18. Your lips make me sick

209 49 3
                                    

Memo
.
.
.
.
.



" තාම ඉවර නැද්ද...? "

" කතා කරන්නැතුව ඉන්නකො.. ජිමින්.. පුදුම හදිස්සියක් නේ ඔයාට තියන්නේ.. විනාඩි තිහක් වෙන්න තව විනාඩි දෙකක් තියනවා.. ඔහොම්ම ඉන්න."

ජිමින් වගේම කයිලි හිටියේ ජිමින්ගේ අපාට්මන්ට් එකේ. පැය භාගයක් වගේ තිස්සේ ඉදන් රූම් බැල්කනි එකේ ස්වින්ග් චෙයා එකේ ජිමින් ඉදගෙන හිටියේ කයිලිගේ බලකිරීමට. කයිලි හිටියේ ජිමින්ගේ රූම් එකේ වොශ්රූම් එකේ මොනවද කරන ගමන් ජිමින්ටත් අවධානයක් ⁣දිදි. ජිමින්ගේ ඇස් පියවෙලා තිබුනේ එයාගේ මුණට දාලා තිබුන ලා කොල පාට ෆේස් පැක් එක නිසා.

ෆේස් රූටින් එකක් ජිමින්ට ජීවිතේකට තිබිලා නෑ. ඒත් දැන් මාස තුනකට කලින් එයා මහලොකු ලයින් ටිකක් දීලා කයිලිට ආදරේ කරන්න අරන් එයාව අයිති කරගත්තට පස්සේ ජීවිතේ නොකරපු එක එක විකාර දේවල් එයාට කරන්න සිද්ධ වෙලා තිබුනා.

අද උදේ අටට විතර එයාලා දෙන්නම නැගිට්ටේ නිරැවතින්. ඊයේ පාන්දර වෙනකල් ඇහැ⁣රගෙන මහන්සි වුන සෙශන් එකක් නිසා ඒ දෙන්නා එහෙම හිටියේ. ඇහැරිලා දෙන්නට දෙන්නා දිහා බලන් හිනාවෙලා.. තුරැල් වෙලා විනාඩි විස්සක් විතර කඩ්ල් කලාට පස්සෙයි එයාලා බෙඩ් එකෙන් බැස්සේ. මුණ හෝදගත්තට පස්සේ එයාලා දැනුන ලොකු බඩගින්න නිසා ඇඩම් පහළ ගෙනත් තිබුන බ්‍රෙක්ෆස්ට් එක අරගත්තා.

ඊට පස්සේ සුපුරුදු විදියට ජිමින්ගේ මුණේ පේන නොපෙනෙන ගානට තිබුන රැවුල කපන්න කයිලිට ඕන උනා. ජිමින් අකමැතිම වැඩක් තමා ඒක.. මොකද රැවුල කපනවා කියලා කයිලි ඒකෙන් කරන්නේ එයාට පැයක දෙකක විතර ෆේස් පැක් දාන එක. කයිලිට අනුව ජිමින් තමා එයාගේ කියුට් ෆ්ලෆි බෝයිෆ්‍රෙන්ඩ්.. ඒ කියුට් ෆ්ලෆි ගතිය රැකගන්න එයා බැදිලා ඉන්නවාලු.. ජිමින් ඉතින් ඇස් කරකවලා මේ විකාර දරාගන්නවා. එපා කියන්න බෑ.. නේ එපා කිව්ව ගමන් ජිමින්ගේ අත අනික් පැත්තට අරඹලා.. බිම දාගෙන හෙන නින්ජා පාට් ටිකක් දානවා. මැර කෙල්ලෙක්ට ආදරේ කරන්න ගත්තම මෙහෙම වෙනවා කියලා දැන් ජිමින්ට තේරිලා ඉවරයි.




MADNESS LIES IN LOVE || PJM || COMPLETEDWhere stories live. Discover now