22. Most terrible memory

194 49 14
                                    


Bellow part content with violence, sexual harassment and uncomfortable things.
Read at your own risk.
__________________________________

Memo
.
.
.
.
.

ජිමින් ඇස් ඇරියේ ඔලුවට දැනෙන තද වේදනාවක් එක්ක. එයාගේ ඇස් යන්තමින් බොදවෙලා තිබුනත් එයාට වටපිටාවේ තිබුන හඬවල් හැමඑකක්ම පැහැදිලිව ඇහුනා.

" ලියො.... අහකට යමන්.. උඹ තිරිසනා...!! "

" ෂ්ෂ්... කයිලි උඹ කටේ සද්දේ අඩු කරගනින්.. උඹට දැන් කරන්න පුලුවන් දෙයක් නෑ.. පපාත් නැ.. බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නෙත් සිහියෙන් නෙමෙයි නේ..."

කයිලිගේ හඬ වගේම ලියොගේ හඬ වෙන් වෙන්ව ඇහෙන්න ගනිද්දි ජිමින් ඇහිපිය ගහලා එයාගේ බොදවුන පෙනීම හරිගස්ස ගත්තා. ජිමින්ගේ සිරැර වේදනාවෙන් ඇදුම් කෑවත් එයා ළඟ තිබුන බිත්තියට පිට දීලා වාඩි උනා. ඒක වෙයාහවුස් එකක්.. වෙපන්ස්.. වෙඩි බෙහෙත් වගේ දේවල් ගබඩා කරලා තියන මැකෝලට අයිති වෙයාහවුස් එකක්.

" සර්.. සර්... හොදින් නේද..? "

තමන්ගේ ළගින්ම ඇඩම්ගේ කටහඬ ඇහෙද්දියි ජිමින් එයාට දකුණු පැත්තෙන් බිත්තියට හේත්තුවෙලා හිටපු ඇඩම්ව වගේම ඩේව්ව දැක්කේ. ඒ දෙන්නා හිටියේ දරැණුවට තුවාල වෙලා. එක්කො පිපිරීම නිසා.. නැත්නම් ඒ දෙන්නට දරැණුවටම පහර දීලා. ලේ ගලන නළල.. අත් පය එක්ක ඩේව් වගේම ඇඩම් හිටියේ අඩපණ වුන සිරැර එක්ක. ඇඩම් දිහා බලලා යන්තම් ඔලුව වැනුව ජිමින් එයාට මීටර් කිහිපයක් ඉස්සරහින් ඉන්න ලියෝ දිහා බැලුවා.

" ඕප්ස් බලන්න මිස් සැන්චෙස්.. අන්න ඔයාගේ රෝමියෝ රයිඩර් නැගිටලා.. "

ලියො අවඥාව පිරැනු හඬකින් කියද්දි ජිමින්ගේ ඇස් නතර උනේ ලියෝගේ කකුල ගාවින් ටිකක් මෙහාට වෙන්න බිත්තියකට හේත්තුවෙලා බිම හිටපු කයිලි ගාවින්.

" ජි..මින්...ජිමින් මේවට සම්බන්ධයක් නෑනේ.. උඹට ප්‍රශ්න තියන්නේ මාත් එක්ක නේ ලියෝ.. එයාට යන්න දීපන්.. තිරිසනා...!!! "

" මට තිරිසනා කියන්න ⁣තරම් උඹ.....!! ෆකින් බිච්..."

කයිලි ලියොට රවාගෙන කෑ ගහද්දි ලියෝ කයිලිගේ කම්මුල් වලට වැරෙන් පහරක් එල්ල කලේ කයිලිගේ තොල් පැලිලා යන විදියට.

MADNESS LIES IN LOVE || PJM || COMPLETEDWhere stories live. Discover now