Memo
.
.
.
.
.ජිමින්ගේ රතු පාට ඩුකාටිය ට්‍රැක් එකේ ඈතට පෙනුනේ හරිම පොඩියට. ස්ටේඩියම් ස්ටාෆ් එකයි ජිමින්ගේ ටීම් එකේ දෙතුන් දෙනෙක් විතරක් ස්ටේඩියම් එකේ හිටිය නිසා ජිමින්ගේ බයික් එකේ සද්දේ ස්ටේඩියම් එකේ දෝංකාර දුන්නා. ජිමින් යන වේගෙත් එක්ක ඒක හුඟක් වැඩි වෙලයි තිබුනේ. ට්‍රැක් එකේ වට ටික කම්පීල්ට් කලාට පස්සේ ජිමින් බයික් එක නතර කරගත්තේ එයාගේ ටීම් එක ගාවින්.
" 14 මිනිට්ස්... ජිමිනා.. මට නම් ශුවර්.. හෙට අනිවා ගේමක් නැතුව වින් කරන්න පුලුවන්.."
මැනේජර් කියද්දි ජිමින් එයාගේ හෙල්මට් එක ගලවලා එයාගේ ටීම් එකත් එක්ක හිනාවුනා. හෙට තියන රේස් එකට ජිමින් ප්‍රැක්ටිස් වුනේ සති දෙකක් තිස්සේ ඉදන්.. හැමදාම පැය හතරක් පහක් ජිමින් ට්‍රැක් එකේ ප්‍රැක්ටිස් කලේ එයාගේ වේගේ වැඩි කරගන්න.
" අහ්ම්.. ජිමින් අදත් ඇවිත් වගේ..."
ජිමින්ගේ මැනේජර් කියද්දි ජිමින්ගේ ඇස් ස්ටේඩියම් එකේ උඩම ග්ලාස්වලින් කවර් වෙලා තිබුන විඅයිපි ඒරියා එක දිහාවට ඇදුනා. ජිමින් බලද්දිම වගේ තමන්ගේ ගාඩ්ස්ලා තුන්දෙනත් එක්ක එතන හිටපු කයිලි ජිමින්ට අත වැනුවා. ජිමින් හුස්මක් පිට කරලා ඔලුව වනලා ඇතුළට ගියා. එදා ක්ලබ් එකේ හම්බුනයින් පස්සේ.. කයිලිව ජිමින්ට හැමදාම හම්බුනා. ජිමින් යන යන හැම ක්ලබ් එකකටම කයිලි ආවා.. ජිමින් ප්‍රැක්ටිස් කරන හැම ට්‍රැක් එකකටමත් කයිලි ආවා. ජිමින්ට හිතාගන්න බැරැව හිටියේ මේ විකාර කෙල්ල එයා පස්සෙ පන්නන්නේ ඇයි කියලා.
සමහරවිට කයිලි කියන්නේ ජිමින් ගැන ඕවර් ඕබ්සෙස් වෙච්ච ෆෑන් කෙනෙක්වත්.. ද.. ජිමින්ට ඒකට නම් බයත් හිතුනා. මොකද ඒ ජාතියේ ෆෑන්ස්ලා එක්ක ගනුදෙනු කරන්න හරි අමාරැයි. ඒත් කයිලි එයාව දැක්කම නලියන ෆෑන් කෙනෙක් වගේ හැසිරෙන්නෙත් නෑ. ඈත ඉදන් බලන් ඉන්නවා... ජිමින් ගැන ඕනාවට වඩා කෙයා කරනවා කියලා ජිමින්ට තේරිලයි තිබුනේ. මේ නිසා ජිමින් සතියක් විතර ක්ලබ් යන එකත් නැවැත්තුවා.. ඒත් එයාට ප්‍රැක්ටිස් කරන එක නවත්තන්න බැහැ නේ.. ඉතින් පහුගිය සති දෙක ගෙවුනු විදියටම අදත් කයිලි ඈත ඉදන් එයා දිහා බලන් ඉන්නවා.
YOU ARE READING
MADNESS LIES IN LOVE || PJM || COMPLETED
FanfictionShe fell in love with him first. She was crazy for him. She loves him so madly. And then He fell for her... very hard and deeply. . . . . . & In the end he became an Insane Lover. A PJM Fanfiction By Ayo. Started : 2023.10.08. Ended : 2023.11.3...