" Chapter 4 "

533 66 7
                                    

මන් මේ ගෙදරට ඇවිල්ලා ගෙවෙන පස්වෙනි දවස මේ... මේ ටිකේම අමුතු අමුතු දේවල් මේ ගෙදර වෙනවා කියලා තේරුනත් ⁣අනේ මන්දා මට ඒක හරියට හොයා ගන්න බැරි උනා. ඒ අස්සේ මට දැනුනේ අම්මා ගැන බයක්. හිටපු ගමන් මතු වෙන ආයිත් පේන්නවත් නැති වෙන පිරිමි කෙනෙක් නිසා මාව සම්පූර්ණම ව්‍යාකූල වෙලා තිබ්බා...

එදා කෑම කනකොට අදුර ගන්නම් කියලා හිටියත් ඒ මනුස්සයා අයිත් මගේ මූන ඉස්සරහට ආවේ නැ වගේම දැන් දවස් තුනක විතර ඉදලා ඒ යකාව දකින්නවත් නැ... හරිම ගුප්තයි. එහෙමයි කියලා ඉතින් මේ විසාල ගේ අස්සේ මන් ඒ මිනිහව හොයන්නද...

ඕවා හිත හිතාම මන් කාමරේ ඉදලා එලියට ආවා. එනකොටම හම්බුනේ පී⁣ටර් අන්කල්ව. දැන් වෙනකොටනම් අන්කල් මගේ බොක්කේ ෆිට් එක වෙලා තිබ්බේ. ඒ නිසාම එයාගේ පිටටත් දබොස් ගාලා එකක් ගහගෙන හිනා වෙවීම මන් පඩිපෙල බැහැගෙන ආවා... පව් වයසක මනුස්සයා මොනවා උනත්. රිදුනත් දන්නේ නැ...

ඔහ්... අර ගෝනිබිල්ලා නේ මේ... බුදු අම්මෝ දැක්ක කල්. අදවත් මට මූ කව්ද කියලා දැන ගන්න පුලුවන් වෙයි.

" පුතා එන්න වාඩි වෙන්න. දැන්නම් ටිකක් දෝදු ගතිය ගිහිල්ලා වගේනේ. "

විජේ අන්කල් හිනා වෙලා කිව්වේ මේ ටිකේම මන් හිටියේ ඒ මනුස්සයට ගහගන්න බැරුව වගේනේ. මන් අන්කල් එක්ක තරහ නැ. අම්මා මට නැතිවෙයි කියන බය විතරයි මට තිබ්බේ. ඒත් ඒක එහෙම වෙන්නේ නැ කියලා තේරුනාම මන් තීරනේ කරා එයත් එක්ක හොදට ඉන්න.

" හම්ම්. අම්මා මොනාද කන්න තියෙන්නේ."

වෙනදා පුරුද්දට ඇහුවත් මන් ආයි අත් දෙකෙන්ම කට වහ ගත්තේ වැඩේ නාගත්තා වගේ කියලා තේරුනු නිසා. ඒත් ලොකු අව්ලක් නැ වගේ. අම්මා හිනා වෙලා තියෙන දේවල් පෙන්නුවා. මේවනම් හදලා තියෙන්නේ අම්මා කියලා මට දැක්ක ගමන් කියන්න පුලුවන්.

ඒ අතරේ මන් හොරාට ඇහැ දැම්මේ අර මිනිහා ලගට. ඒ යකා මාර සැර පාටයි. ඒත් මාර handsome පොරක්. අහ් මෙහෙම හිටියට මාත් හෙන handsome තමයි. මේ පැත්තේ තියෙන ගොඩක් Girls school වල වගේම Mix school වල කෙල්ලෝ මට පැනි හලාගෙන ඉන්නේ...

" අම්මා මේ කව්ද. මන් මීට කලින් දැකලා නෑනේ.."

අම්මා ආපු වෙලේ ඉදලා විජේ අන්කල් දිහා බලනවා ගිලිනවා ආයි ටිකක් බලනවා ආයි ගිලිනවා මන් කිව්වේ කෑම ගැන. මේ මිනිහා කව්ද කියලා කියන්නෙම නැති තැන මන් ඇහුවා. ඇයි යකෝ දැන් මට පැනික් ඇටෑක් එකක් ⁣එනවා මු කව්ද කියලා හිතලම..

නොනිමි සඳWhere stories live. Discover now