" Chapter 19 "

314 45 7
                                    

" උබ අව්ලින්ද ඉන්නේ.."

" ම්හු.. ඔයාගේ ගෙදර මතක් උනා.."

" යන්න ඕනෙද.."

" ආසයි.."

මන් ශාක්‍ය අයියා දිහා බලලා හිනා උනාම එයා මගේ ඔලුව අතගෑවා.. පොඩි දරුවෙක්ට වගේ එයා මට සලකන එකට මන් හරි ආසයි.. ඒක බාප්පා කෙනෙක් පුතෙක්ට සලකන විදියට වඩා වෙනස් උනු එකට මට ඇත්තටම සතුටුයි.. එහෙම නොව්නනම් එහෙම මට වෙන්නේ නිල්වලා ගඟට පැනලා දිවිනසා ගන්න..

" පන්ති ⁣ඉවර වෙන්නේ කීයටද..""

" ම්ම් අටහමාර පහු වෙයි.. දැන් යන්නත් ඕනේ.."

මන් වෙලාව බලලා ශාක්‍ය අයියට කිව්වම එයා ඔලුව වනලා මට නැගිටින්න අත දුන්නා.. මන් හිටියේ පූල් එක ගාව වාඩි වෙලා.. ශාක්‍ය අයියා වගේ හිගන ස්වරූපෙන් නෙවෙයි.. මන් පැත්තකින් වැදගත් විදියට වාඩි වෙලා හිටියේ..

එක අතකට ඉතින් උගේ ගෙදර උ උට ඕනේ තැනක වාඩි උනා කියලා ඇති වැරැද්දකුත් නැනේ.. අනේ මන්දා.. ඕවා හිතන්න ගිහිල්ලා මගේ මොලේට සමනැල් ගැටේ වැටෙනවා..

" හවසට මන් එක්කන් යන්න එන්නම්.. කෝල් එකක් දෙන්න ඉවර වෙලා.."

" කොහෙද.."

" අපේ ගෙදර බන්.."

මන් හිනා වෙලා ඔලුව වැනුවා.. අපේ ගෙදර.. ඒකට මන් ආසයි.. ශාක්‍ය අයියා හිතලම කිව්වද නොහිතා කියවුනාද කියන්න මන් දන්නේ නැ.. හැබැයි මට විශ්වාසයි එයා අපේ ගෙදර කිව්ව පලවෙනි පාර මේක නෙවෙයි..

°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
" කෝ උබේ සපුමල් කුමාරයා.."

" ඒවි දැන්.. උබ නැති ටිකේ මාර දේවල් ටිකක් සිද්ද උනේ.."

මායි අශේනයයි හිටියේ ක්ලාස් එකේ ඉන්ටවල් එක බුක්ති විදින ගමන්.. ආපු ගමන්ම පරක්කු වෙලා තිබ්බ නිසා ක්ලාස් එකට ආපු නිසා ගෙවුනු දවස් ටිකේ චිරාග් එක්ක මොනාද උනේ කියලා මට අහගන්න බැරි උනා අශේන්ගෙන්..

" කියපන් ඉතින්.."

මන් බයිට් ටිකක් කටට හලා ගත්තා..

" චිරාග් මට කතා කරා බන්.. නෝට් වගයක් ඉල්ල ගන්න තියෙයි කියලා හැබැයි.."

නොනිමි සඳWhere stories live. Discover now