03. Fuck That Bastard

280 58 5
                                    

Memo
.
.
.
.
.



මෙක්සිකෝව කියන්නේ ජීවත් වෙන්න හොඳ පරිසරයක් තියන තරැණ නගරයක්. ඒක හැමඅතින්ම විවිධ දේවල්වලට විවෘත තැනක්. ඇමරිකාවේ කැපීපෙනන නගරයක් වුන මෙක්සිකෝව හුඟ කාලෙක ඉදන් බයික් රේසින් වලට හුඟක් ප්‍රසිද්ධයි. ලෝකේ පුරා රටවල් එකතු වෙලා තියන ජාත්‍යන්තර තරඟ වැඩිහරියක් තිබුනේ මෙක්සිකෝවල.

එතකොට පාක් ජිමින් කියන්නේ තමන්ගේ හීන වෙනුවෙන් ජීවත් වෙන්න මෙක්සිකෝවලට ආව කොරියන් තරැණයෙක්. ජිමින්ගේ දෙමව්පියො එයාට අවුරැදු දහයෙදි වගේ ඇක්සිඩන්ට් එකකින් නැති වෙනවා. ජිමින්ගේ පපා.. පාක් ජන්ග්වො කියන්නේ කොරියාවල හොඳ තත්වයක් තිබුන බිස්නස්මන් කෙනෙක් නිසා ජිමින්ට සැලකිය යුතු තරමක වත්කමක් තිබුනා. ජිමින්ගේ මමායි පපායි නැති වුනයින් පස්සේ ජිමින් හැදුණේ එයාගේ මමාගේ බාල සහෝදරිය වුන වුන් සේහා එක්ක.

ජිමින්ට ඉගනගන්න ඒ තරම් ලොකු උනන්දුවක් නොතිබ්බත් අවුරැදු පහළවේ වගේ ඉදන් එයාට බයික් ගැන ලොකු ආසාවක් උනන්දුවක් ඇති උනා. ඒ නිසා අවුරැදු දහඅටේ වෙද්දි ජිමින්ගේ නමට අලුත්ම වර්ගයේ බයික් දෙක තුනක්ම තිබුනා. වුන් සේහා එක්ක ජිවත් වෙන නවත්තලා ජිමින් එයාගේම අපාට්මන්ට් එකට මූව් උනත් එක්කම වගේ බයික් රේසින් වලට නවකයෙක් විදියට ඇතුල් වුනා. ජිමින්ගේ හිතේ ඒ වෙනුවෙන් තියන තද කැමැත්ත වගේම එයාගේ ජවසම්පන්න බව නිසාම අවුරැදු විසිපහ වෙද්දි පාක් ජිමින් කියන්නේ කොරියාවල බයික් රේසීන්වලට උඩම නමක් ගත්ත කෙනා උනා. ජිමින්ගේ ටැලන්ට් එක නිසා එයාට මෙක්සිකෝවලට ලේසියෙන් එන්න පුලුවන් උනේ කොරියන් රේසින් චැම්පියන් කෙනෙක් විදියට.

මේ වෙද්දි ජිමින් මෙක්සිකෝවල තිබුන රේස් පහකින්ම ෆස්ට් ප්ලේස් අරගෙන තිබුන නිසා මෙක්සිකෝවල ප්‍රධාන පෙලේ ස්පොන්ස්ලා ජිමින්ව මෙක්සිකෝවලම රඳවගත්තා. මෙක්සිකෝ ට්‍රැක් එකත් ජිමින් එයාගේ අතට අරන් ඉන්න නිසා... ජිමින්ට වැඩි අවධානයක් හැමපැත්තෙන්ම ලැබුනා. ඒකට එයාගේ ටැලන්ට් එකට අමතරව කඩවසම් පෙනුමත් බලපෑවා.

ජිමින්ට තිබුනා බටර් පාටට පොඩ්ඩක් විතර හුරැ නිකැළැල් හමක්. එයාගේ ඒ හමට උඩින් ඇගේ තැනින් තැන තිබුන ටැටු නිසා ජිමින්ව තවත් කැපිලා පෙනුනා. පපුවට පහළින්.. තියන ⁣Nevermind ටැටු එක.. වම් අ⁣ත දිගේ උරහිස්වලට වෙනකල් ඇදිලා ගිය එක එක ජාතියේ ටැටු ටික.. අත්වල පිටිපස්සෙන් වැලමිටට උඩින් තියන ටැටු.. වලට අමතරව ජිමින්ගේ කන පිටිපස්සේත් ටැටු තිබුනා. ජිමින්ගේ සිරැර තරමක් දරදඬු වෙලා තිබුනේ එයා බයික් රේසර් කෙනෙක් නිසා විතරමයි. නැත්නම් ජිමින් කියන්නේ වර්ක්අවුට් කරලා ඇඟ හදාගන්න මහන්සි වෙන ජාතියේ කෙනෙක් නෙමෙයි. එයාගේ ලා දුඹුරැ පාට ඇස් වගේම පිරැනු තොල් නිසා ජිමින්ගේ මූණ තවත් කඩවසම් පාටට පෙනුනා. ජිමින්ගේ පෙනුමත් තවත් සම්පූර්ණ උනේ එයාගේ තරමක් දිගට වැවුන තද දුඹුරැ පාට කොන්ඩේ නිසා. ජිමින්ගේ උරහිස් ගාවට වගේ තිබුන කොන්ඩේ තිබුන සැහැල්ලු කඩා හැලෙන ගතිය නිසා ජිමින්ට ලැබිලා තිබුනේ වෙනස්ම විදියේ කඩවසම් පෙනුමක්.


MADNESS LIES IN LOVE || PJM || COMPLETEDWhere stories live. Discover now