24. Hey Baby

196 48 14
                                    

ඇමරිකාවේ වොශින්ටන්වල තිබුන ඉන්ටර්පෝල් ප්‍රි'සන් එකේ වැඩි ආරක්ෂාවක් තිබුනේ එතනට ගෙන්නේ ජාත්‍යන්තර අපරාධවලට හවුල් වුන හිරකාරයො නිසා. ජිමින් හිටියේත් අධිආරක්ෂිත කලාපෙක ජිමින්ටම වෙන්වුන සිරමැදිරයක. ලියොව මරලා දාලා පොලිස් අත්ඩංගුවට පත් වෙලා දවස් පහක නඩුවකින් පස්සේ මිනිමැරීම් චෝදනා.. එක්කම අන්ඩර්වල්ඩ් මාෆියාවට සම්බන්ධ දේවල් වලට ප්‍රධාන වැරදිකාරයෙක් විදියට ජිමින්ව අපරාධකාරයෙක් විදියට නම් කලා. නියමිත සාක්ෂි මදිවීම නිසා ජිමින්ට මරණ දණ්ඩනය පනවන්න බැරි උනත් එයාට ජීවිත කාලය දක්වාම සිර දඩුවම් ලැබුනා.


වෙච්ච දේ එක්ක ජිමින්ගේ ෆෑන්ස්ලා කලබල වෙලා ශොක් උනත් එයාලට කරන්න පුලුවන් දෙයක් තිබුනේ නැහැ. සමහරක් ජිමින්ට ප්‍රංශසා කරද්දි සමහරක් ජිමින්ව සතෙක් ගානට දාලා අවලාද කලා. සමාජය ඉස්සරහා පාක් ජිමින් කියන්නේ මිනිස්සු මරන්න ලේ පිපාසයෙන් ඉන්න උන්මත්තකයෙක් නිසා එයාට අධිආරක්ෂිත කාලපයක තනි සිරමැදිරියක් ලැබුනේ. ඇඩම් ජිමින් වෙනුවෙන් පෙනි ඉන්න ආවත් ජිමින් එයාව හම්බෙන එක පවා තරයේ ප්‍රතික්ෂේප කලා. ඉන්ටර්පෝල් ප්‍රිසන් එක ඇතුළට ගියාට පස්සේ කොහොමත් ජිමින්ව හම්බෙන්න පිටකෙනෙක්ට බැහැ. ඒත් ජිමින් එයා කරපු දේවල් ගැනවත් එයා දැන් ඉන්න තැන ගැනවත් කිසිම තැකීමක් කලේ නැහැ. එයා නිහඬවම එයාගේ සිරමැදිරියේ පුටුවකට හිරවෙලා හිටියා.



මානසික ලෙඩෙක්..ඇති අපරාධකාරයෙක් විදියට නම් වුන නිසා ජිමින්ගේ අත් කකුල් තිබුනෙම යදම්වලින් හිරවෙලා. නිදාගන්න පැය කිහිපය ඇරෙන්න ජිමින් මුලු දවසම ගත කලේ හිර කරපු පුටුවක වාඩිවෙලා. ජිමින් හිටපු සෙල් එක ග්ලාස්වලින් හදවපු එකක්. ජිමින්ගේ පුංචි සෙලවීමක් ගැන පවා බන්ධනාගාර නිළධාරින් අවධානෙන් හිටියේ. ජිමින්ට කන්න ලැබුනු වේල් තුනත් එයා ගත්තේ බන්ධනාගාර නිළධාරින් තුන්දෙනෙක් ඉස්සරහා. ඒ වෙලාවට විතරක් පුටුවට හිර කරපු එයාගේ අත් නිදහස් වෙනවා. ඒත් සෙල් එකේ බිමට සවි කරලා තිබුන යකඩ යදම්වලින් ජිමින් නිදහස් උනේම නැති තරම්. ජිමින් ඒවා ගැන තැකීමක් කලේ නැහැ.. මොකද එයා ජීවත් වෙන්නේ එයාගේ හුස්ම වැටෙන නිසාම විතරයි.
.
.
.
.
.
.
.
.
.
.
.
.

MADNESS LIES IN LOVE || PJM || COMPLETEDWhere stories live. Discover now