විස්ස: හිටිවන කවි

451 100 52
                                    

හැම දේම හරි ගොහින් සතියකටත් කිට්ටුව ගත වෙලා... අපේ ගමේ ඈයොත් ඉතින් අනේ ඉතින් අපෙ නිලමෙ කියනවනං එහෙම නොවෙන්ටැති කියලා අර එදා හැදිච්ච කට කතාව බොරුවක් ය කියන එක ඉස් මුදුනින් විස්වාස කළාලු...

බොරුවකුත් නෙවේ නෙව ඉතින්... මායි පොඩි නිලමෙයි අතර තිබ්බෙ යාළුකමක් මිසක් ඊට වඩා එහාට ගිය ඔය වැරදි ජාතියේ සම්බන්ධයක්ය කියලා මං හිතන්නෑ...

හැබැයි එක අතකට-

මං කල්පනාවෙ හිටිය බව හැබෑව... ඒත් ඉතිං එක පාරටම මගේ ඇහැ ගැටුණෙ ඈතින් මේ දිහාවට ඇදෙන පොඩි නිලමෙ... දැන් දැන් නම් පොඩි නිලමෙ නුවර බිස්නස් බලන්ට ගියොත් මිසක්කා ගමේ ඇවිදින කාරිය එහෙමත් හොඳටෝම අඩු කරලා තියෙන්නෙ... මේ අලුත් අවුරුද්ද අද හෙටය කියලා මහ කුමාරිහාමිත් නුවර පොඩි කුමාරිහාමිලෑ දිහා ගිහින්නෙ... දැන් ඉතින් ඒ හන්දම පොඩි නිලමෙ කොහොමින් හරි යාන්තං හවස් වීගෙන එද්දි කුඹුරෙ අපේ පැල පැත්තට එබිකමක් කොරන්ට අමතක කරන්නෙම නෑ...

එකෝමත් එක කාලෙක පොඩි නිලමෙයි මායි අතර තිබුණ බැඳීම ගැන මට අදහසක් නොතිබුණ බව හැබෑව... ඒත් එදා ඇළ ඉවුරෙදි සිද්ධ වෙච්ච දෙයින් පස්සෙ මට මගෙ හිත ගැන පවා තිබ්බෙ සැකයක්....

පොඩි නිලමෙගෙ හෙවණැල්ල වැටුණත් හෝ ගාලා ගැහෙන්න ගන්න මගෙ හදුන්පොත, තව, පොඩි නිලමෙ ඇස් මානෙන් ඈත ඉන්න වෙලාවට මගෙ හිතට දැනෙන්ට ගන්න කාන්සිය, සාංකාව.... ඒ මදිවට ඇස් රිදෙනකල් හැන්දෑයාමෙට පැලට වෙලා පාඩම් පොතක් හරි අතේ තියන් බලන් ඉන්ට මම කන කට්ට...

මෙව්වා ගැන මං අහලා තිබ්බනං ඒ කතා පොත්වල විතරයි.... මනුස්සයෙක්ගෙ හදවතකට තව හදවතක් රිංගන්ට මාන බල⁣නකොට හදවතේ අයිතිකාරයගෙ පපුව හයියෙන් ගැහෙන්ට ගන්නවලු... ඒ හදවත එහෙම ගැහෙන්නෙ තව හදවතක් මඟුල් බෙර වයලා පිළිගන්ට තියෙන කැමැත්ත බොහොම ඉහළ වෙලාවට විතරයිලු ⁣ඕං.... එහෙම මඟුලක් ගත්ත දාට හිත් ⁣පොජ්ජට තරම් වෙන මොකටවත් සන්තෝසයක් දැනෙන්නෙත් නැල්ලු.... හරි පුදුමයි නෙවද? එතකොට හදවත ගැහෙන්ට ගන්න තාලෙටම ඇඟ පුරා හිරිවැටිලා යන්නෙ මොළෙත් එක්ක සීතල වෙන්ටලු... ඒ හිරිවැටිල්ලටම බඩ පුරා සමනල්ලු දුවන කිතියක හැඟීම දැනෙන්ට ගන්නකොට ආදරේ හිතට පිරෙනකන් බලන් ඉන්න ඒ මනුස්සයාටවත් දරාගන්ට බැයිලු....

ලන්දේ උකුල උඩ | Sinhala BL Where stories live. Discover now