මයෙ අප්පේ හති දුවලම... හුස්ම අල්ලන්නැතුව කොච්චර දිව්වද කියාපංකො පුළුවන්නං... පහළ අපේ ගේ හරියෙ ඉඳන් කුඹුරු යාය අද්දරම තියෙන පළිඟුවාසල වලව්වටම දිව්වා මාත්... ඒකත් අර පොල් ගෙඩි පුරවපු බරම බර පොහොර උරෙත් කරට අරන්...
එතනින් පස්සෙ ඉස්සරෝම මං කළේ කුස්සිය දිහාවෙන් වලව්වට එබිකම් කොරාපු එක... පළිඟුවාසල කුමාරිහාමිනම් හරි සීදේවියි ඕං... කුමාරිහාමි ඉන්නකොට ප්රශ්නයක් නැතත් මහ කුමාරිහාමි එක්ක බෑනෙ අපෙ අප්පො! මේ නාකි ගෑනු තව ඉන්නවනෙ හැච හැච කිය කියා... නෑ නෑ හත්වලාමේ, මං කියන්නෙ වයසට ගිය මිනිස්සු ඉන්ට හොඳ නෑය කියලා නෙවේ! මහකුමාරිහාමි වගේ රටට බරක් වෙන මිනිස්සු ඉන්ට හොඳ නෑය කියලා... පෙනේද ඔය ටීවී එක දැම්මොත් හැම කතාවෙම ඉන්නෙ හචිමක් ගියත් ඇද හොයන නාකි ආච්චිලා... අන්න එහෙම උන්දෑවක් තමා මේත්... වලව්වෙ මහ කුමාරිහාමි වුණාට මොකදැ ඕං...
අනේ අපෙ අත්තම්මලානම් එහෙම නෑ ඕං... ගමේ හිටිය කොයි මනුස්සයත් උන්දැලට එකයි... අපෙ අප්පච්චිගෙ අම්මනම් ඕං ඒ දවස්වල ගමේ හිටි හරි ගෞරවේට ලක් වෙච්චි වෙද නෝනා කෙනෙක්... මොන අසනීපෙටත් මිනිස්සු ආවෙ අපෙ අත්තම්මා ගාවට නෙවැ!
අනේ අපෙ අත්තම්මා ස්වර්ගස්ථ වෙලා නොඉඳියනං මෙලහකටත් මනුස්සයෙක්ගෙ පණ කෙන්ද බේරලා දෙන්ට දඟලාවි... නැත්තන් වත්තට එන කොල්ලෙක් කුරුට්ටෙක්ට ඉදිච්ච අඹ ගෙඩි තියෙන ගස් පෙන්නාවි... අපෙ අප්පේ මේන් මෙහෙ ඉන්නවා ඒකට!
මොකෙක් අතින් හරි වැරදිලා ගහකින් කොළයක් කැඩුණත්, නිලමෙලාගෙ දේපලවලින් හොරකන් කරන්ට ආපු පර බල්ලො කියලා නම් වනං දාහක් කියෝලා මෙතනින් එලෝගනීවි!
කොහෙද, කුමාරිහාමිට ඕවට කටක් ඇරලා විරුද්ධ වෙන්ටත් බැරිය නැන්දම්මා, මහ කුමාරිහාමිගෙ කට නිකන් වක්කඩේ කැඩුවා වගේනෙ... නිකන් වක්කඩේ නෙවේ මහ වක්කඩේ කැඩුවා වගේ ඕං...
මං පිටිපස්සහ කුස්සියට එබිකං කොරව්වෙ පියසීලි නැන්දා හරි චන්දරේ මාමා හරි ඉන්නවද බලන්න... ඈ යකො මොකෙක්වත් කුස්සියේ නැත්තෙ මොකද!
ආ නෑ නෑ, මොකෙක්දෝ ඉන්නවා! හප්පට! මොකෙක්දෝ නෙවෙයි, අර කිරි කොකා නෙව ඉන්නෙ! වතුර තිබහක් ඇවිත් වගේ... ගුරුලේත්තුවෙන් වීදුරු කෝප්පෙට වතුරත් පුරවන් බීගෙන බීගෙන යනවා... මයෙ අප්පේ ඒ උගුරු දණ්ඩ එළියට පැනලා තියෙන තරං... මයෙ උගුරු දණ්ඩවත් ඔච්චර මතුවෙලා පේන්නෑ... ඒ වුණාට අර කිරිගරුඬ බෙල්ලෙ උගුරු ගැටේ එහෙට්ට මෙහෙට්ට යන හැටිනං...
BẠN ĐANG ĐỌC
ලන්දේ උකුල උඩ | Sinhala BL
Tiểu Thuyết Chungපොඩි නිලමෙ තරම් ආදරණීය මනුස්සයෙක් මට කවදාවත්ම මුණගැහිලා නෑ... මට විශ්වාසයි, කවදාවත් මට තවත් ඒ තරම් ආදරණීය හදවතක් මුණගැහෙන්නෙත් නෑ... කල්හාර මල් පාට නෑ කිව්වට, ඉබේටම පිපිලා, ඉබේටම පරවෙලා යනවා කිව්වට, කැලේ පිපුණ මලක් වුණ මට ජීවත් වෙන්න හුස්ම දුන්නෙ පස...