මං හිතට එන එන සින්දුව මතක මතක හැටියට බටනලාවෙන් ගැහුවෙ මුළු කුඹුරු යාය පුරාවටම පැතිරෙන්ට... කුඹුරුනං නිල්ල ගැහිලා නෑ නෙව වැහි කෝඩෙ අල්ලන නිසා... ඒ වුණාට මේ මාර ගහ උඩින් තියෙන පැල් කොටේ උඩ ඉඳන් මට කරන්ට වැඩකුත් තියෙන්ට එපැයි...
හැන්දෑ වරුවෙ ගෙදර ඉඳලම කම්මැලි හිතුණ හින්දා තමා මං මේ කුඹුරෙ පැලට දුවන් ආවෙ... අර අපෙ ගෙදර ඉන්නෙ කම්මැලි ගෝතයෙක්! ඕකනම් ගෙදර ආපු ගමන් බත් පිඟානක් ගිලලා විසාල නින්දක් දානවා ඕං... අනේ මටනම් බෑනෙ ඔය විදිහට මහ දවාලෙට නිදාගන්ට! එහෙම බැරිවෙලාවත් නින්දක් ගියොත් ආයෙ ඇහැරෙද්දි ඇඟට පුදුම අමාරුවයි... ඊට පස්සෙ අරහෙ රිදෙනවා මෙහෙ රිදෙනවා කියලා කෙඳිරි ගානකොට අම්මා පොල් කටු හැන්දකින් හොඳවයින් එකක් දෙකක් තඩිබානවත් එක්ක...
වළා තීරයෙන් එහා සින්දුව ගහලා ඉවරයක් කරනකොටම වගේ මගෙ ඇහැ මානෙට අහුවුණේ වෙන මොකවත් නෙවේ මඩ කුඹුරෙ නියර උඩින් හරී සන්සුන්වට ඇවිදන් එන පසඳුල් පොඩි නිලමෙ... අපෙ අප්පෝ මොකදෑ මේ කවදාවත් නැතුව...!
සතිඅන්තෙටවත් පාඩං කොරන්ට ඕනැයි කියලා මේ එළියට බහින්නෙවත් නැල්ලු... ඕං ඒ වුණාට එනවා අත් දෙකත් පිටිපස්සහට බැඳගෙන හතර අතේ විපරං කොර කොර... මොනා හොයනවද මන්දා... මේ වෙලාවට ඉතින් ඇදේට යන කක්කුට්ටෙක් හිටියොත් මිසක්!
මං අතේ තිබ්බ බටනළාවත් එහෙමම කලිසං සාක්කුවට ඔබාගෙන ඉණිමඟ දිහායින් බැස්සෙ පොඩි නිලමෙ එන්නෙ මේ පැත්තට කියලා තේරුණ හින්දා... මයෙ අප්පේ රෝස කැකුලට මොකක්වත් අකටයුතුකමක්වත් වුණාද අපෙන්!
නෑ වෙන්ට බෑ... මං ඕකා එක්ක කතා කරන්නෙවත් නෑනෙ! අනික අම්මලාගෙ කියලත් මහ ලොකු හිතවත් කමක් වලව්වෙ පොඩි නිලමෙලාට නැතුවා! හත්දෙයියනේ අර ගොන් වස්සා මොහොකට හරි කටගහගෙන ගියාවත්ද?!
මං ඉණිමඟෙන් බැහැලා බැහැලා දුවගෙන ගිහින් පසඳුල් නිලමෙ ඉස්සරහින් හිටගත්තා... හිටගත්තා කිව්වට චූට්ටක් විතර නැමුණත් එක්ක... උට ඇති බයකටත් නෙවේ, ඔලුව කෙලින් තියන් කතා කරනවා වලව්වෙ මහ උන්දැ දැක්කොත් එල්ලුං ගස් යවයි!
ВЫ ЧИТАЕТЕ
ලන්දේ උකුල උඩ | Sinhala BL
Художественная прозаපොඩි නිලමෙ තරම් ආදරණීය මනුස්සයෙක් මට කවදාවත්ම මුණගැහිලා නෑ... මට විශ්වාසයි, කවදාවත් මට තවත් ඒ තරම් ආදරණීය හදවතක් මුණගැහෙන්නෙත් නෑ... කල්හාර මල් පාට නෑ කිව්වට, ඉබේටම පිපිලා, ඉබේටම පරවෙලා යනවා කිව්වට, කැලේ පිපුණ මලක් වුණ මට ජීවත් වෙන්න හුස්ම දුන්නෙ පස...