05. I know that I'm a Bitch

221 50 10
                                    

Memo
.
.
.
.
.

ස්ටේඩියම් එකෙන් එළියට ආව ජිමින් එයාගේ යාලුවෝ රොත්තක් එක්ක ඒ ළඟම තිබු⁣න සුඛෝපභෝගී ක්ලබ් එක ඇතුළට ගියේ එයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පොඩි සෙලිබ්‍රේශන් එකකට. හැම තරඟයකටම පස්සේ මේ විදියට පාටි එකකට යන එක ජිමින්ට පුරැද්දකට ගිහින් තිබුනේ. හැබැයි ජිමින් දැනගෙන හිටියේ නැහැ එයා පස්සෙන් කෙනෙක් එනවා කියලා.

ක්ලබ් එකට ගිය ජිමින් නතර උනේ එයාගේ යාලුවෝ කිහිපදෙනෙක් එක්ක කවුච් එකක වාඩි වෙලා. එතනට දැනටමත් විස්කි බොට්ල් හතර පහක් එක්ක මීට් ඩිෂස්.. සැලඩ් ගෙනත් තිබුනේ. හැමෝගෙම කතාවලට හිනාවෙන ගමන් ජිමින් විස්කි ග්ලාස් එකක් අතට ගත්තා.

" කොච්චර හැන්ඩ්සම් උනත් වැඩක් නෑ.. මෙතන ඉන්න හැම කෙල්ලම ජිමින්ගේ පැන්ට්ස් අස්සට රිංගගන්නයි බලන්නේ....! "

" යෝ බ්‍රෝ.. ඉතින් මෙතන ඉදගෙන හිටියා.. කියලා ලස්සන අය ඔයා ගාවට එන්නැ.. නේ ටිකක් ට්‍රයි කරනවාකො.. ඔය කම්මැලිකම පැත්තක දාලා..."

එතන හිටපු තරැණයෙක් නොක්කාඩුවෙන් වගේ ජිමින්ට කියද්දි හිනාවක් එක්ක ජිමින් කිව්වා.

" නැගිටලා ගියත් වැඩක් නෑ.. හැම ගර්ල් කෙනෙක්ම ඔයා දිහා බලන් ඉන්නේ.. ඇස් ඇරලා බලනවාකෝ.. ජිමිනා.. ස්සසස...... අර අතන ඉන්න ගර්ල් නම් අලුත් වගේ හැබැයි.."

තරැණයා බාර් එක දිහා බලාගෙන හුස්ම හිරකරගෙන වගේ කියද්දි ජිමින්ගේ ඇස් ඒ දිහාවට ඇදුනා. සම්පූර්ණයෙන්ම කලු පාට ඇදුම් ඇදගත්ත පිරිමි තුන්දෙනෙක්ට කිට්ටුවෙන් උස බාර් ස්ටූල් එකේ වාඩි වෙලා හිටිය තරැණියගේ අතේ වයින් ග්ලාස් එකක් තිබුනේ. එයා හිටියේ ෆුල් බ්ලැක් ශෝට් පැන්ට් එකකට දිලිසෙන වගේ කලු පාටම ජැකට් එකක් ඇදලා. එයාගේ නිරාවරණය වුනු තයිස් ක්ලබ් එකේ රතු පාට එළිවලින් කැපිලා පෙනුනා. කලු පාට දිග කොන්ඩේ.. ජිමින් දිහාවටම යොමු උනු තියුණු බැල්ම එක්ක ජිමින් ටිකක් තිගැස්සුනත්.. එයාට ඒ බැල්මේ යම් හුරැවක් දැනුනා. හරියට මීට කලින් දන්න කෙනෙක් වගේ.

" හූස් දැට් ඩාක් බියුටි...? පට්ට ෆිගර් එකක් නේ... වටේ ඉන්නේ ගාඩ්ස්ලද මන්දා හැබැයි.."

MADNESS LIES IN LOVE || PJM || COMPLETEDWhere stories live. Discover now