"ඔව් දැන් අප සූදානම් වන්නේ මීළඟ අංගයටයි... ගම හරහා දිවීම කාටත් විවෘත අංශයක් වුණත්, ඔබ මතක තබාගත යුතුයි පහුගිය අවුරුදු කීපයකම අඛණ්ඩ ජය ලැබූ රංගනාත් මෙවරද තරගයට සහභාගී වන බව... ඔහුව පරදා ඔබට ජයගන්නට හැකි වේවිද? නැත්නම් මෙවරත් ඔහුම ජයගනීවිද? අපි බලමු!"
ස්පීකරෙන් එහෙම කියද්දින් මං නුග ගස් සීමාවට ඇවිල්ලත් ඉවරයි... මං විතරක් නෙවේ තව සෑහෙන ගාණක් හිටියා... කෙල්ලො කොල්ලො...
එහෙමත් අපි වෙන කට්ටියට දිනුම දෙනවද සඳමාලි! මේ මම නැත්තන් වෙන කවුද මේ ගමේ දුවන්ට ඉන්නෙ? පම්පෝරි කියවනවා නෙවෙයි ඕං... ඇත්තනෙ ඉතින්...
අපිට තියෙන්නෙ ඩෝං ගාලා රතිඤ්ඤෙ පත්තු වෙච්චි ගමන් නුග ගහ ගාවින් පටන් අරන් වෙල් යාය මැදින් පහළට දුවලා ඉන් පස්සෙ දැන් වතුර අඩු ඇළ ඉවුර දිගේම දුවගෙන ඇවිත් ඉන් එහාට තියෙන කඩමණ්ඩිය පැත්තෙන් ආයෙම වෙල් යාය දිහාවට දුවන් එන්න... ඕන කෙනෙක් හති වැටෙන තරමෙ දුරක් ඉතින්...
ඒ වුණාට ඉතිං ඔන්න උදේ හවා දුවන සෙල්ලමේ ම ඉන්න මට නම් හෝඩිය වගේ කට පාඩං ඔය පාරවල් ටික...
අපෙ මල්ලිත් මට එහා පැත්තෙන් ඉන්නවා උඩ පැන පැන ව්යායාම කර කර... වෙනදට මං පළවෙනියා වෙද්දින් ඌ කොහොමත් දෙවනියා... හැබැයි මෙහෙම වෙලාවක ජොලියට දිව්වොත් හැර වෙන තරගවලට දුවන්ට එහෙම උගෙ ආසාවක් නෑ... ඒකට ඉතින් අපි මොනා කරන්ටද හුහ්! පින නෑ පින!
"මල්ලිලා! ජය වේවා ඈ... මේ පාරත් කප් එක ගහපල්ලා!" ඔහොම කෑගගහා උඩ පනින්නෙ වෙන කවුරුත් නෙවේ අභය නිලමෙ... එතනම එහා පැත්තෙන් නුග ගහට හේත්තුවක් දාන් මං දිහා බලන් ඉන්නෙ පසඳුල් නිලමෙ... ඒකත් අත් දෙක බැඳගෙන හරි විමසිලිමත්ව... ඒකත් හරියට "උබ දිනන්ටම ඕන" කියන්ට වගේ! නිලමෙලා මේ තරගවලට එන්නෑ නෙව ඉතින්... එන්නෑ නෙවේ, එන්ට දෙන්නෑ!
නිලමෙගෙ බැල්මට සාධාරණයක් ඉෂ්ට කරන්ට ඕන හන්දා මං තීරණේ කළා මේ වතාවෙත් දිනනවා කියලා... මේ කැලේ එක්කම ජීවත් වෙන මට සපත්තු සෙරෙප්පු නැතුව වුණත් මේ පොළොව පුරා දිව්වහැකි... ඒකෙනම් ආයෙ අවිස්වාසයක් නෑ ඕං...

BẠN ĐANG ĐỌC
ලන්දේ උකුල උඩ | Sinhala BL
Tiểu Thuyết Chungපොඩි නිලමෙ තරම් ආදරණීය මනුස්සයෙක් මට කවදාවත්ම මුණගැහිලා නෑ... මට විශ්වාසයි, කවදාවත් මට තවත් ඒ තරම් ආදරණීය හදවතක් මුණගැහෙන්නෙත් නෑ... කල්හාර මල් පාට නෑ කිව්වට, ඉබේටම පිපිලා, ඉබේටම පරවෙලා යනවා කිව්වට, කැලේ පිපුණ මලක් වුණ මට ජීවත් වෙන්න හුස්ම දුන්නෙ පස...