11

43 9 0
                                    

මාස කිහිපයකට පසු...

හැමදේම එක නිමේෂයකින් වෙනස් වෙන්න පුලුවන්ද? මොකද බැරි.. මෙවීනාගෙ ජීවිතේ හැමදේම කනපිට පෙරලිලා තිබුනා. ආදරෙයි කියලා ජීවිතේ ලගින්ම උන්නු අය ඈත් වෙලා ගිහින් තිබුනෙ ඇහි පිය ගහන තත්පරෙන්..

⁣හැම⁣දේකින්ම පස්සෙ මෙවීනා ආයෙමත් හිටිය අගාදයටම වැටිලා.. අන්තිමේදි මෙවීනා ළඟ ඉතුරු උනේ තමන් අතහැරපු තමන්ගෙ අයියා විතරක්මයි කියලා මෙවීනාට තේරුනා.. තමන්ටත් වඩා විශ්වාස කරපු ආදරය කරපු දේශාන් පවා මෙවීනාගෙන් නොපෙනන ඈතකට ගිහිල්ලා..

"ප්‍රසිද්ධ වයින් සන්නාමයක හිමි කරු වන අමරසිරි බංඩාරගෙ පුත් දේශාන් බංඩා...."

රාත්‍රී ප්‍රවෘත්ති විකාශනයෙදි මෙවීනාගෙ කන වැකුනෙ ඒ වචන කිහිපය විතරයි.. මෙවීනාව නොහිතපු විදියට කලබල කරන්න ඒත් ඒ වචන කිහිපයට හැකි උනා.

"ඔය ටීවි එක ඕෆ් කරන්න."

ආලෝක කෑ ගැහුවෙ මෙවීනාව සංසුන් කරන්න උත්සහ කරන ගමන්.

"දේ....දේශාන්... එයා කෝ.... එයා ගැන මොනාද කියන්නෙ?? මගෙ දේශ් කෝ.... එයාව ගෙනත් දෙන්න අයියා... ප්ලීස්... මට එයා නැතුව ජීවත් වෙන්න බෑ... අනේ.. "

මෙවීනා කෑ ගගහ හඩා වැටුනා.. තවත් කොච්චර කල් මෙහෙම අඩන්නද? මෙවීනාට ඒ ගැන තේරුමක් තිබුනෙ නෑ.. ඉතුරු වෙලා තිබුනෙ අඩන එක විතරයි කියන එක විතරක් මෙවීනා හොදාකාරවම දැනගෙන උන්නා.

"Calm down මෙවීනා.... ඒ ඔයාගෙ දේශ් ගැන නෙමෙයි කිව්වෙ... සංසුන් වෙන්න... ඔයාට වැරදිලා."

බෙහෙත් ද්‍රාවණයක් තිබුන සිරින්ජරයක් මෙවීනාගෙ අතට විදගන්න දගලන ගමන් ආලෝක කිව්වා.

"ම...මට....මගෙ දේශ්ව ගෙනත් දෙන්න අයියෙ......."

මෙවීනා ඇස් පියා ගන්න කලින් ආලෝකගෙන් බැගෑපත්ව ඉල්ලුවා...
ඒ ඇස් ඇත්තටම විඩාවට පත් වෙලා.... බලාපොරොත්තුවෙ අන්තිම වතුර බිංදුව පමණක් ඇස් අග ශේෂ කරමින් මුලු ඇස් දෙකම වේලිලා ගිහිල්ලා හරියට වැස්ස නැති කාන්තාරයක් වගේ. එන්නෙ නෑ ලැබෙන්නෙ නෑ කියලා තේරුම් ගන්න අවැසි උනත් මෙවීනාට ඒ තරම් ශක්තියක් ඉතිරි වෙලා තිබුනෙ නෑ. ඒ වෙනුවට මෙවීනාට අහන්න ඉතුරු වෙලා තිබුනෙ 'ඇයි ඔයා මගෙ ජීවිතේට ආවෙ?' කියන ප්‍රශ්නෙ විතරයි. ඒත් ඒ ප්‍රශ්නෙ අහන එක එක අතකට හරි අසාධාරණයි. මොකද කෙටි නමුත් මෙවීනාගෙ ජීවිතේ හරි ලස්සනට ගලපලා මිම්මටම හරි විදියටම ලියන්න දේශාන්ට පුලුවන් උනා.. ආයෙ නාවත් මෙවීනා⁣ට දේශාන්ට වෛර කරන්න බැරි උනේ ඒකයි..







ආත්ම|ATHMA||✔|Where stories live. Discover now