Memo
.
.
.
.
.ජිමින් එයාගේ අපාට්මන්ට් එකේ පාකින් එකට ආවේ එයාගේ හෙල්මට් එකත් අතේ තියාගෙන. හරියටම දවස් තුනකට පස්සෙයි ජිමින් එයාගේ ඩුකාටිය අල්ලන්නෙත්. ජිමින් දිලිසෙන ඇස් වලින් එයාගේ බයික් එක අත ගාලා කටත් උල් කරගෙන බයික් එක බදාගත්තා.
" ආහ්හහ අයි මිස් යු බේබි.."
බයික් එකට නැග්ග ජිමින් එයාගේ හෙල්මට් එකත් දාගෙන බයික් එක ස්ටාට් කරගත්තා. ජිමින් හිටියේ කලු පාට රිප්ඩ් ජින්ස් එකකට කලු පාටම ටී එකක් වගේම ජැකට් එකක් ඇදලා. වෙනදා වගේ රතු පාට අදින්න ගියත් ජිමින්ට කලු පාට අදින්න හිතුනේ කයිලි අරන් දිපු කලු පාට කැල්වින් ක්ලේන් ජැකට් එක දකිද්දියි. රතු පාට හෙල්මට් එක වෙනුවට කලු එකත් අරගෙන ජිමින් පහළට ආවේ. එයාගේ රතු පාට ඩුකාටියට කලු පාටත් හොදින්ම මැච් වෙනවයි කියලා ජිමින්ට තේරැනා.
" ලෙට්ස් ගෝ ෆො'රඅ රයිඩ් බේබි.."
ජිමින් පාකින් එකෙන් බයික් එක එළියට ගත්තේ තොල් අගට ආව දගකාර හිනාවක් එක්ක. දවස් තුනකින් විතර බයික් එක පදිනවා තියා... අපාට්මන්ට් එකෙන් එළියටවත් එන්න බැරි උන නිසා ජිමින් ලෑස්ති වුනේ ටිකක් දිග බයික් රයිඩ් එකක් යන්න.
" ඌව්වව.. මිස්ටර් රයිඩර්'ට හොදටම හොද වෙලා වගේ...!! කොහෙද යන්නේ ජිමින්..? "
පාරට බයික් එක දාන්න හදනවත් එක්කම ජිමින්ගේ බයික් එක හරස් කරලා නතර වුන රේන්ජ් රෝවර් එකෙන් බැස්ස කයිලි කිව්වේ ජිමින් දිහා ඇස් හිනි කරගෙන බලලා. ඒත් කයිලිගේ මුණේ හිනාවක් තිබ්බා.
" ච්හ්... මම රයිඩ් එකකට යනවා.. එහාට වෙනවා.. කයිලි.."
හෙල්මට් ග්ලාස් එක උඩට කරපු ජිමින් අපාට්මන්ට් එන්ට්‍රන්ස් ගාව ඉදන් එයාලා දිහා බලන් ඉන්න ඇඩම්ට රවලා කයිලිට කිව්වා.
" මාත් එනවා..."
" මොකා.. නැ..නැ...එහාට යනවා.. කයිලි.."
" බැ... මාවත් එක්කන් යන්න.. ඔය මිස්ටර් පාක්ව අසනීප වෙලා බලාගෙන.. කන්න ගෙනත් දීලා.. බෙහෙත් ගෙනත් දීලා.. රෙදි හෝදලා.. වනලා.. නවලා.. අරන් තියලා.. අපාට්මන්ට් එකේ වැඩටයි කෑම හදන්නයි.. මේඩ් කෙනෙකුත් හොයලා දුන්නට.. මට සලකන්න හ්හ්.. යු ශුඩ් ඩු ඉට් ජිමින්.."
YOU ARE READING
MADNESS LIES IN LOVE || PJM || COMPLETED
FanfictionShe fell in love with him first. She was crazy for him. She loves him so madly. And then He fell for her... very hard and deeply. . . . . . & In the end he became an Insane Lover. A PJM Fanfiction By Ayo. Started : 2023.10.08. Ended : 2023.11.3...