඔයාගෙ කතාව කිව්වෙ නෑ දේශ්..... මං මගෙ කතාවෙන් භාගයක්ම ඔයාට කිව්වා..."
මෙවීනා ඇහුවෙ ඉමක් කොනක් නැති ඈත ඉලක්කයක රැදිලා තිබුන දේශාන්ගෙ ඇස් දෙක දිහා බලාගෙන.
"මගෙ කතාව"
දේශාන් ගියෙ අව්රුදු ගානක් අතීතයට.
2020.01.03
ඒලෙවල් සෙකන්ඩ් ෂයි එකෙන් පස්සෙ දේශාන්ට ලැබුන නිදහස කොල්ලට උපරිමයෙන් භුක්ති විදින්න ඕනෙ උනත් තමන්ගෙ පව්ල් පරිසරයත් එක්ක ඒක කරන්න ටිකක් අමාරු උනා.
YOU ARE READING
ආත්ම|ATHMA||✔|
Romanceහොඳ කරන්නම බැරිනම් ඉරිච්ච හදවතක් ජපානෙත් නෑ පිපිනේනෙ රෝස පැහැ සකුරත් ආදරේ කියන්නෙම සතුට විතරක්නම් රෝමියෝ ජුලියටුත් නෑ වෙන්නෙ ඛේදාන්තයක්.. මැරුණු ආත්මෙකට පවා පණ දෙන්න හැකිනම් එතනයි තියෙන්නෙ ප්රේමය දෝරෙ ගලමින්..