09. He is not fine

196 51 15
                                    

Memo
.
.
.
.
.

ඇඩම් ඩ්‍රයිව් කරන් ආව රෙන්ජ් රෝවර් එක ජිමින්ගේ අපාට්මන්ට් එක ගාවින් නතර උනාම ජිමින් මොකුත්ම නොකියා එකෙන් බැස්සා. ස්ටේඩියම් එකේ ඉදන් අපාට්මන්ට් එකට එනකල්ම ජිමින් කලේ ග්ලාස් වින්ඩෝ එකෙන් එළිය බලන් හිටපු එක. ඒ වෙද්දි වැස්සකුත් පටන් අරන් තිබුන නිසා බිමට බැස්ස ජිමින්ව තෙමන්න පටන් ගත්තත් වාහනෙන් බැස්ස ඇඩම් කුඩයක් අරගෙන ඉක්මනින් ජිමින් ගාවට ආවා.


" සර් අපි... ඇතුළට යමු.."

" එහාට යනවා.. මට පාඩුවේ ඉන්න දීලා යනවා..."


ඇඩම්ව අහකට තල්ලු කරපු ජිමින් අපාට්මන්ට් කම්ප්ලෙක්ස් එක ඇතුළට ගියත් වෙනදා වගේ එයා එයාගේ අපාට්මන්ට් එක නොගිහින් රූෆ් ටොප් එකට ගියා. තරමක් වේගයෙන් වහින්න පටන් අරන් තිබුන උනත් රූෆ්ටොප් එකේ රේලින් එකට බර උන ජිමින් අඳුරැ වුන අහස දිහා බලන් හිටියා.

ජිමින්ගේ හිත තිබුනේ බර වෙලා. එයා පස්සෙන් කැරකෙන කෙල්ල නිකම්ම කෙනෙක් නෙමෙයි. ඒත් කයිලි අන්තිමට කියපු වචන ටික.. එයා දිහා බලලා කඳුලු පිරැනු ඇස් එක්ක හිනාවුන විදිය.. ජිමින්ගේ හිතේ කලබල හැඟීමක් ඇති කරලා තිබුනා. ප්ලාස්ටර් කරලා තිබුන එයාගේ තොලත් අල්ලලා බලපු ජිමින් එයා⁣වම සන්සුන් කරගන්න උත්සහ කලා.


" මට.. වැඩක් නෑ.. ඒ දේවල් වලින්.. කයිලි කවුරැ උනත්.. මට ඒක අදාළ නැ.."

⁣දාගෙන හිටපු ජැකට් එකේ සාක්කුවලට අත් දෙක තද කරගෙන ජිමින් ආපහු එන්න හැරැනා. ඒ එක්කම ගොරවලා අකුණු ගහන ගමන් වැස්ස තද කරන්න ගත්තා. අපාට්මන්ට් එකට ආව ජිමින් ඇදගෙන හිටපු තෙත ඇදුම් ගලවලා දාලා වොශ්රූම් එක ඇතුළට ගියා. පැයකටත් වැඩිය වෙලාවක් බාත්ටබ් එකේ බැහැලා හිටපු ජිමින් වොශ්රූම් එකේ තිබුන බාත්රොබ් එකක් පටලගෙන බෙඩ් එකට වැටුනේ ඔලුවට දැනුන වේදනාව වගේම සිරැරට දැනුන තෙහෙට්ටුව නිසයි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඇඩම් හිටියේ ජිමින්ගේ අපාට්මන්ට් ෆ්ලෝ එකේ. ජිමින් ගැන හොයන්න කියලා කයිලි එයාට කියපු දවසේ ඉදන් ඇඩම් කලේ ජිමින් ගැන හොයපු එක.. වගේම අන්තිමට ජිමින්ව හරියම දැක්කට පස්සේ දවසේ ඉදන් කයිලි කිව්ව නිසා ජිමින් පස්සෙන්ම ඉන්න කියලා ඇඩම් කොයිවෙලෙත් ජිමින්ට නොදැනෙන්න එයා පස්සෙන් හිටියා.

MADNESS LIES IN LOVE || PJM || COMPLETEDWhere stories live. Discover now