විසි හය: සබකෝලෙ

591 100 15
                                    

අනේ දෙයියනේ! ඇත්තටම මේක මහ අමුතු හැඟීමක් මයෙ දෙයියෝ... සැනසීමේ ඇස් දෙක පියාගෙන නිදාගන්ටවත් නෑ නෙව! ⁣නිලමෙවමයි පේන්නෙ ඉඳලා ඉඳලා පියවෙන ඇස් දෙකට... නිදි දෙව්දුව මයෙ අහලකවත් නැති හැටි!

"ආහ්හ්! මොකද්ද හත්දෙයියනේ මේ වුණේ!" මං ⁣⁣මෙච්චර වෙලා පෙරවන් හිටිය බෙඩ්ශීට් එකත් ඇ⁣ඟෙන් විසික්වෙලා යන්නම ඇ⁣ඳේ ඉඳන්ම හයියෙන් එක කකුලක් ගැසුවෙ මේ වෙන දේවල් දරාගන්න බැරි කමටමයි! අනිත් කකුලත් පුලුවන් නම් ගසලා දාලා මං එක විකාරයක් කරනවා... කරුමෙටම ඒකට පත්තුවක් බැඳලා නෙව.

"මොකද්ද අයියෙ තවුසෙට වෙලා තියෙන්නෙ! නිදාගන්නවකො නර පණුවා වගේ දඟලන්නැතුව!" මට එහා පැත්තෙන් නිදාගෙන උන්නු මල්ලි බාගෙට ඔලුව තනි ඇහැක් ඇරලා මං දිහා බලලා ඇහුවාම මං ආයෙ දැඟලිල්ල නතර කරගත්තා....

මං උගෙ පස්සට පයින් එකක් ඇනලා ඇ⁣ඳේ අනිත් පැත්තට හැරුණා....

ඇඳට ඇවිත් දැන් දැනක නෙවේ... තනියෙන් හිනා යනවයි... ලැජ්ජා හිතෙනවයි... නිලමෙගෙ රූපෙ කොච්චරවත් හිත පුරා ඇ⁣ඳෙනවයි... අනේ මයෙ අම්මේ! මට ලැජ්ජා හිතෙනවා මයෙ දෙයියෝ... නිලමෙ හිමිහිට තිබ්බ හාදු මතක් වෙද්දින්!

මගෙ හිත හිටියෙ පාවෙන ගමන්... උන්දැට හරි සන්තෝසයි වගේ අද දාවලේ වෙච්ච දේවල් එක්ක... කකුලෙන් දැනෙන කැක්කුම අම්මගෙ වෙනිවැල්ගැට කසාය නසලාම දැම්මට මොකද, මේ පාවෙන මගෙ හිත ආපහු ඇදලා ගන්ටනං හරි අමාරුයි ඕං!

නිලමෙත් මෙහෙම ඇහැරගෙන ඇතිද තාමත්? මට වගේම නිලමෙටත් සතුටු දැනෙනවා ඇත්ද! නිලමෙත් නිදි නැතුව අර කළුවර ලීයෙන් හදාපු වියන් ඇ⁣ඳේ එහෙට මෙහෙට පෙරළි පෙරළි ඇති මං වගේම... සමහර විට රෑ පුරා කාමරේ ලයිට් එකත් දාගෙන රතු සිමෙන්ති පොළොවෙ එහෙට මෙහෙට ඇවිදිනවා ඇති අත් දෙකත් පිටිපස්සහට බැඳගෙන...

අන්තිමට හිතට දැනෙන නිදහස එක්ක මං ආයෙම ඇස් දෙක පියාගත්තෙ කලින් විදිහටම, හැමදාම වගේ නිලමෙගෙ රූපෙ මගේ පියවිච්ච ඇස් පුරා ඇඳිලා යද්දි...

.

.

.

.

.

"ඒයි අයියේ! මේ ඕයි! ඇහැරපන්කො!"

"අනේ මේ පලයන්කො මල වදේ නොවී. නිවාඩු කාලෙවත් නිදාගන්න නෑ තවුසෙලා හින්දා!"

ලන්දේ උකුල උඩ | Sinhala BL Donde viven las historias. Descúbrelo ahora