විසි එක: මල් මදහාස

528 101 33
                                    

"නිලමෙට"

"ඔය ඇත්තමද රංග?"

මං නිලමෙ අහද්දින් ඔලුව වැනුවා....

"ම්ම්... ලස්සනයි...."

නිලමෙගෙ මූණ හිනාවකින් පාට වෙලා තිබුණා... හරිම සිරියාවයි අපෙ නිලමෙගෙ මූණ... එහෙම හිනා වෙනකොට...

මං බිම බලාගෙනම උන්නෙ ලැජ්ජාවට... අයියෝ කන් දෙකත් එක්කං රතු වෙලා ගිහිං වගේ දෙයියෝ!






































"මොකද බන් අයියෙ... මල් මදහාස පීදිලාද?" අපෙ මල්ලි ඇවිත් ඔලුවට දඩාස් ගාලා පාරක් ගහනකන්ම මං හිටියෙ වෙන සිහියකද කොහෙද... සමහර විට, ඊයෙ නිලමෙට කවි කියන්ට ගිහින් කොරගත්තු දේවල් වෙන්ටැති!

"ආහ්? ආ නෑ මේ මේක කෙටිලා ඇතිද දන්නෑ..." මං අතේ තිබ්බ මෝල්ගහෙන් පාරක් දෙන්න බැරි නිසා ඉවසීම ප්‍රගුණ කරගෙන ම වංගෙඩියට එබුණෙ මල්ලි කියපු මෙලෝ දෙයක් නෑහුණ ගාණට...

හොඳ හැටියට කෙටිලා තිබුණ සුදු හිම වගේ හාල් පිටි ටික තව ටිකක් හොඳට කෙටෙන්ට ඕන ඇතියි හිතාගෙන මං දිගටම පිටි කොටාගෙන ගියේ සද්ද නැතුව... මල්ලිත් ටිකකට සද්දයක් නෑ... මෙච්චර වෙලා කුස්සියේ හිටපු අම්මත් කොහෙටද අතුරුදහන් වෙලා...

"අයියෙ-"  ආයෙම කන් කරච්චලේ පටන් ගත්තෙ ටික වෙලාවක් ගිහින්...

"...."

"මේ ඕයි අයියෙ..."

"ම්ම්?"

"අයියේ... මේ..."
"ඇයි අහපන්කෝ!"

"ඇයි වදේ ඇයි!"

"ඇයි දැන් අයියා ඔය පැය දෙක හමාරක ඉඳන් පිටි කොටන්නෙ! ඔය කෙටුණා මදිද? මොනාද බන් අයියෙ ඇත්තට ඔච්චර මනමාල සිරික්කිය දාන් කල්පනා කරන්නෙ?"

"මොන?" මල්ලි අහපු එකට මට පිටි කොටන්ට කියලා ආයෙම උඩට උස්සපු මෝල්ගහත් බිමින් තියන්ට අමතක වුණා...

මං ටිකක් නැවතිලාම කල්පනා කරා...

හත්වලාමේ! හැබෑ නේන්නං! දැන් සෑහෙන වෙලාවක ඉඳන් නේද මං මේ කුස්සියට වෙලා බරම බර මෝල් ගහකුත් උස්සගෙන හෝ ගාලා පිටි කොටන්නෙ?

ඒත් එච්චර? පැය දෙක හමාරක්?

හත්තිලව්වයි!

ලන්දේ උකුල උඩ | Sinhala BL Onde histórias criam vida. Descubra agora