ආදරණීය අයියා වෙත,
අයියා කැම්පස් එකේ හොඳින් ඉන්නවද? නිවාඩුවෙන් පස්සෙ ඔහෙ ගියාම අපි නැතුව පාලු ඇති නේද? මට නං මෙහෙ පාලුයි. අපෙ මෝඩයා කොයි වෙලෙත් දුවන්ට ගියාට මට එහෙම යන්ට කියලා හැමතැනම යන්ට බෑනේ... මටත් දවසක ඔහෙ එන්ට තිබ්බනං කියලා හිතෙනවා... ඔය පැත්ත අවුරුද්දට මල් පිපිලා ඕසෙට ලස්සන ඇති නේද? මෙහෙත් කැලෑ මල් පිපිලා හරි සුවඳයි ඕං... අපෙ අයියලායි මායි අපෙ ක්‍රීඩා කරන කට්ටියක් හෙට කොළඹ යනවා... පොඩි නිලමෙත් යනවයි කිව්වලු ඕං... සම්මන්ත්‍රණයක් තියේලු මොකද්ද ඉස්කෝලෙක... ඒ හින්දා මං මේක අද හවස තැපැල් කරනවා... පාන්දරට පාඩම් කරනකොට සීතල නං කෝපි කොප්පයක් හදාගන්ට... හොඳට කාලා බීලා පරිස්සමිං ඉන්ට... බුදු සරණයි.
ආදරෙන්,
නිතික මල්ලි.යකඩෝ! මුගෙ ආච්චිට-
නෑ නෑ සමාවෙන්න අත්තම්මෙ- මුකුත් නෑ!
මං අතේ තිබ්බ ලියුම එහෙම්මම මේසෙට අතෑරියා! අපෙ එකාට මං හැර වෙන අයියෙක් කොයින්ද බන්? අපෙ අම්මලා මට හොරෙන් තව එකෙක්ව හදාගන්ටවත් ගත්තද? "ආදරණීය අයියා?" මොන යක්සයෙක්ද මේ?
අපෙ එකා හොඳට දුඹුරු පාට කවරෙක දාලා තිබ්බ ලියුම මං එළියට අරං කියෙව්වනං තමයි... ඒකත් තිබ්බ හැකේට... මං හිතන් උන්නෙ කෙල්ලෙක්ට ලව් ලෙටර් ලියනවා ඇතියි කියලා... එහෙම එකක් නෙවෙයි බැලින්නං කවුද හඳුනානොගත්ත අයියෙක්ට ලියපු ලියමනක් නෙව!
සරසවි ප්‍රේමෙ ලස්සනයි කිව්වට අපේකා මොන නාඩගමක්- හෝව්! සරසවි කියලා නේද කිව්වෙ! මොනෝත්තක්ද! එදා කෝලුත් ගත්තා... හෝව් හෝව්! මොකාක් හරි වැරැද්දක් තියෙනවා නෙව!
පොඩ්ඩක් හෙවිල්ලෙන් ඉන්ටෝන...
පෝස්ට් ඔෆිස් එකට ගිහින් එන්ට ඇඳුමක් දාගෙන එන්නං කියලා පැනගෙන ගියපු මල්ලි එන්ට කලින් මං ලියුම තිබ්බ විදිහටම අහුරලා එතනින් මාරු වුණා... මේ අයියා ඇහැ ගහගෙන ඉන්නෙ මල්ලෙ!
එව්වා මෙව්වා නෙවේ! දැන් හෙට අර කිව්වත් වගේ කොළඹ යන්ට තියෙනවා නෙව! අවුරුද්දෙන් පහු ඉස්කෝලෙ පටන්ගත්තත් හරි මෙන්න අපෙ භාසුරු සර් එනවා ඔෆිස් එකට ලියුමකුත් උස්සගෙන! කොහෙන්දෝ කොළඹ ඉස්කෝලෙකින් ආරාධනාවක්ලු අපෙ ඉස්කෝලෙ ක්‍රීඩා කරන ළමයි දහ දෙනෙක්ට සම්මන්ත්රණේකට එන්ට කියලා...
![](https://img.wattpad.com/cover/354130889-288-k546661.jpg)
ВЫ ЧИТАЕТЕ
ලන්දේ උකුල උඩ | Sinhala BL
Художественная прозаපොඩි නිලමෙ තරම් ආදරණීය මනුස්සයෙක් මට කවදාවත්ම මුණගැහිලා නෑ... මට විශ්වාසයි, කවදාවත් මට තවත් ඒ තරම් ආදරණීය හදවතක් මුණගැහෙන්නෙත් නෑ... කල්හාර මල් පාට නෑ කිව්වට, ඉබේටම පිපිලා, ඉබේටම පරවෙලා යනවා කිව්වට, කැලේ පිපුණ මලක් වුණ මට ජීවත් වෙන්න හුස්ම දුන්නෙ පස...