Memo
.
.
.
.
." Twenty-one weapons and drug stores of a major gang involved in the country's underworld activities have been seized by the police and fifty people involved in the underworld activities, including two leaders of two gangsters, have lost their lives in a clash between them... "
ජිමින් හිටියේ එයාගේ අපාට්මන්ට් ලිවින් රූම් එකේ සෝෆාවක කකුල් ඈත් කරගෙන වාඩිවෙලා. ටීවි එකේ පෙන්වන ගිනිගැනීම්.. පොලිස් වැටලීම්.. මැරැණු පුද්ගලයින්ගේ විස්තර දිහා ජිමින් බලන් හිටියේ එයාගේ කකුල්වලට වැලමිට හිර කරගෙන. එයාගේ අත් සැරින් සැරේ එයාගේ මුණ පුරා ගියේ එයාවම සන්සුන් කරගන්න අදහසින්. හරියටම දවස් දෙකක්... ගත වෙලා තිබුනත්.. ටීවි එකේ පෙන්වන දේවල් වල වෙනසක් නොතිබුනා වගේම කයිලිව දැකගන්නත් ජිමින්ට බැරි උනා. එයාගේ හිත කොයිතරම් නම් බය වෙලා තිබුනත්.. කයිලිව දකින්න තදියම් හැඟීමකින් එයා බැටකෑවත් එයාට කයිලිව සම්බන්ධ කරගන්න පුලුවන් උනේ නැහැ. ජිමින් හිටියේ පිස්සු හැදුන මිනිහෙක් ගානට.
" තාම ඔය එකෙක්වත් කන්ටැක් කරගන්න බැරි උනාද.. මනුස්සයො...!!! කයිලි ගැන විස්තරයක් හොයාගන්න බැරි ඇයි උඹලට.. එයාගේ පපා නැතිවෙලා තියෙද්දි එයා හරි සිහියෙන් ඉදි කියලා උඹලා හිතනවද.. එක්කෝ කයිලිව හොයාගනින්.. නැත්නම් මට එළියට යන්න දීපන්.. මෙහෙම අපාට්මන්ට් එක ඇතුළට වෙලා ඉන්න මම බයගුලු ගෑණියෙක් කියලා හිතුවද..!! "
ටීවි එක වහලා දාලා රිමෝට් එක පැත්තකට විසිකරලා සෝෆාව ළඟ ටේබල් එක උඩ තිබුන යකඩ ස්ටැචු එක ටීවි එක දිහාවට විසි කරන ගමන් ජිමින් කෑ ගැහුවා. ජිමින්ගේ වියරැ හැසීරිමට ඇඩම් ටිකක් ගැස්සිලා ගියත් එයාගේ අතේ තිබුන ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත නිසා ඇඩම් කෝල් එක ආන්සර් කරලා ඒක කනේ තියාගත්තා. ලිවින් රූම් එකෙන් මෑත් වෙලා ඇඩම් දොර දිහාවට යද්දි ජිමින් එයාගේ කොන්ඩේ ඇදගන්න ගමන් ලිවින් රූම් එක පුරා ඇවිදින්න ගත්තා.
" ඕකේ...මෑම්.. හරි.. මම සර් එක්ක කතා කරලා ආය ගන්නම්..."
ඇඩම් කියනවා ඇහෙනවත් එක්කම ජිමින් ඉක්මනින් එයා දිහා බැලුවා.
" සර් මෑම් කතා කලා.. සර් කැමති නම් සර්ට මෑම් එක්ක යන්න එන්න පුලුවන්ද කියලා අහන්න කිව්වා.. මෑම්ගේ සේෆ්ටි එක නිසා මෑම්ට වෙන රටකට ෆ්ලයි කරන්න වෙනවා.. අපේ ජෙට් එක රෙඩි කරලා තියෙන්නේ.. සර් කැමති නම්.. සර්ගේ බර්ත් කන්ට්‍රි එක කොරියාවලට යමු කියලා..."
YOU ARE READING
MADNESS LIES IN LOVE || PJM || COMPLETED
FanfictionShe fell in love with him first. She was crazy for him. She loves him so madly. And then He fell for her... very hard and deeply. . . . . . & In the end he became an Insane Lover. A PJM Fanfiction By Ayo. Started : 2023.10.08. Ended : 2023.11.3...