" Chapter 3 "

619 68 6
                                    

උදේම නැගිටපු මම wash එකක් දාගෙනම ගෙදරින් එලියට ආවා. කන්නවත් මට පිරියක් තිබ්බේ නැ. මට ආයිත් අපේ පරන ගෙදරට යන්න ඕනේ උනත් එ⁣තන දැන් අපිට අයිති නැ කියලා මතක් උනාම මන් එහෙම්ම හැරුනේ cemetery එක දිහාට.

පයින් ආපු නිසා විනාඩි තිහක් විතර ගියත් මන් cemetery එක දැක්ක ගමන් කට පුරෝලා හිනා උනා. මෙතන ඇත්තටම මට මහා ලොකු නිදහසක් සැනසීමක් දැනුනා...

මන් ගේට්ටුවෙන් ඇතුලු වෙනකොටම හිටපු security uncle ටත් හිනාවක් පාකරලා හෙමින් හෙමින් ඇතුලට ආවා. එහෙම ආපු මම නැවතුනේ J. හේවාවිතාරණ කියලා ගහපු සොහොන් කොතක් ලග... ඒක දැක්ක ගමන් හිනාවත් එක්කම ඇස් වලට කදුලු ඉනුවේ මට මේ ජීවිතේ තවත් බර කරලා.

" තාත්තේ... අනේ මට හරි අමාරුයි තාත්තේ. ඇයි අම්මා මට මෙහෙම කරන්නේ. එයා නියපොතු තුඩක තරන්වත් හීරීමක් වෙන්න නොදි මාව බලා ගත්තා තමයි. ඒත් එයාට තිබුනා වෙන කෙනෙක් කසාද බඳින්නේ නැතුව ඉන්න. මන් එයාව බලා ගන්නවනේ තාත්තේ..."

හුස්ම ගන්න අමාරුයි වගේ තේරුනාම මන් ටිකක් වෙලා අඩන එක නවත්තලා හුස්ම ගත්තා.

" මට ඔයාව ගොඩක් මතක් වෙනවා තාත්තේ. ඉන්න තැනකට මාවත් එක්කන් යන්න. ඉස්සරනන් අම්මා තනියෙම කියලා හිටියත් දැන් එහෙම උවමනාවක් නෑනේ. අම්මට දැන් කට්ටිය ගොඩක් ඉන්නවා. එයාව බලා ගන්න කෙනෙක් ඉන්නවා. දැන් මන් ඕනේ නෑනේ. මාව ඔයා ඉන්න තැනට ගන්නකෝ තාත්තේ...."

පපු⁣වටත් ගහගෙන මන් හයියෙන්ම අඩන්න ගත්තා. ටික වෙලාවක් අඩපු මම අඩන එක නවත්තලා තාත්තගේ සොහොන උඩින් ඔලුව තියා ගත්තේ හෙමින් හුස්ම ගන්න ගමන්මයි. මේ හුස්ම මෙහෙමම නැවතිලා යනවානම් කියලා මට හිතුනා.

කෙනෙක් කියයි මන් මහ ආත්මාර්ථකාමී පුතෙක් අම්මා සතුටින් ඉද්දි සතුටු වෙන්න බැරිද කියලා. අනේ එහෙම නෙවෙයි මට සතුටුයි අම්මා සතුටින් ඉන්න එකට. ඒත් කෝ මගේ සතුට... එක පෑල දොරෙන් යන්නම ගිහිල්ලා. ආයි නෙයෙන්නම. තාත්තා නැති උනු දවසෙමයි මගේ සතුටත් මගෙන් ඈත් උනේ.

අම්මව බලා ගන්න ජීවත් උනු මට දැන් ඒ වගකීමත් නැති තැන මන් ඇයි තවත් දුක් විදින්නේ කියලා මටම තේරෙන්නේ නැ. තාත්තත් හිටියනම් මන් මේ ලෝකේ සතුටින්ම ඉන්න කෙනා වෙන්න තිබ්බා...

නොනිමි සඳWhere stories live. Discover now