Memo
.
.
.
.
.ජිමින් හිටියේ එයාගේ අපාට්මන්ට් කිචන් එකේ. කිචන් අයිලන්ඩ් එකටම ඇටැච් කරලා හදලා තිබුන මේසේ ළඟ පුටුවෙන් වාඩි වෙලා හිටපු ජිමින් එයාගේ බ්‍රෙක්ෆස්ට් එක අරගන්න ගමන් හිටියේ.
" මොනවද ඔය කරන්නේ..? දැන් ඔයා මොනවද ඕවා කරලා බලාපොරොත්තු වෙන්නේ කයිලි...ආ..? "
ප්ලේට් එකේ තිබුන චිකන් කෑල්ලට ගෑරැප්පුවෙන් අනින ගමන් ජිමින් ඇහුවේ කිචන් එක පුරා එහෙ මෙහෙ යන කයිලිගෙන්.
" පෙන්නැද්ද මම මොකද කරන්නේ කියලා..? උණ හැදුනම ඇස් පෙන්නැති වෙනවා කියලා.. මම දන්නැනේ.."
අතේ තිබුන එග් බොක්ස් එකෙන් බිත්තර අරගෙන ෆ්‍රිජ් එකට දාන ගමන් කයිලි කිව්වේ ජිමින්ට බැල්මක්වත් නොදි.
" මම අහන්නේ ඔයා මේ කෑම ජාති මගේ කිචන් එකේ පුරවලා මොකක්ද කරන්න යන්නේ...? "
" කන්න යන්නේ..! මේවා තියන්නේ කන්න.. අනික ඔයාගේ මේ කිචන් එකට කිචන් එකක් කියන්න පුලුවන්ද මේ දැන් වෙනකල්.. මේකේ බඩු ටිකයි හැඩයයි විතරයි ඒ වගේ... කන්න කියලා කිසිම දෙයක් තිබ්බද කලින්..? "
ගෙනත් තිබුන සොෆ්ට් ඩ්‍රින්ක්ස් බෝතල් ටිකත් ෆ්‍රිජ් එකට දාන ගමන් කයිලි කිව්වා. කයිලි කියපු විදියටම ජිමින්ගේ කිචන් එක තිබුනේ හිස් වෙලා. බොන්න තියන වතුර ටික ඇරෙන්න කන්න බොන්න කිසිම දෙයක් එතන තිබුනේ නැහැ. මේක කයිලි දැනගත්තේ දවසකට කලින්.. ජිමින් අසනීප වෙලා ඉද්දි කන්න මොනා හරි ගන්න කිචන් එකට ආපු වෙලේ. කයිලි එයාගේ නළල පිරිමැදගෙන ඇඩම්ට කියලා කෑම එළියෙන් ගෙන්න ගත්තා. ඊයේ දවසේ හවස් වරැවෙම කයිලි කලේ ජිමින්ගේ කිචන් එකට ඕන කරන බඩු ටික ගත්තු එක. අද උදෙන්ම එයා ඒවත් අරගෙන ජිමින්ගේ අපාට්මන්ට් එකට ආවේ ජිමින්ට කන්න බ්‍රෙක්ෆස්ට් එකත් අරගෙනමයි. දැන් ඔය කයිලිට බැන බැන ජිමින් කන්නෙත් කයිලිම ගෙනාපු කෑම එක තමයි.
" මම ඔයාට කිව්වේ නැ..ඇ..කැහ්හ.. අහ්ම්.."
" කද්දිවත් කියවන්නැතුව කන්නකො.. මිස්ටර් රයිඩර්..!! කෝ ආ මේ වතුර එක බොන්න.."
YOU ARE READING
MADNESS LIES IN LOVE || PJM || COMPLETED
FanfictionShe fell in love with him first. She was crazy for him. She loves him so madly. And then He fell for her... very hard and deeply. . . . . . & In the end he became an Insane Lover. A PJM Fanfiction By Ayo. Started : 2023.10.08. Ended : 2023.11.3...