12

46 7 0
                                    

තවත් මාස කිහිපයක් ගෙවිලා ගියෙ හුස්මක වේගෙන්... කිසිම දෙයක් තවමත් වෙනස් වෙලා තිබුනෙ නෑ. හැමදේම ඉතාමත් මන්දගාමීව සිද්ද උනේ දේශ්ට වගේම මෙවීනාටත් විදවන්න කාලෙ දීලා වගේ.

"අයියේ"

"කියන්න මෙවී."

"මට මෙහෙ ඉන්න බෑ..."

මෙවීනා කිව්වෙ බැල්කනියෙ අත් වැටට හේත්තු වෙලා උදෑසන නැවුම් සුවද පෙනහලු වලට වද්ද ගන්න උත්සහ කරමින්.

"ඒ කිව්වෙ?"

"මට රට යන්න ඕනෙ.. එහෙන් ඩිග්‍රියක් බලනවා ඊට පස්සෙ.... මට මෙහෙම ඉන්න බෑ අයියේ... සමහර මතක මාව නොමර මරනවා... රෑ හීතල මාව පුච්චලා දානවා.. තවත් උදයක් කියන්නෙ හූල්ල හූල්ල ඉන්න වෙන දවසක් කියලා මතක් වෙද්දි මට මැරෙන්න හිතෙනවා."

මෙවීනා ඒක කිවවෙ ඉමක් කොනක් නොපෙනෙන තරමේ ඈතක් බලාගෙන.... ටිකක් ඈතින් පේන ගොඩනැගිලි සමහර විට මෙවීනාගෙ දර්ශනය වෙන්න ඇති.

"ඔයාගෙ කැමැත්ත ඒකනම් මට ඔයාව යවන්න පුලුවන් මෙවී. ඒත්... එහෙදි ඔයා තනියෙන් ජීවත් වෙන්නෙ කොහොමද? අදුරන කාත් කව්රුත් නැතුව.. ඔයා ඒකට මෙන්ටලි සූදානම්ද?"

"දන්නෙ නෑ අයියේ.... මට තේරෙන්නෙ නෑ... මට හි⁣තෙන එකම දේ මට ලංකාවෙ ඉදගෙන පිච්චි පිච්චි මැරෙනවට වඩා නොදන්න රටක අලුතින් පටන් ගන්න එක හොදයි කියන එක විතරයි."

මෙවීනා හොදට හිතලා අවසන් තීරණයක් අරගෙන බව පේන්න තිබුනා. බෙහෙත් එක්ක මාස ගානක් කාමරයක් අස්සෙම විදවපු මෙවීනාගෙ ජීවි⁣තේට ඇත්තටම දැන් වෙනසක් ඕනෙ කරලා තියෙන බව ආලෝක තේරුම් ගත්තා.. ඒකෙ ප්‍රතිඵලයක් විදියට රට යන්න ඕනෙ හැමදේම පුලුවන් ඉක්මනින්ම සූදානම් කරන්න ආලෝක යුහුසුළු උනා..


මෙවීනා තීරණය කලේ ආයෙ මුල ඉදලම ඩිග්‍රිය කරන්න. නොබෝ දිනකින් වීසයි ගුවන් ටිකට් පතයි මෙවීනාට ලැබුනා.. පුලුවන් ඉක්මනට හැම මතකයක්ම අමතක කරලා දුර ඈත රටකට යන දවස වෙනකම් මෙවීනා ආසාවෙන් හිටියත් ටිකෙන් ටික ඒ දවස් ලං වෙද්දි මෙවීනාගෙ හිත හඩා වැටුනා.

'ආසාවටවත්.... අහම්බෙන් හරි දේශ්ව ආයෙ දකින්න වෙන්නෙ නෑ නේද?'

'හම්බෙයිද නැද්ද එයිද නොඑයිද කියලා නොදැන එයා වෙනුවෙන් මග බලං ඉන්න එක මං මටම කරන මෝඩ කමක්... එයා ඕනෙම කාලෙ මාව අතඇරියා.. මං දන්නවා අයියා එයාට එපා කියන්න ඇති.. ඒත් අඩුම කෝල් එකකින් හරි එයාට මට කතා කරන්න තිබුනා. එහෙව් කෙනෙක් වෙනුවෙන් මං මගෙ ජීවිතේ නැති කරගන්නවා කියන්නෙ ඇත්තටම පිස්සු වැඩක්'

ආත්ම|ATHMA||✔|Where stories live. Discover now