දෙකොපුල් කදුලින් තෙමා..
තොල් පෙති නලලත තබා..
හිස සිබ මා..
නික්මුණ දා..
ලත වෙමි රෑ තුන් යාමේ.....කාර් එකේ රේඩියෝ යන්ත්රෙන් වැයෙන ගීයත් එක්ක මං ගියෙ අතීතයට...
ඔරලෝසු කණුව ළඟදි සහේෂ් මට හමු උන හැටි.... ගෝල්ෆේස් වෙරළෙ දණ ගහලා ආදරේ ප්රකාශ කරපු හැටි... වටේ පිටේ අයගෙ ආශිර්වාද මැද්දෙන් හරි උජාරුවට මං ඒ මුද්ද දාගත්තු බව මට සිහි උනා.. ඊට පස්සෙ ඒ මූසල කලුවර රාත්රිය.....'මගෙ' කියලා බදාගෙන හිටිය 'එයා' මගෙන් වෙන් උන හැටි... හැමදේම ඔලුව ඇතුලෙ කැරකෙන්න ගත්තා...
මට තවත් දරාගන්න බෑ...
ඇයි අම්මෙ මාව විතරක් මේ ලෝකෙ දාලා ඔය දෙන්නා ගියෙ... ළඟ නොහිටියත් ඔයාලා ගන්න හුස්මම මාත් ගන්නවා කියලා හිතන් සැනසෙන්නවත් මට බැරි කරේ ඇයි?
මිනිස්සු ආදරේදි අන්ධ වෙනවා කියයි සමහරෙක්... සමහරෙක් කියයි මිනිස්සු ආදරේදි පරිණත වෙනවා කියලා..මටනම් ඔය එක කෙහෙල්මලක්වත් ලැබුනෙ නෑ... උරුම උනේ දුක විතරක් වෙන කොට..
ඩයරියකින් පටන් අරන්.. අව්රුදු නමයක් දහයක් අපි ආදරේ කරා දේශාන්... මතක් වෙද්දි කැක්කුම් දෙනවා.. මහ වැස්සෙ අපි දෙන්නා ගිය වීර චාරිකා... එහෙම ගිහින් මහ හීතලේම තවත් මුද්දක් මං උජාරුවෙන් දාගත්තා.. හැබැයි කාටත් හොරාම... මං හිතුවෙ මම විතරක් හිටිය කතාවට 'අපි' කියන වචනෙ එකතු උනා කියලා.. ඒත් මං රැවටිලා.. ඔව් දේශ්... මං ආයෙම රැවටිලා...
YOU ARE READING
ආත්ම|ATHMA||✔|
Romanceහොඳ කරන්නම බැරිනම් ඉරිච්ච හදවතක් ජපානෙත් නෑ පිපිනේනෙ රෝස පැහැ සකුරත් ආදරේ කියන්නෙම සතුට විතරක්නම් රෝමියෝ ජුලියටුත් නෑ වෙන්නෙ ඛේදාන්තයක්.. මැරුණු ආත්මෙකට පවා පණ දෙන්න හැකිනම් එතනයි තියෙන්නෙ ප්රේමය දෝරෙ ගලමින්..