ශවර් එක අතරින් ගලන් ආව මද උණුසුම් වතුර නිසා ශවර් ඒරියා එක කවර් උන ග්ලාස් වෝල් එක පුරා මීදුම් පටලයක් ඇති වෙලා තිබුනා. විනාඩි කිහිපයක් තිස්සේ ඉදන් ශවර් එක යට හිටපු ජිමින් එයාගේ අතක් ග්ලාස් වෝල් එක දිගේ අරන් ගිහින් එයාගේ ඔලුව වීදුරැවට බර කරගත්තා. එයාගේ ඔලුව සියුම් වේදනාවකින් පිරිලා ගියේ ෆ්‍රෑන්ක්ට කිණිස්සෙන් ඇනගෙන ගිය වෙලාවේ ඉදන්. ලිකර් ගත්ත නිසා වගේම වැස්සේ තෙමුන නිසා ඒ වේදනාව ටික ටික වැඩි වෙන්න පටන් අරන් තිබුනා. ඒත් ඊටත් වඩා එයාගේ හදවත ඇදුම් කන්න පටන් අරන් තිබුන නිසා ජිමින් හිටියේ නිරවුල් මනසකින් නෙමෙයි.
ඔලුව රිදෙන එකට හිතේ තියෙන ගැඹුරැ වේදනාවකුත් එකතු උනාම...... ඒක විදින්න ආස හිතෙන හැඟීමක් නෙමෙයි. ඒත් දැන් මාස හයක් තිස්සේ ඉදන් ජිමින් ඒ වේදනාව විඳින්නේ. වේදනාව අතඇරල හැමදේකින්ම පැනලා යන්න උවමනාවක් තිබුනත් ජිමින්ගේ ඇතුළාන්තය ජිමින්ට ඒක කරන්න දුන්නේ නැහැ. එයාට තත්පරයකට හරි සැනසීමක් දැනුනේ එයාගේ අත්වල ලේ තැවරැනාම. ඒ ලේ හේදිලා යන හැටි බලන් ඉද්දි. ඉතින් ජිමින් එයාගේ සැනසීම හොයන එක නතර කලේ නැහැ. තමන් තුළම තියන ඒ වියරැවට ජිමින් ඇබ්බැහි වෙලා හිටියා. ඒ වියරැව නතර වෙන්නේ කවද්ද කියලා ජිමින් දැනගෙන හිටියේ නැහැ... හැබැයි එයා ඒක නතර කරයි. දවසක.. තමන්ගේ ඇතුළාන්තය සම්පූර්ණයෙන්ම තෘප්තිමත් උනාම.
සම්පූර්ණයෙන්ම නිරැවතින් හිටපු ජිමින්ගේ සිරැරේ තැනින් තැන සියුම් කැපුම් පාරවල් තිබුනා. මේවා දිහා ග්ලාස් වෝල් එකෙන් ජිමින් බලන් හිටියා. මීට මාස හයකට කලින් ජිමින්ගේ ඇගේ කිසිම සලකුණක් තිබුනේ නැහැ... එයාගේ ටැටු වලට අමතරව. ජිමින්ගේ මෂ්රෑම් කලර් හමට ඒ ටැටු හොදින් ගැළපිලා තිබුනා. ඒත් දැන් වෙද්දි ජිමින්ගේ හම සුදුමැලි සුදකට වගේම කැළැල් වලින් වෙනස් වෙලා. එයාගේ මුලු සිරැරම කලින්ට වඩා දරදඬු වෙලා. යන්තමින් තිබුන ඇබ්ස් සික්ස් පැක් වලට හැරිලා. අත් ගොබ තද වෙලා පැක් වෙලා තිබුනා. තයිස් ෆිට් වෙලා සිරැරේ හැම සියුම් රේඛාවක්ම දරදඩු විදියට හැඩවෙලා ගිහින්. ජිමින්ගේ කලු කෙටි කොන්ඩෙත් එක්ක ජිමින්ට ලැබිලා තිබුනේ දරදඬු පරිණත පෙනුමක්.
YOU ARE READING
MADNESS LIES IN LOVE || PJM || COMPLETED
FanfictionShe fell in love with him first. She was crazy for him. She loves him so madly. And then He fell for her... very hard and deeply. . . . . . & In the end he became an Insane Lover. A PJM Fanfiction By Ayo. Started : 2023.10.08. Ended : 2023.11.3...