08. No one's gonna hurt U

196 48 9
                                    

Memo
.
.
.
.
.

ජිමින් එයාගේ රතු පාට ග්ලවුස් දෙක දාගත්තේ එයාට වෙන් වුන රූම් එකෙන් එළියට යන්න හිතාගන්න. තව විනාඩි කිහිපයකින් රේස් එක පටන් ගනිවි. ඒත් එක්කම ජිමින්ගේ ෆෝන් එකට මැසේජ් එකක නොටිෆිකේශන් එකක් ආවා.

" Don't compete.."

" Don't do the race PARK JIMIN...!!! "

" This is your last warning.."

එකම නම්බර් එකකින් දවස් ගානක් තිස්සේ ඉදන් ජිමින්ට මේ ⁣විදියේ මැසේජ් ලැබුණත් ජිමින් ඒ ගැන උනන්දුවක් තිබුනේ නැහැ. මේක පළවෙනි පාර නෙමෙයි.. නේ එයාට ඔය වගෙ තර්ජන ආව. නොදන්න නම්බර් වලින් එන එක කෝල් එකක්වත් ජිමින් ආන්සර් නොකරන්නෙත් ඒ නිසයි. ෆෝන් එක ඕෆ් කරලා දැම්ම ජිමින් එයාගේ හෙල්මට් එකත් අරගෙන එළියට ආවා.

ජිමින් එයාගේ ඩුකාටිය ගාවට එද්දි එයාගේ නමින් කෑ ගැසීම් ගොඩක් ස්ටේඩියම් එක පුරාවට ඇහෙන්න ගත්තා. හෙල්මට් එක දාගත්ත ජිමින් බයික් එකට නැග්ගේ ඒ වෙද්දි හැම තරඟකරැවෙක්ම තමන්ගේ තැන්වලට පොසිශන් වෙලා හිටපු නිසයි. තරඟය පටන් ගන්න හරියටම තව විනාඩියක් තියෙද්දි ජිමින් ස්ටේඩියම් එක පුරාවට එයාගේ ඇස් අරගෙන ගියා. එයාගේ ඇස් නතර උනේ ස්ටේඩියම් එක උඩම කෙලවර ඉදන් තිබුන ග්ලාස් වලින් කවර් උනු විඅයිපි ඒරියා එකෙන්. ඒත් මොකක්ද හේතුවකට එයා දකින්න ලැබේවියි කියලා හිතපු කෙනා එතන හිටියේ නැහැ. ජිමින්ගේ හිතට පොඩි අමුත්තක් දැනෙද්දි එයා ඔලුව ගසලා ඉස්සරහා බලාගත්තා.

" THREE...TWO...ONE.....!!! "

නම්බර් කවුන්ට් වෙලා හෝන් එකක් වදිනවත් එක්කම ස්ටාට් කරපු බයික් ටික එක පෙළට හීයක වේගයෙන් තරඟය පටන් ගත්තා. ජිමින් දැනටමත් එයාගේ වේගේ වැඩි කරන ගමන් ඉස්සරහාට ඇදුනා. පළවෙනි විනාඩි පහ ගත වෙද්දි ජිමින්ට ලීඩ් එකක් තියාගෙනම ඉස්සරහට එන්න පුලුවන් උනා. තරඟය මුල ඉදන්ම කොහොමත් තිබුනේ ජිමින් අතේ. විනාඩි දහතුනකින් තරඟ වට ටික ඉවර කරලා ජිමින් පළවෙනි තැනට ආවේ මුලු ස්ටේඩියම් එකම ජිමින්ගේ නමින් දෙදරද්දි.

ට්‍රෝෆි එක අරගෙන.. ෆොටොස් වලට ඉදලා.. ෆෑන්ස්ලා... ස්පොන්ස්ලා එක්ක වැඩ ටික ඉවර උනු ගමන් ජිමින් ස්ටේඩියම් එක ඇතුළේ එයාගේ රූම් එකට ආවා. ඇඳුම් මාරැ කරගත්ත ජිමින් ස්ටේයම් එකේ එක පැත්තක තිබුන වොශ්රූම්ස් දිහාවට ගියේ මූණ ටිකක් හෝදගෙනම ආපහු යන්න. වොශ්රූම් එකට ආව ජිමින් ටැප් එක ඇරලා දෙතුන්පාරක් එයාගේ මූණ බෙල්ල එක්කම හෝදගත්තා. ආයමත් ඔලුව උඩට උස්සද්දි මිරර් එකෙන් එයාට පෙනුනා වොශ්රූම් එක ඇතුළට කලු පාට මාස්ක් වගයක් දාගෙන ආපු පිරිමි පස් දෙනෙක්ව. ජිමින්ට අමුත්තක් දැනෙද්දි එයා යන්න ගියත් එතන හිටපු මනුස්සයෙක් ජිමින්ගේ ඉස්සරහට ආවා.



MADNESS LIES IN LOVE || PJM || COMPLETEDWhere stories live. Discover now