" Chapter 9 "

398 43 3
                                    

" ඔයාගේ සම්පූර්ණ නම මොකක්ද හලෝ.."

" ඒක මොකටද තමුසෙට.."

" දැන ගැනීම පිනිස ඇහුවේ.. හදිසියක් උනොත් මන් ⁣කොහොමද කාගෙන්වත් අහන්නේ ඔයා කොහෙද කියලා..."

" දන්න නමින් හොයපන්.."

" ඒ නම හැමෝම දන්නේ නැත්තන්.."

" උබට වැඩක් නැනේ. එහෙම හදිසි වෙන එකක් නැ.. කටවහන් ඉදපන් දැන්.."

මන් කටවහගෙන සීට් එකට ඔලුව තියා ගත්තා.. මායි උගුඩුවයි හිටියේ පාරේ.. ඇත්තම කිව්වොත් උ වැඩට යනවා මන් ඉස්කෝලේ යනවා.. නිකමට නම ඇහුවම කියන්න බැරි හැටි.. කමක් නැ අද අම්මාගෙන්ම අහගන්නවා..

දැන් දවස් දෙකකට කලින් ආයි ගෙදර එන්න හිටපු මිනිස්සු දෙන්නා තාමත් ගෙදර ආවේ නැ.. වැඩ කියලා කොළඹටම වෙලා ඉන්නවා... මටත් හොරා එහේ පදිංචි උනාද දන්නේ නැ..

ඉතින් මේ ගෙව්නු දවස් දෙකේම මන් ඉස්කෝලේ ගියේ කේෂ් අයියා එක්ක වගේම ආවේ පීටර් අන්කල් එක්ක... අර මොකක්ද රෙද්දක් නිසා මන් ඉන්නේ මේ දවස් දෙකට හොඳ පන ගිහිල්ලා.. ඒ අස්සේ හෙට මට මීට් එක.. මන් ඒකට යන්න ඕනේ.. practice කරලත් නැ.. මාව පිස්සෙක් වෙයි දෙයියනේ...

මන් මනෝලෝකෙන් මේ ලෝකෙට ආවේ කේෂ් අයියා ගිරියකඩා ගන්න හදනවා ඇහිලා.. ඒත් එක්කම බෑග් එකත් අරගෙන අයියට යනවා කියාගෙන මන් ගේට්ටුවෙන් ඇතුලට ආවා... මන් යනකොට බල්ලෙක්වත් නැ ඉස්කෝලේ ඇතුලේ..

දැන් ඉදන්ම අපි ඩිව්ටි කරන්න ඕනේ.. ඕත් එකත් ලගදිම තියේවි.. ඒකට රෙඩි වෙන්නත් වෙයි.. ඔක්කොම වැඩ ගැන හිතද්දි මගේ මොලේ සමනැල් ගැටේ වැටෙන්න ආපු නිසා මන් ඔලුව හොල්ලලා ඒක අමතක කරන්න ට්‍රයි කරා..

මන් ක්ලාස් එකට නොයා කෙලින්ම ගියේ ප්‍රිෆෙක්ට් රූම් එකට.. නිකන් ක්ලාස් එකෙන් ⁣බෑග් එක තිබ්බා කියලා වැඩක් නැ අද යන්න වෙන්නේ නැ එහේ..

මන් යනකොටත් අකිල අයියා ඉන්නවා හෙනකදයා වගේ ඉස්සරහම හිටගෙන..

" ආ... මල්ලේ... එන්න එන්න. අපේ හෙඩා.. වැඩ ගොඩයි කොල්ලෝ අද.. මොනා හරි අව්ලක් තිබ්බොත් මට කතා කරන්න. උබට ඒක කියලා යන්නමයි මන් හිටියේ... එහෙනම් මන් ගියා.."

නොනිමි සඳWhere stories live. Discover now