නිහඩවම මාස ගානක් ගෙවිලා ගියේ හාංකවිසියක්වත් නැතිව.. සති අන්තෙ කොලඹ තමන්ගෙ ගෙදර ගියපු දේශාන් ආපහු ආවෙ වරදකාරී සිතිවිලි සමූහයක් එක්ක. තමන් මෙවීනාට ලොකු වරදක් කරයි කියන සිතිවිල්ල දේශාන්ගෙ හදවත පුරා පැතිරිලා තිබුනෙ කඳුකරය මීදුම් වලින් වැහෙනවටත් වඩා දරුණුවට.
තමන්ගෙ සේවා වැඩ මුරය ඉවර වෙලා යන ගමන දේශාන් තැබෑරුමෙන් ගත්තෙ කවදාවත් ට්‍රයි නොකරපු රසක්... ඒ බියර් එක අනිත් ඒවට වඩා සැරයි.. ඒ බ්‍රෑන්ඩ් එක තමන්ගෙ තාත්තගෙ උනත් දේශාන්ට මේ රස අහු වෙලා තිබුනෙ නෑ. උගුර පුච්චගෙන පහලට යනවා වගේ. ඒ උනාට මේ හීතලේ දුක තුනී කරගන්න ඒ අධික සැර මත්පැන් වර්ගයට හැකියාව තිබුනෙ නෑ..
ගෙග්‍රරි වැව ඉස්සරහ තිබුන මාර්ගයෙන් දේශාන් කාරය නතර කරා.. ගොඩක් රෑ බෝ වෙලා උනත් තදබදයෙ අඩුවක් පේන්න තිබුනෙ නෑ.. ඒ ස්ථානය තමන්ට නිදහසේ මත්පැන් උගුරක් තොල ගාන්න සුදුසු ස්ථානයක් නොවුන නිසා තව ටිකක් ඉස්සරහට රිය පැදෙව්වා.. මහ ලොකුවට තදබදයක් නොවුන අතුරුපාරකට දාලා දේශාන් වාහනය නැවැත්තුවා.
ඉන්න... දේශාන් නිකමට වගේ අතුරුපාරට ඇතුලු වෙන තැන නාම පුවරුව කියෙව්වා.. "අරලිය මාවත".. දේශාන්ට මේ පාර මතක් උනා... කාලෙකට කලින් මෙවීනාගෙ ඇනෙක්සිය තිබුනෙ මේ පාරෙ.. බැරිවෙලා හරි තවමත් එතන මෙවීනා ඉන්නවනම්...
හිතට ආව ක්ෂණික අදහසට දේශාන් වහෙනය පණ ගන්වලා පුලුවන් උපරිම වේගෙන් ඉදිරියට ඇදුනා.. මෙවීනාගෙ ඇනෙක්සිය ගාවින් දේශාන් වාහනේ නතර කරා. ෂටරය පහත් කරලා දේශාන් ගේ දිහා බැලුවා... ලයිට් එකක්වත් දාලා නෑ... ඒ කියන්නෙ කව්රුත් ගෙදර නෑ..
වාහනය ඇතුලට ඇතුල් කරලා නවත්තලා දේශාන් ඇනෙක්සියෙ දොර ලගට ගියා.. වෙන කව්රු හරිනම් මෙහෙ ජීවත් වෙන්නෙ? එහෙම හිතුනත් දේශාන් ඒ ගැන නොහිත තමන් කාලයක් තිස්සෙ පරිස්සම් කරපු එක්ස්ට්‍රා කී එක පාවිච්චියෙන් දොර ඇරියා..
ඒ සුවද.. දේශාන්ට අතීතය මතක් කරා. කොච්චර ලස්සනද? හුරුපුරුදු සුවදින් පෙනහළු පුරවගන්න දේශාන් දෙපාරක් හිතුවෙ නෑ..
විසිත්ත කාමරයෙ තමන්ගෙ සහ මෙවීනාගෙ රාමු කල පින්තූරෙ ඒ විදියටම එල්ලිලා තියෙන බව දැක්ක දේශාන්ගෙ මූණට හිනාවක් ආවා.. මෙවීනා කිසිම දෙයක් වෙනස් කරලා නැති බව දැනුනම දේශාන්ගෙ හිතට සතුටක් දැනුනා.
YOU ARE READING
ආත්ම|ATHMA||✔|
Romanceහොඳ කරන්නම බැරිනම් ඉරිච්ච හදවතක් ජපානෙත් නෑ පිපිනේනෙ රෝස පැහැ සකුරත් ආදරේ කියන්නෙම සතුට විතරක්නම් රෝමියෝ ජුලියටුත් නෑ වෙන්නෙ ඛේදාන්තයක්.. මැරුණු ආත්මෙකට පවා පණ දෙන්න හැකිනම් එතනයි තියෙන්නෙ ප්රේමය දෝරෙ ගලමින්..