04. Don't do Anything

240 55 3
                                    

Memo
.
.
.
.
.

මෙක්සිකෝවලට ප්‍රධානම රේසින් ට්‍රැක් ස්ටේඩියම් එකක් වුන ඇල්ෆො එක පුරාම ලොකු එළියක් විහිදෙන ෆ්ලෑෂ් ලයිට්ස් පත්තු වෙලයි තිබුනේ. රාත්‍රියේ අදුර ඒ ලයිට්ස් නිසා නැති වෙලා තිබුනත් ස්ටේඩියම් එකේ අදුර සම්පූර්ණයෙන්ම නැති වෙලා තිබුනේ නැහැ. ඒ වෙද්දිත් ස්ටේඩියම් එක සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ගෙන් පිරිලා ගිහින් තිබුනේ එයාලාගේ කෑ ගැසීම් එක්කමයි. ට්‍රැක් එකේ සිද්ධ වෙමින් තිබුන තරඟේ වින් කරන කෙනා වෙනුවෙන් ඒ හැමෝම කෑ ගැහුවා. අන්තිම වටයත් පටන් අරගෙන තිබුන නිසා ධාවකයෝ වගේම ප්‍රෙක්ෂකයොත් හිටියේ දරාගන්න බැරි කුතුහලයක් එක්ක.


ඒත් ස්ටේඩියම් එක කෙලවරක උසම තැනක ඉදගෙන තරැණියක් මේ දිහා බලන් හිටියේ හැගීම් විරහිත විදියට.. හරියටම කියනවා නම් එපා වුන පෙනුමක් එක්ක. එයා එයාගේ පැන්ට්වල සාක්කුවලට අත් දෙක දාගෙන ට්‍රැක් එකේ යන බයික් දිහා බලන් හිටියා.


" මෑම්.. කයිලි.. මේ තියන්නේ ඒ බෝයිගේ ඩීටේල් රිපෝට් එක..."

තරැණිය වටේ හිටපු සම්පූර්ණ කලු ඇදගත්තු හැඩිදැඩි පිරිමි අතරින් ආව බ්ලොන්ඩ් පාට කොන්ඩයක් තිබුන තරැණයා කිව්වේ රිපෝට් ෆයිල් එකක් කයිලි දිහාවට දික් කරන ගමන්.



" හ්ම්මම....පාක් ජිමින්.."

එතන තිබුන පු⁣ටුවකට බර වුන කයිලි එයාගේ සන්ග්ලාස් දෙක ගලවලා ඒක එයාගේ ඇඟිලිවලින් තොල්වලට හිර කරගෙන ෆයිල් එකේ මුල්ම පිටුවේ තිබුන නම දිහා බලාගෙන මිමිණුවා. නමට පහළින් තිබුන ට්‍රෝෆි එකක් අල්ලගෙන හිනාවෙලා ඉන්න ජිමින් දිහා කයිලි බලන් හිටියේ එයා⁣ගේ ඇතුල් කම්මුල් දිවෙන් තෙරපන ගමන්.

" දවස් දෙකකට කලින් මාව මඩ වතුරෙන් නාවලා ගියේ.. චැම්පියන් කෙනෙක්... ද.. ම්මමම... සම්තින්ග් ඊස් ස්ට්‍රෙන්ජ් අබවුට් හිම්... ලයික් අ කියුට් ට්‍රැප්..."

ජිමින්ගේ ඉපදුණු දවසේ ඉදන් එයා ගැන විස්තර තිබුන ෆයිල් එක පෙරළන ගමන් කයිලි කිව්වා. ඒ එක්කම ස්ටේඩියම් එක එකම ඝෝෂාවකින් පිරිලා ගියේ රේස් එක ඉවර උනු නිසා. ස්ටේඩියම් එක පුරාම රැව් දුන්නේ ජිමින් කියන නම වෙද්දි ෆයිල් එක ආපහු ඩේව් අතට දීලා එයාගේ සන්ග්ලාස් දෙකත් දාගෙන කයිලි ස්ටේඩියම් බැල්කනි බාර් එකට බර උනා. ජිමින් තරඟය වින් කරලා හිටියේ.. එයා වටේට ගොඩක් අය එකතු වෙද්දි කයිලි ඈත ඉදන් මේ දිහා බලන් හිටියා. ජිමින් ට්‍රෝෆි එක අතේ තියාගෙන කැමරා ඉස්සරහා හිනාවෙන විදිය කයිලි බලාගෙන හිටියේ එයාගේ නිකටට අතත් තියාගෙන.

" මෑම්.. අපි මොකද කරන්න ඕන.. එයාව.."

" ඩොන්ට්... Don't do anything.. for now.. එයා මොනව ද කරන්නේ කියලා බලන් ඉමු..."

ඩේව් කියන්න ගිය එක සම්පූර්ණ කරන්න නොදුන්න කයිලි එහෙම කිව්වා. ජිමින් ස්ටේජ් එකෙන් බැහැලා යද්දි කයිලිත් ස්ටේඩියම් එකේ පහළට බැහැගෙන ආවේ එයාගේ ගාඩ්ස්ලත් එක්කමයි.
.
.
.
.
.
.
.
.
.

පිටතින් බලද්දි කයිලි කියන්නේ අවුරැදු විසිතුනක සාමාන්‍ය තරැණියක් උනත්... කයිලි සැන්චෙස් කියන්නේ කොහෙත්ම සාමාන්‍ය තරැණියක් නෙමෙයි. මුලු ඇමරිකාවේම අන්ඩවල් කනෙක්ශන්වල මුල්ම තැන ගන්න කැෆෝ මාෆියාවේ ප්‍රධානියා.. හෙන්රි සැන්චෙස්ගේ එකම දුව තමයි කයිලි සැන්චෙස් කියන්නේ.

කයිලිට තිබුනේ දරදඬු හිතුවක්කාර පෙනුමක්. පුංචි කාලේ ඉදන්ම එයා හැදුනේ වෙඩි උණ්ඩ.. පිපිරිම.. කිනිසි මුගුරැ එක්ක.. සම්පූර්ණයෙන්ම අඳුරැ ලෝකයක් ඇතුළේ. තමන්ගේ ඩැඩාගෙන් පස්සේ කැෆෝ එක තමන් අතට අරගන්න ඕන නිසාම කයිලි ඒකට ලෑස්ති උනා. ⁣එයාගේ ඩැඩා කයිලිව ඒකට සුදානම් කලා. දැන් වෙද්දි එයා හරිම ශක්තිමත් තරැණියක්.. කලු පාට ටිකක් දිගට වැවුනු කොන්ඩයක් එක්ක.. සැහැල්ලු නම්‍යශිලි ශක්තිමත් සිරැරක් කයිලිට තිබුනා... තුවාල කැළලි එක්කම.

ඩේව් ගුල්සෙන් කියන්නේ පුංචි කාලේ ඉදන් කයිලිත් එක්ක හිටපු කෙනා. දැන් වෙද්දි කයිලිගේ හැමදෙයක් පිටිපස්සෙන්ම ඉන්නේ ඩේව්. අනාගතේ දවසක කයිලි කැෆෝ ගැන්ග් එක බාරගත්තම ඩේව් එයාගේ දකුණු අත විදියට ඉදිවි.
.
.
.
.
.
.
.
.
.

 අනාගතේ දවසක කයිලි කැෆෝ ගැන්ග් එක බාරගත්තම ඩේව් එයාගේ දකුණු අත විදියට ඉදිවි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kylie Sanches
Age : 23




____________________________________

MADNESS LIES IN LOVE || PJM || COMPLETEDWhere stories live. Discover now