දහහත: සාංකාව

547 109 32
                                    

කමත් බිමේ මුනින් නවපු වංගෙඩියක් පිටිපස්සහට වෙලා සොකරි පෙන්නන්න පටන් ගත්තත්, මං හරි ආසාවෙන් ඒක බලන්න ඉඳගත්තත්, හැමදේම හිතපු විදිහටම වුණේ නෑ... මහ නිලමෙ කුමාරිහාමි එක්ක සොකරි බලන්න ආවත්, පසඳුල් නිලමෙවත්, අභය නිලමෙවත්, මහකුමාරිහාමිවත් ආවෙ නෑ...

මන්දා මට පුදුම තනිකමක් දැනෙන්න අරගෙන... පහුගිය දවස් ටිකේම මුණගැහුණ නිලමෙව දැන් නොදැක ඉන්නකොට මගේ හිත හිස් වෙලා තියෙනවා කියලයි මට දැනෙන්නෙ... ඒ වෙලාවෙ මගෙ හිතත් හරියට ළි⁣ඳේ ඕනතරම් වතුර තියෙනවා කියලා දැන දැනත් පුරවන්නැතුව ළිඳ ගාව වේළෙන කළගෙඩියක් වගේ...

අනිවාරෙන්ම අර නාකි උන්දැ කඩුල්ල පනින්න එපා කියන්නැති... කවුරු කොහොම හිතන් හිටියත්, මං දන්නවා පොඩි නිලමෙලා දෙන්නම අත්තම්මට බය විත්තිය... ආයෙ කාලි වරම අතට ගත්තා වගේ තරහා ගියාම... එහෙම මනුස්සයෙක්ව අවුස්සගන්නැතුව ඉන්න තරමට හොඳයි කොහොමත්... නිලමෙලත් එහෙම හිතුවද මන්දා... අනික් අතට වෙනදට නාහෙට නාහන අභය නිලමෙවත් නෑ නේද කියලා මතක් වෙද්දි මට හරි පුදුමයි...

පුරුදු විදිහටම නුග ගහ යටින් වාඩි වෙලා හිටපු මං උන්නෙ නවාගත්තු දණහිස් මැද්දෙ නිකට ඔබාගෙන... වෙන වෙලවෙටනම් වලියටවත් එන මල්ලි අද පුදුමයි මට තරහා යන්න වචනයක්වත් කිව්වෙත් නෑ...

මගෙ ඔලුව උස්සගෙන ඉන්න බැරි තරමටම සාංකාවෙන් පිරිලා ගිහින්... හොඳ යාළුවෙක්, ළඟින්ම ඉන්න කෙනෙක් එනවද කිියලා ඇස් ⁣රිදෙනකන්ම බලන් ඉඳලා අන්තිමටම ඒ කෙනා එන්නෙ නෑයි කියලා තේරුම්ගන්න සිද්ධ වෙන මේ ලෝකෙ තේරුම් ගන්න අමාරුම හැඟීමක් වෙන්න ඇති... ඒ වුණාට හිත කොනෙන් හැම වෙලේම කොනහන අර 'එයා එයි, තව ටිකාක් බලමු!' කියන බලාපොරොත්තුව එක්ක මං අන්තිමට ගෙදර යන මොහොත වෙනකන්ම අමාරුවෙන් ඔලුව කෙලින් තියාගෙන ඈත වැලි පාර දිහා බලන් උන්නා...

කෙනෙක් තමන්ට කොයි විදිහකින් වටිනවා වුණත්, ඒ කෙනා වෙනුවෙන් බලන් ඉන්න එක පුදුම තරම් අමාරු දෙයක් කියලා මං තේරුම් ගත්තෙ අන්න ඒ වෙලාවෙ...

"අයියෙ, ඕයි අයියෙ, මොන සිහියෙද ඉන්නෙ කියාපන්! අන්න ගුරුන්නා⁣න්සෙ නාට්ටියත් අහවර කළා... උබ අහස දිහා බලාගෙන... අර, අම්මලත් බලන් ඉන්නවා බන්!" මල්ලි කතා කරද්දි මෙච්චර වෙලා වෙනම ලෝකෙක ඇවිද ඇවිද හිටපු මම ගැස්සිලා හරි සිහියට ආවා... ඇත්ත, අම්මත් මං දිහා බලාගෙන ඉන්නෙ, "මේ මොකද කොල්ලො?" කියලා අහන්න වගේ...

ලන්දේ උකුල උඩ | Sinhala BL Место, где живут истории. Откройте их для себя