"එකක් ඔයා බොරුවට මං හිංදා මෙහෙ එන්න ඕනෙ නෑ කියලා හිතුවා. අනික ඔයා ආවොත් බීච් සයිඩ් කැෆේ එකක් තෝර ගත්තොත් කියලා හිතුනා. මුහුදු වෙරළට මං ඕනෑවටත් වඩා ආදරෙයි.... ඒත් ඊට වඩා මං වෛර කරනවා මුහුදු වෙරළට."
මෙවීනා, විනාඩි කීපෙකට කලින් 'ඇයි ඔයා මං ඔයා වෙනුවෙන් colombo එන්නම් කියද්දි ඔයා ආයෙ මෙහෙට ආවෙ?' කියලා අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙ ඔහේ දැල්වෙන ගිනිඋදුන දිහා බලාගෙන.
මෙවීනා හිටියෙ කොලඹ ගිහිල්ලා... මෙවීනාට ඕනෙ උනේ හැම දේම කාටම හරි කියන්න. ආලෝක ඒ හැම දේම ගැන දැනුවත් උනත් මෙවීනාට ඕනෙකමක් තිබ්බෙ නෑ ආලෝක ආයෙම ඒ දේවල් නිසා තමන් වෙනුවෙන් කරදර වෙනවා දකින්න. ඒ හිංදමයි මෙවීනා දේශ්ව හම්බෙන්න හිතුවෙ.
තමන් වෙනුවෙන් කොලඹ එන්න දේශාන් කැමති උනත් මෙවීනා ආයෙම පේරාදෙනියට ආවෙ උඩ කිව්ව හේතු හිංදමයි."ඒත් ඇයි ඔයා බීච් එකට වෛර කරන්නෙ?"
දේශාන්ගෙන් ප්‍රශ්නයක්.
"බොරු පොරොන්දු... ලස්සන මුද්දක් මගෙ ඇගිල්ලට දාන්න.. මගෙ අතින් අල්ලගන්න... බොරු අනාගතයක් මගෙ ඉස්සරහ පිට මවලා මාව නැති කරන්න උදව් කරේ ඔය බීච් එක.."
මෙවීනාගෙ මූණෙ සතුටක්වත් දුකක්වත් ගෑවිලා තිබුනෙ නෑ..
"බැරි වෙලාවත් ඔයා කදුකරේටත් වෛර කරයිද?"
"මං දන්නෙ නෑ දේශ්... ඒත් මට වෛර කරන්න තරම් නැති වෙන්න දේවල් නෑ.. මගෙ කියලා ඉතුරු වෙලා තියෙන්නෙ මේ හුස්ම පොද විතරයි. ඒක නැති උනා කියලත් මං දුක් වෙන්නෙ නෑ."
දේශාන්ට දෙන්න උත්තරයක් නැතුව නිහඩ උනා..
"මට මං ගැන ලැජ්ජයි."
"ඒ මොකද?"
"කිසිම හේතුවක් නැතිව මං මටම වෛර කරගත්තා.... මං ලෝකෙටම වෛර කරා... මාව මානසික ලෙඩෙක් කරපු එකට... මං හැමෝටම වෛර කරා.. බලං ගියාම මගෙ කතාව මොකක්ද කියලා හිතෙනවා ඔයාගෙ කතාව දැක්කම.."
දේශාන් දිග හුස්මක් හෙලුවා.
"ඔයා....?"
" Depression ලෙඩෙක්.... දැන් අව්රුදු දෙකක විතර ඉදං බේත් ගන්නවා... විසිකරන්න තරම් සල්ලි තියෙනවා.. ඒ්ත් මං ගැන අහන්න කව්රුත් නෑ.... මගෙ පව්ලටවත් මං ගැන වැඩක් නෑ.... ඉතින් මට මෙහෙම උනා."
YOU ARE READING
ආත්ම|ATHMA||✔|
Romanceහොඳ කරන්නම බැරිනම් ඉරිච්ච හදවතක් ජපානෙත් නෑ පිපිනේනෙ රෝස පැහැ සකුරත් ආදරේ කියන්නෙම සතුට විතරක්නම් රෝමියෝ ජුලියටුත් නෑ වෙන්නෙ ඛේදාන්තයක්.. මැරුණු ආත්මෙකට පවා පණ දෙන්න හැකිනම් එතනයි තියෙන්නෙ ප්රේමය දෝරෙ ගලමින්..