15. I'll be your Insane

175 46 7
                                    

Memo
.
.
.
.
.


එදා මෙක්සිකෝවට ඇදහැලුනේ ටිකක් තද වැස්සක්. ජිමින් මේ වැස්ස දිහා බලන් හිටියේ එයාගේ රූම් එකේ ඉදන්. කකුල් දෙක පහසුවට ඈත් කරගෙන අත් දෙකත් පිටිපස්සෙන් බෙඩ් එකට බර කරගෙන ඉදගෙන හිටපු ජිමින් ග්ලාස් වින්ඩෝ එකෙන් පේන වැහිධාරාව දිහා බලන් හිටියා. 

පිටතින් එයා සන්සුන් කියලා පෙනුනත් ඇතුළතින් ජිමින් හිටියේ නොසන්සුන් වෙලා. එයාගේ හදවත ඕනාවට වඩා පම්ප් වෙන ගමන් තිබුනේ අමුතු හැඟීම් එක්ක. ඒ අමුතු හැඟීම් ගොඩේ බයක්.. අහිමි⁣වීමේ බයක්.. පුංචි පුංචි ⁣රිදීමක්.. වගේම සතුටු හිතෙන හැඟීමක් තිබුනා.. හරියට සියුම් කිතියක් වගේ දෙයක්. කයිලිගේ හිනාව ඒ හැම දේකටම උඩින් තිබුනා.

කයිලිගේ තොල් අගින් ඇදෙන අමුතු හිනාව.. ඇස්වලින් කරන අමුතු කතා.. ඇස් හීනි කරලා රවන විදිය.. එකට එක කියලා මුරණ්ඩු විදියට රණ්ඩු කරන හැටි.. එයාගේ ආධිපත්‍යය පතුරවන විදිය.. ඒ හැමදේකටමත් වඩා.. ජිමින්ව කෙයා කරන විදිය.. ඒක හරියට ජිමින්ට දැනුනේ එයාගේ ජීවිතේම කනපිට ගහන්න කෙනෙක් ඇවිත් වගේ. ජිමින්ට එයාගේ ඔම්මා අප්පා එක්ක ලොකු මතකයක් තිබුනේ නැහැ... ඒත් එයාට මතක තිබුනා එයාලා එක්ක ඉද්දි දැනුන උණුසුම් හැඟීම. කයිලි නිසා ජිමින්⁣ට ඒ උණුසුම් හැඟීම ආයමත් දැනිලා. ජිමින්ට දැනුනේ මෙතුවක් කල් එයාගේ ජීවිතේ තිබුන අඩුව.. හිස්බව කයිලි නිසා පිරිලා ගිහින් කියලා. 




ඒත් දැන්...... හරියටම දවස් තුනක්.... අන්තිමට කයිලිව ජිමින් දැකලා. ජිමින් හිටියේ ඇතුළාන්තයෙන් කැළඹිලා. ඒක හරියට හරිම විකාර අතරමංවුන හැගීමක් වගේ. නොසන්සුන් පිස්සුවක්.. ජිමින් තුළින්ම පටන් අරන් ජිමින්ව අඩපණ කරන්න අරගෙන වගේ. ජිමින් එයාගේ කොන්ඩේ පිටිපස්සට අදින ගමන් ගැඹුරින් හුස්ම කිහිපයක් ගත්තා.



" හොදයි.. ඔයා එන්නේ නැනේ.. මම එන්නම්.. වටින දේවල් කොහොමත් කකුල් ගාවට එන්නැනේ.. ඒවා ඇචිව් කරන විදිය මම දන්නවා.. මිස් කයිලි සැන්චෙස්..." 



බෙඩ් එකෙන් නැගිට්ට ජිමින් එයාගේ ෆෝන් එකයි.. කලු පාට ජැකට් එකයි අතට අරගෙන රූම් එකෙන් එළියට ආවා. ජැකට් එක ඇදගන්න ගමන් ස්ටෙයාකේස් එක බැහැගෙන ආව ජිමින් කෙලින්ම ගියේ කිචන් එකට. පහළ දොර ගාව හිටපු ඇඩම් ජිමින් දිහා බලන් ඉද්දි කිචන් එකෙන් නයිෆ් එකක් අරගත්ත ජිමින් ඒකත් අරගෙන ආවේගකාරි විදියට ඇඩම් ගාවට ඇවිදන් ආවා. 





MADNESS LIES IN LOVE || PJM || COMPLETEDWhere stories live. Discover now