Memo
.
.
.
.
.ජිමින් ඇස් ඇරියේ එයාගේ සිරැරට දැනුන හිරියක් එක්ක. වේලුනු තොල් දිවෙන් තෙත් කරගත්ත ජිමින් එයාගේ බෙල්ල ටිකක් ඇලකරලා බෙඩ් එක දිහා බලද්දියි දැක්කේ එතන බිම බෙඩ් එකට ඔලුව තියන් නිදන් හිටපු කයිලිව. ජිමින්ගේ ඇස් පුදුමයෙන් ලොකු උනත් ඊළඟට එයාට කෑ ගැහුනේ එයා ඇදන් ඉන්නේ එයාගේ බොක්සර් එකක් විතරක් නිසා.
" වට්...ද....ෆක්...!!! "
" අහ්හ.. නැගිට්ට...ද... ඔයාට දැන් කොහොමද...? "
" අ...අ..අහකට යනවා.. මේ මොකද..!! "
" ඇයි බොරැවට කෑ ගහන්නේ.. දැන් නම්.. ෆිවර් එක අඩු වෙලා නේ..."
" මොන....ෆිවර්.. ද... ඇයි මම මෙහෙම ඉන්නේ...!! ඔයා මොකද මගේ අපාට්මන්ට් එකේ කරන්නේ...?? "
ජිමින්ගේ සද්දේ නිසා ගැස්සිලා ඇහැරැන කයිලි නැගිට්ට ගමන් කලේ ජිමින්ගේ නළලට අත තියලා උණ බලන එක උනත් ජිමින් කයිලිගේ අත පැත්තකට දාලා බෙඩ් එකේ පිටිපස්සට ගිහින් ඉදගත්තා. කයිලිට කෑ ගහන ගමන් එයා බෙඩ් ශිට් එකත් උඩට කරගනිද්දි එකපාරම එයාට කිවිසුමක් යද්දි කයිලි හිනාවෙලා එයාගේ තොල් තද කරගත්තා.
" ඔයාට උණ හැදිලා.. මම දන්නෙත් අද උදේ.. උදේ කිව්වට දවල් වගේ ඇඩම් මට කතා කලෙත්.. ඔයාව ඩොක්ටර් බලලා බෙහෙත් දුන්නා... මහන්සි වැඩි නිසා ෆේන්ට් වෙලා තියන්නේ.. වැස්සට තෙමිලා නිසා හෙම්බිරිස්සාව.. හැදිලා.. ඒකට බෙහෙත් තියනවා.. මුලින්ම මොනා හරි කමු.."
කයිලි කිව්වේ ළඟ තිබුන ටිශු එකක් අරගෙන ජිමින්ගේ නහය පිහිදාන ගමන්.
" ඇ..ඩම්.. කතා කරා කියන්නේ.. එයා කොහොම...ද.. "
" ඇඩම්ව මම ඔයාගේ අපාට්මන්ට් එක ගාව තියලයි තිබුනේ.. ඔයා කන්නවත් පහළට ආවේ නැති නිසා.. ඇඩම් ඇතුළට ඇවිත් බලලා තියන්නේ..."
එහෙම කියපු කයිලි එතනින් නැගිටලා රූම් එකෙන් එළියට යද්දි ජිමින් කයිලි යන දිහා තත්පර කිහිපයක් බලන් හිටියත් එයාට ආයමත් එකපාරම දෙයක් මතක් උනා.
" ශි..බල්.. ඇඩම් කොහොමද.. මගේ පාස්වර්ඩ් එක දන්නේ...!!! "
ජිමින් බෙඩ් එකෙන් බහින්න ගියත් ආයමත් පැටලිලා වගේ බෙඩ් එකේ ඉන්දවුනා. ඒ එක්කම ෆුඩ් බොක්ස් එකක් අතේ තියාගෙන කයිලි ආයමත් රූම් එකට ආවා.
YOU ARE READING
MADNESS LIES IN LOVE || PJM || COMPLETED
FanfictionShe fell in love with him first. She was crazy for him. She loves him so madly. And then He fell for her... very hard and deeply. . . . . . & In the end he became an Insane Lover. A PJM Fanfiction By Ayo. Started : 2023.10.08. Ended : 2023.11.3...