Memo
.
.
.
.
.ජිමින් වගේම කයිලි හිටියේ එකිනෙකාගේ තුරැලේ නින්දට වැටිලා. පාන්දර දෙකයි ගානකට ළං වෙලා තිබුන නිසා එයාලා හිටියේ තද නින්දක. රූම් එකේ තිබුන ඒසි එක නිසා වගේම ජිමින්ගේ බෙඩ් එකේ සුවදායක බව නිසා එයාලා උණුසුමට එකිනෙකාට තුරැල් වෙලා හිටියා. ජිමින්ගේ පපුවේ මූණ හංගගෙන ජිමින්ගේ අත් බාහුවක ඔලුව හිරකරන් නිදාගෙන හිටපු කයිලිගේ නින්ද කැඩිලා ගියේ ඩේව්ගේ හඬින්. රූම් එකේ දොරට තට්ටු කරන ගමන් ඩේව් කයිලිට කතා කලේ හදිස්සියකින්.
" මෑම්..."
" මිස් කයිලි...!! "
" මෑම්... මෑම්... "
යන්තමින් ඇස් ඇරගත්ත කයිලි ඩේව්ගේ හඬට වගේම දොරට නොනවත්වා වදින සද්දෙට විනාඩියක් විතර කන් දුන්නා. ජිමින්ට වෙනසක් නොදැනෙන්න කයිලි ඔලුව උස්සලා බෙඩ් එකෙන් ඉදගත්තත් තත්පර ගානෙන් නැතිවුන කයිලිගේ උණුහුම වගේම චලනය නිසා ජිමින්ගේ නින්ද කැඩිලා ගියා. එයා යන්තමින් ඇස් අරිද්දි ඇදගෙන හිටපු බාත්රොබ් එක තද කරගෙන කයිලි දොර දිහාවට ඇවිදගෙන ගියේ එයාගේ අවුල් වුන කොන්ඩේ උඩට කරලා බන් කරගන්න ගමන්. ජිමින් ඇස් ඇරලා දොර දිහා බලද්දි කයිලි දොර ඇරලා ඩේව් වගේම ඇඩම් ඉස්සරහින් හිටගත්තා.
" මෑම්...."
" මෑම්.."
" ඇයි..? "
" ඉට්ස් ඒජන්ට් මෑම්.. කැෆෝලා අපේ ලොස් ඇන්ජලීස් ටෙටරි එකට ඇටැක් කරලා.. අනික අපේ අනික් වෙයාහවුස් දහයකටත් වඩා එයාලා පොලීසියට අල්ලලා දීලා.."
ඩේව් පහත් හඬින් උනත් කලබලයෙන් කියද්දි කයිලිගේ ඇස් පුදුමයෙන් ලොකු උනා. එයාට දැනුනේ එයාගේ උගුරේ යමක් හිරවෙනවා වගේ හැඟීමක්. එකපාරම කියන්න දෙයක් එයාගේ ඔලුවට නොඑද්දි කයිලි එයාගේ තොල් තද කරගත්තා. ඒක ඇහුනු ගමන් බෙඩ් එකේ හිටපු ජිමින් බොක්සර් පිටින් බැහැලා එතනට ආවා. එයාලා දෙන්නගේ ඇස්වල මීට විනාඩියකට කලින් තිබුන තද නිදිමත නැත්තටම නැති වෙලා ගිහින්.
" පපා... පපා.. කොහෙද...? එයා ලොස්ඇන්ජලීස් හවුස් එකේ නෙමෙයි නේ හිටියේ.. ආහ්... එයා මොකද කිව්වේ..? මොකක් ද කරන්න ඕන කියලා..? "
YOU ARE READING
MADNESS LIES IN LOVE || PJM || COMPLETED
FanfictionShe fell in love with him first. She was crazy for him. She loves him so madly. And then He fell for her... very hard and deeply. . . . . . & In the end he became an Insane Lover. A PJM Fanfiction By Ayo. Started : 2023.10.08. Ended : 2023.11.3...