"කෙඳිරි ගාන්නැතුව ඉඳපන් බන්... තව ටික දුරයි" මෙච්චර වෙලා සද්ද නැතුව ආපු මං කකුලෙ කැක්කුමටම කෙඳිරි ගාන්න ගත්තෙ වෙද ගෙදර පේන මානෙ තියෙද්දි...
ඉතින් යකෝ මිනිස්සුන්ට තුවාලයක් වුණාම දැනෙනවනෙ මගුල! කෙඳිරි නොගා ඉඳපන් කියන්නෙ! රෝස කැකුලගෙ කතාවනං කොහොමද!
"අනේ මේ නිලමෙ ඉන්නකො!මට රිදෙනවා!" මං බැරිම තැන කිව්වෙ තව කට වහන් හිටියොත් මාව පිපිරෙයි කියලා හිතලා... ඒ පිට කරගත්තෙ තරහක් නෙවේ, අර ජම්බෝල ගෙඩියක් තරං ඉදිමිලා තියෙන කකුල දිහා බලං ඉද්දි හිතට දැනෙන වේදනාව! මගෙ දෙයියනේ මං දුවන්නෙ කොහොමද කියාපන්කො දැන්!
යසයි යසයි අලුත් අවුරුද්දෙ වෙච්ච වැඩේ!
නෑ රංග, උබ ධනාත්මකව හිතපන්කො! උබ දින්නා! ඒ හින්දා කටවහන් හිටපන්!
නිලමෙ වෙද ගෙදර පඩිපෙළ ළඟට යද්දි මං මෙච්චර වෙලා බිමට බර කරන් හිටිය ඔලුව ඉස්සුවා... වෙද ගෙදර පඩිපෙළ දැන් නිලමෙ එක පඩියෙන් පඩිය පහු කරන්නෙ මහා උද්දාම ලීලාවෙන්... හරියටම කිව්වොත්, නිලමෙ ගාව තියෙන ලොකුම වස්තුව දෑතෙ දරාගෙන ඉන්නවා වගේ... නිලමෙගෙ උරහිස් දෙක හරි ආඩම්බරේකටද මන්දා පිටිපස්සහට වෙලා තිබුණා... නිලමෙගෙ පපුව ඉස්සරහට හරි ගාම්භීරෙට පිම්බිලා තිබුණා... මටම දැනෙනවා නිලමෙගෙ අත් මාව කොච්චර ශක්තියකින්ද අල්ලගෙන ඉන්නෙ කියලා... මන්දා නිලමෙගෙ බෙල්ල වටේ මේ වෙද්දි එතිලා තිබුණ මගෙ අත් දෙක තවත් ටිකක් ග්රහණය තද කරලා තිබුණෙ මටත් නොදැනිම...
නිලමෙගෙ වැඩ මට තේරෙන්නෑ... ඒ මූණෙ තියෙන්නෙ පුදුම ආඩම්බරයක්... ඒත් තාමත් මට විශ්වාස කරගන්න අමාරු දේවල් මහ ගොඩයි... ඇත්තටම ඇයි නිලමෙ මෙහෙම හැසිරෙන්නෙ?
"ආ මෙහෙං තියමුකො කොල්ලව!" වෙද සීයා දිගට තිබුණ සුදු රැවුලෙ කෙලවරක් වෙනකන් පිරිමැදගෙනම මං දිහා බලන් ඉද්දි නිලමෙගෙ අත් දෙකෙන් මාව තියවුණේ වෙද ගෙදර පිළේ තිබ්බ ඇඳකට... දෙයියනේ මං ගහකින් වැටිලා කොන්ද කැඩිච්ච මිනිහෙක්ද බොල හාන්සි කරන්ට තරං?
මං නැගිටින්ට බැලුවෙ තවත් මොකාද එකා වගේ හාන්සි වෙලා ඉන්ට බැරි හන්දා... ඊයා කොල්ලෙක් කොහොමද මෙහෙම ඇඳේ වැටිලා ඉන්නෙ කකුලක් විතරක් කඩාගෙන-
![](https://img.wattpad.com/cover/354130889-288-k546661.jpg)
ESTÁS LEYENDO
ලන්දේ උකුල උඩ | Sinhala BL
Ficción Generalපොඩි නිලමෙ තරම් ආදරණීය මනුස්සයෙක් මට කවදාවත්ම මුණගැහිලා නෑ... මට විශ්වාසයි, කවදාවත් මට තවත් ඒ තරම් ආදරණීය හදවතක් මුණගැහෙන්නෙත් නෑ... කල්හාර මල් පාට නෑ කිව්වට, ඉබේටම පිපිලා, ඉබේටම පරවෙලා යනවා කිව්වට, කැලේ පිපුණ මලක් වුණ මට ජීවත් වෙන්න හුස්ම දුන්නෙ පස...