" Chapter 14 "

334 44 10
                                    

" ශාක්‍ය අයියේ...."

මන් පඩිපෙලත් බැහැගෙන පල්ලෙහාට ගියේ අර උගුඩුවව හොයාගෙන.. ඊයේ මන් ඒ යකාවත් ඇදගෙන මට බඩුවගයක් ගන්න ගියා.. කොහෙද මන් ගත්තු ඒවගෙන් පොඩ්ඩයිනේ මගේ කාමරෙ තිබ්බේ අද බලද්දි.. මන් ගත්තු ෂවර් ජෙල් එක ආගිඅතක් නැ..

මන් කුස්සියේ බැලුවා.. ම්හු එහෙ නැ.. Tv area එකේ බැලුවා.. නෝව්... සාලෙත් බැලුවා.. එකෙත් නැ.. මේ පතාක ගෙදර මන් කොහොමද මේ වයසක මනුස්සයව හොයා ගන්නේ දෙයියනේ.. අම්මටසිරි අයියාට අද වැඩද දන්නේ නැ... ඒක ගැන කල්පනා කරද්දි අද නයිට් නෑ කිව්වනේ ඊයේ.. එතකොට කෝ මේ මිනිහා... ආහ්.....

මන් ආයි අම්මලගේ කාමරේ ලගට ගිහිල්ලා එයාට කතා කරා.. කොහෙන් හරි හොයා ගන්න එපැයි මගේ බඩු ටික..

" අම්මා... අම්මා.."

" මොකෝ කෑගහන්නේ.. "

" ඔයා අර උගු- නැ මේ.. ශාක්‍ය අයියව දැක්කද.."

අම්මා මන් දිහා අමුතු විදියට බලන් හිටියා.. මන් ඇයි කියලා අම්මගෙන් ඇස් වලින් ඇහුවා.. අම්මා ආයි මන් දිහා  ' මේ මොන පිස්සෙක්ද ' වගේ බලන් ඉදලා ටිකකින් මගේ පිටපස්ස ⁣ඇස් වලින් පෙන්නුවම මන් එහෙම්ම යූ ටර්න් එකක් ගහලා පිටි පස්ස හැරෙද්දි ගෝඨයිම්බර වගේ ශාක්‍ය අයියා ඉන්නවා හිටගෙන...

අම්මා මන් දිහා එහෙම බලපු එක එක අතකට හරි ඉතින්.. ඒත් මන් දැක්කේ නැනේ මේ මිනිහා මෙතන ඉන්නවා.. මට එච්චර දේවල් හිතන්න උනේ නැ මන් ඇදන් ඉදපු හූඩි එකේ කරෙන් අල්ලගෙන මේ යෝද⁣යා මාව ඇදගෙන උගේ කාමරේට ආවා.. ඒ කරල මට ටොක්කුත් ඇන්නා..

" මොකද ගේම දෙවනත් වෙනකන් කෑගහන්නේ.."

" තවුසේ කලින් කාමරේ හිටියේ නැනේ.. "

" Washroom එකක් මේක අස්සෙම තියෙනවා කියලා ඔය ඉබි මොලේට තේරුනේ නැද්ද අභි.."

" හරි ඒකෙන් වැඩක් නැ.. කෝ මගේ ෂවර් ජෙල් එක.."

" ⁣ඔයා කියන්නේ අර රෝස පාට එක ගැනද.."

" ම්ම් ම්ම්..⁣  තවුසේ කො⁣හාටද ඒක දැම්මේ.."

" කන අස්සේ කෑගහන්න එපා බන්.. මන් ඒක ගත්තා.. පස්සේ එකක් ⁣ගෙනල්ලා දෙන්නම්.."

නොනිමි සඳWhere stories live. Discover now