23. So You Deserve This

189 51 8
                                    

Present
.
.
.
.
.



ඇස් ඉස්සරහා මැවිලා පෙනුන වේදනාව පිරැනු මතක වලින් හෙම්බත් වුන ජිමින් හිනාවුනේ එයාගේ තොල් අග පැලිලා එන්න ගත්ත ලේ පිටඅල්ලෙන් පිහිදාන ගමන්.



" උඹ මොකටද පිස්සු හැදුනු මිනිමරැවෙක් උනේ.. කයිලි මැරිලා ගියා නම්.. උඹට උඹේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න තිබ්බා.. ඒත් උඹ එහෙම කලේ නැහැ.. නේ දැන් ලෑස්ති වෙයන්.. කයිලි උඹ එනකල් බලන් ඇති නේ.. උඹලට මැරැනට පස්සේ සතුටින් ඉන්න පුලුවන් වෙයි නේ..."


ලියෝ ජිමින්ව ආයමත් ඇදලා ගන්න ගමන් කිව්වේ ජිමින්ගේ බෙල්ල තද කරන ගමන්. ජිමින් කලේ හිනාවක් එක්ක ලියො දිහා බලන් හිටපු එක.

" මම පොරොන්දු රකින මිනිහෙක්.. ලියො.. එයාට උඹ අත තිබ්බානේ.. උඹේ මාරයා මම කියලා මම දිව්රැවේ ඊටත් කලින්.. "


ලියොගේ අත් දෙක තදින් අල්ලලා පිටිපස්සට කරපු ජිමින් ලියොගේ යටිබඩට වේගවත් පා පහරක් දීලා ලියෝව බිම වැට්ටුවා. මේ තරම් වෙලාවක් පහර කලා අඩපණ වෙලා නොහිටිය ගානට ජිමින් එයාගේ බෙල්ල දෙපැත්තට කරලා ඇඩම් ඉස්සරහින් හිටගෙන උරහිස් ගැසුවා. ජිමින්ගේ මුණේ තිබුන හිනාව නැති වෙලා තිබුනා වගේම ජිමින්ගේ ඇස් අඳුරැ වෙලා තිබුනා.

" මාව අවතක්සේරු කරපු එක උඹේ අවාසනාව ලියො.. "


ලියෝට කකුලෙන්ම තවත් පහරවල් කිහිපයක් දුන්නු ජිමින් ලියොගේ මුණ බිමට පාගලා තද කරන ගමන් කිව්වා. ලියෝව දැල් දොර දිහාවට ඇදන් ගිය ජිමින් ලියොගේ කකුල් දෙක දැල් දොරට අහුකරලා වේගෙන් ඒ දොර වහලා ඇරලා ලියොගේ කකුල් දෙක කඩලා දැම්මා. ලියෝ වේදනාවෙන් බෙරිහන් දෙද්දි ජිමින් එයා අරන් ආව සුට් කේස් එක ඇරියා. ඒක ඇතුලේ තිබුනේ ඉලෙක්ට්‍රික් ග්‍රයින්ඩර් එකක්. බිත්ති පසාරැ කරන්න ගන්න ග්‍රයින්ඩර් එකට තියුණු තලයක් බස්සලා ඒක ඔන් කරගත්ත ජිමින් හිනාවක් එක්ක ලියො දිහාවට ආවා. ලියෝ ජිමින් දිහා බලලා වේගෙන් හුස්ම අදිද්දි ජිමින් ලියො ගාවින් පහත් උනා. මුලු බස් එකටම ඇහුනේ ග්‍රයින්ඩර් එකේ සද්දේ වෙද්දි ලියො බයකින් ජිමින් දිහ බැලුවා.

MADNESS LIES IN LOVE || PJM || COMPLETEDWhere stories live. Discover now