අව්රුදු කිහිපයක් ගත වෙලා ගිහින් තිබුනෙ හරි වේගෙන්.. හැමෝම වයසට ගිහින් ඇරෙන්න කිසිම දෙයක් වෙනස් වෙලා තිබුනෙ නෑ.. අව්රුදු ගානක් පරණ සමහර තුවාල වලින් පවා තවමත් ලේ වෑස්සෙමින් තිබුනා.
කරුණාකරලා ඕකට බේත් දාගන්න... දැන් නරක් වෙලත් ඇති.
එහෙම උනත් හදවතේ තියෙන අව්රුදු ගානක් පරණ තුවාල හොදකරන්න ස්පෙෂලිස්ට් කෙනෙක් මිස නිකන් දොස්තර කෙනෙක් හරියන්නැති වග දේශාන් වගේම මෙවීනාත් තේරුම් අරගෙන තිබුනා.
තමන්ගෙ සේවා වැඩ මුරය ඉවර කරලා අමන්දා වොෂ්රූම් එකට ගියෙ මූණ ටිකක් හෝදගන්න..
ඒ එන අතර මග දැකපු රූපය අමන්දව අතරමං කරලා දැම්මේ නිමේෂයෙන්. යන්න ගිය දිශාව අමතක කරලා අනිත් පැත්තට හැරුනෙ ඒ රූපය මග අරින්න හිතාගෙන."සනුදි.... සනුදි"
ඒ කටහඩ ආයෙමත්.. අව්රුදු ගානකට පස්සෙත්.. ඒ්ත් මෙතන නැවතෙන්න බෑ... ගොඩ වෙදකම් කරලා හරි අමාරුවෙන් හොදකරගෙන යන හදවත ආයෙ පාරගෙන අඩන්න බැරි බව අමන්දා හිතුවා.
"සනු... විනාඩියක් ඉන්න.."
අමන්දාගෙ අතින් අර හුරුපුරුදු කටහඩ අයිතිකාරයා ඩැහැගත්තා..
"සනූ මේ මම.."
"මං ඔයාව අදුරන්නෙ නෑ..."
අමන්දා ඒ විදියට මග ඇරලා යන්න හැදුවත් දේශාන් අමන්දගෙ අතින් අතඅරින්න අකමැති උනා.
"සනුදි මම දේශාන්.... මාව අදුරගන්න බැරිද? අව්රුදු ගානකට පස්සෙ අපිට අපිව හම්බෙලත් ඇයි මේ විදියට මාව මගඅරින්නෙ?"
"ඩොක්ට.දේශාන්.... මම එකසැරයක් කිව්වා මං ඔයාගෙ කෙහෙල්මල් සනුදි කෙනෙක් ගැන දන්නෙ නෑ!!"
අමන්දා කෑ ගැහුවා... ජනශුන්ය කොරිඩෝවක් උන එක අමන්දගෙ සතුටට හේතු උනා.
"ඔයාට බොරු කරන්න බෑ සනූ... ඇයි මේ විදියට හැසිරෙන්නෙ?"
"මං බොරු නෙමෙයි කියන්නෙ ඩොක්ට.. so please leave me!"
"I can't... මේ විදියට රගපාන එක නවත්තන්න!! ඔය ඇස් වලට කවදාවත් බොරු කියන්න බෑ!! ඒක මට පේනවා සනූ.."
අමන්දගෙ මූණ තමන් වෙතට ලං කරගන්න ගමන් දේශාන් කිව්වා... ඒ්ත් එක්කම අමන්දගෙන් ලැබුනෙ දැඩි අතුල්පහරක්.
YOU ARE READING
ආත්ම|ATHMA||✔|
Romanceහොඳ කරන්නම බැරිනම් ඉරිච්ච හදවතක් ජපානෙත් නෑ පිපිනේනෙ රෝස පැහැ සකුරත් ආදරේ කියන්නෙම සතුට විතරක්නම් රෝමියෝ ජුලියටුත් නෑ වෙන්නෙ ඛේදාන්තයක්.. මැරුණු ආත්මෙකට පවා පණ දෙන්න හැකිනම් එතනයි තියෙන්නෙ ප්රේමය දෝරෙ ගලමින්..