" Ladies and gentlemen, we have landed at Soekarno-Hatta International Airport in Jakarta. Welcome to Indonesia."
ෆ්ලයිට් එකේ ස්ටාෆ් එකෙන් අනවුන්ස්මට් එක ඇහුන ගමන් මේ තරම් වෙලාවක් කලු පාට හැට් එකකට මූණ වහගෙන නිදාගෙන හිටපු ජිමින් නැගිටලා හැට් එක හරියට ඔලුවට දාගත්තා. ජිමින් ළඟම සීට් එකේ හිටපු ඇඩමුත් ජිමින් පස්සෙන්ම ඇවිත් ෆ්ලයිට් එකෙන් බිමට බැස්සා.
මීට පැය කිහිපයකට කලින් ඇටෝනි ඉයෝන් කියපු තැනට එන්න එයාලා ඉන්දුනීසියාවට වෙන්වුන ෆ්ලයිට් එකට නැග්ගේ. ජකර්තාවලට පය තිබ්බ මොහොතේ ඉදන් ජිමින්ගේ ඇස්වල බැල්ම අඳුරැ පාටකට වෙනස් වෙලා තිබුනේ. මිනිස්සු එක්ක වැඩි ගනුදෙනුවක් කරන්න ජිමින් අකමැති නිසා ඇඩම්ට ඉස්සර වෙන්න දීලා ජිමින් ඇඩම් පස්සෙන් ඇවිදගෙන ගියා. ජිමින්ට එයා වටේ තියන දේවල් හොඳින් පෙනුනත් ජිමින්ව අනික් අයට එච්චර පහසු දසුනක් උනේ නැහැ. ෆුල් බ්ලැක් සූට් එකට බ්ලැක් කලර්ම හැට් එකක් දාලා හිටපු ජිමින්ව මිනිස්සු අතරේ කැපිපෙනුනත් අවධානයක් ගන්න තරම් වෙලාවක් එයාලා එකතැන රැදුනේ නැහැ.
" ඩොන්.."
එයාලා එයාපෝට් එකෙන් එළියට එද්දිම කලු පාට බෙන්ස් එකක් ගාව මිනිස්සු තුන්දෙනෙක් හිටියේ එයාලව බලාපොරොත්තුවෙන්. ඒ මිනිස්සු තුන්දෙනා ජිමින්ට ඔලුව නවලා කතා කලත් ඒක ගැන තැකීමක් නොකරපු ජිමින් බෙන්ස් එකට නගිද්දි පුරැදු විදියට ඇඩම් පැසේන්ජර් සීට් එකට නැග්ගා. එක මනුස්සයෙක් ඩ්රයිව් කරද්දි අනික් දෙන්නා බයික් දෙකකින් බෙන්ස් එක ෆලෝ කරගෙන ආවා. පැයක විතර ගමනකින් පස්සේ බෙන්ස් එක නතර උනේ නගරයෙන් ඈත මිනිස්සු වැඩි තදබද පැත්තකින්. හරියට කියනවා නම් අවිධිමත් විදියට හැදුනු ගොඩනැගිලි.. ගෙවල් වලින් පිරිලා.. කුණුවලින් ජරාජිර්ණ වුන ජකාර්තාවල ස්ලම් ටවුන් එකක්.
බෙන්ස් එකෙන් බැහැගත්ත ජිමින් ඇඩම් පස්සෙන් යද්දි අර මිනිස්සු තුන්දෙනාගෙන් එක්කෙනෙක් එයාලට ඉස්සරහිනුත් අනික් දෙන්නා පිටිපස්සෙනුත් ආවා. පොඩි පොඩි ජරාජිර්ණ වුන අතුරැපාරවල් දිගේ එයාලා ඇතුළට ඇතුළට ඇවිදගෙන ආවා. වටේ හිටපු මිනිස්සුන්ගෙන් එයාලට වැඩි අවධායක් ලැබුනත් ඒ ගැන තැකීමක් නොකර එයාලා ඉස්සරහට ඇදුනා. අන්තිමට එයාලා නතර උනේ මහල් තුනක ගරාවැටෙන්න ළං වුන ගොඩනැගිල්ලක් ඉස්සරහින්. උඩට නගින්න තිබුන පටු පඩිපෙළ නැගගෙන එයාලා දෙවනි මහලට ආවා. යම් පරතරයක් එක්ක එතන පේළියට තිබුන දොරවල් පහෙන් අන්තිම දොර ගාව එයාලා නතර වෙද්දි ඉස්සරහින් ආව මනුස්සයා ළඟ තිබුන යතුරකින් දොර ඇරියා. අනික් හතරදෙනා ඇතුළට යද්දි ජිමින් අන්තිමට ඒ රූම් එකට ඇතුල් උනා.
YOU ARE READING
MADNESS LIES IN LOVE || PJM || COMPLETED
FanfictionShe fell in love with him first. She was crazy for him. She loves him so madly. And then He fell for her... very hard and deeply. . . . . . & In the end he became an Insane Lover. A PJM Fanfiction By Ayo. Started : 2023.10.08. Ended : 2023.11.3...