Present
.
.
.
.
.ඉර බැහැගෙන යන්න පටන් අරන් තිබුන හවස් වරැවේ චිකාගෝව සාමාන්‍ය විදියටම කාර්‍යබහුල වෙලා තිබුනේ. ජිමින් හිටියේ චිකාගෝවල සුවපහසු හොටෙල් රූම් එකක. පැයක විතර බාත් එකකට පස්සේ වොශ්රූම් එකෙන් එළියට ආව ජිමින් එයාගේ තෙත කොන්ඩේ ඩ්‍රයි කරන්න ගත්තේ බාත්රොබ් එක පිටින්මයි. කොන්ඩේ ඩ්‍රයි කරගත්තට පස්සේ බ්ලැක් කලර් බොනොබොස් සූට් එකක් තෝරගත්ත ජිමින් ඒක අදින්න ගත්තා. කලු පාට පැන්ට් එකට කලු පාට ශර්ට් එක යටකරගත්ත ජිමින් බදට තද කරන පටිය බැදගත්තේ පිටිපස්සෙන් කිනිස්සක් තද කරගෙනමයි. ඉතුරැ වෙලා තිබුන බ්ලෙසර් එක දාගත්තට පස්සේ ජිමින් ශර්ට් එකේ අත්වල බට්න්ස් ෆික්ස් කරගත්තා.
මිරර් ටේබල් එක උඩ තිබුන අල්ලක් තරම් දිග කලු පාට වීදුරැ බොට්ල් එක අරගත්ත ජිමින් ඒක බ්ලෙසර් එක ඇතුල් පැත්තේ තිබුන පොකට් එකකට දාගත්තා. තරමක් ලොකු කලු පාට හැට් එකත් අතට ගත්ත ජිමින් අන්තිමට පාරට එයාගේ පෙනුම දිහා බලලා යන්තමින් හිනාවෙලා රූම් එකෙන් එළියට ආවා. ලිෆ්ට් එකේ පහළට ආව ජිමින් හොටෙල් ලොබී එකෙන් පාකින් එකට එද්දි ඇඩම් ජිමින් ගාවට ආවේ ලැප්ටොප් සයිස් කලු පාට සූට් කේස් එකකුත් අතින් අරගෙනයි.
" සර් ඉල්ලපු හැමදෙයක්ම රෙඩි.."
" ම්මම.. ඇඩම් මැකෝලාගේ ඉතුරැ වෙයාහවුස් එකයි.. මේන්හවුස් එකයි..."
" දැනටමත් මගේ මිනිස්සු එතනට ගිහින් ඇති... ඩොන්.."
" ම්මම.. ඇඩම් තමුන් මං එක්ක එන්න උවමනාවක් නෑ.. ගැන්ග් එක ඩිස්මිස් කරවලා දාන්න.. කැෆෝලා කවුරැත් අතර ඉස්සරහට ප්‍රශ්න ඇති වෙන්න බෑ.. බිස්නස් ටික බලාගන්න.. ඒ වගේම මැකෙන්සි නම ගෑවුන එකෙක්වත් මේ ලෝකේ ඉතුරැ වෙන්න බෑ.. "
" මම ඒ ටික අනිවාර්යයෙන් කරනවා.. ඩොන්.. ඒත් මම.. ඩොන් එක්ක..."
ඇඩම් වදවෙන විදියට කිව්වත්.. ජිමින් ඇඩම්ගේ අතේ තිබුන සූට් කේස් එක අතට අරගත්තා.
" උඹ හොද මිනිහෙක් ඇඩම්.. උඹ උඹට පැවරැනු හැම වැඩක්ම හරියටම කලා..."
ඇඩම්ගේ උරහිසට අතක් තියලා තට්ටු කරලා කියපු ජිමින් පාකින් එකේ තිබුන කලු පාට ජිප් එකට නැග්ගා. ඊට තත්පරයකට පස්සේ ජිප් එක එතනින් පිටවෙද්දි ඇඩම් ඒ දිහා නිසොල්මන්ව බලන් හිටියා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
YOU ARE READING
MADNESS LIES IN LOVE || PJM || COMPLETED
FanfictionShe fell in love with him first. She was crazy for him. She loves him so madly. And then He fell for her... very hard and deeply. . . . . . & In the end he became an Insane Lover. A PJM Fanfiction By Ayo. Started : 2023.10.08. Ended : 2023.11.3...